“නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා”
1 “ඔබේ සංවිධානයේ සාමාජිකයන්, ඇත්තෙන්ම ප්‍රීතියට හේතුවක්! ඔවුන්ගේ හැසිරීම ඉතාමත්ම ආචාරශීලී මෙන්ම ගෞරවාන්විතයි.” එසේ නිරීක්ෂණය කළේ අපේ දිස්ත්‍රික් සමුළුවක් පැවැත්වූ එක්සත් ජනපදයේ නගරයක සමුළු සහ අමුත්තන් පිළිබඳ විමසුම් කාර්යාලයකින්. මහජනයා ඉදිරියේ අපි හැසිරෙන ආකාරය කියාපාන එවැනි නිරීක්ෂණ අපව මහත් සේ දිරිගන්වනවා. මෙයින් පෙනී යන්නේ සමස්තයක් හැටියට ‘අපි කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලබන’ බවයි.—1 කොරි. 16:14.
2 ගෙදර සිට සමුළුව පවත්වන ස්ථානය කරා යෑම සමහරුන්ට අභියෝගයක්. බොහෝදෙනෙකු වාර්ෂික සමුළුවලට සහභාගි වීමට දරන්නා වූ උත්සාහයන් ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. හද උණුසුම් කරවනසුලුයි. පසුගිය අවුරුදුවලදී යුධ කලාපවල ජීවත් වන අපේ සමහර සහෝදරයන් මේ සමුළුවලට සහභාගි වී තිබෙනවා. මෙය අපිට මොනතරම් දිරිගැන්වීමක් සපයනවාද! එමෙන්ම අපි සමඟ සියලුම දිස්ත්‍රික් සමුළුවලට සහභාගි වීමට අපේ සහෝදරයන් දරන අභීත වෑයම දෙස බලද්දී, ඔවුන් කෙරෙහි මොනතරම් හෘදයාංගම ආදරයක් අප තුළ ජනිත වෙනවාද!
3 අපෙන් බොහෝදෙනෙකුට ගමන් බිමන් යෑමට සාපේක්ෂ වශයෙන් නිදහසක් තිබෙනවා. ආරක්ෂක මුරපොළවලින් අපේ හැඳුනුම්පත් සෝදිසි කිරීමෙන් පසු සමහරවිට අපිට කරදරයක් නොකරම යෑමට ඉඩහැර තිබෙනවා. අමතර හඳුන්වා දීමක් අවශ්‍ය නම්, අපි දිස්ත්‍රික් සමුළුවට ගමන් කරද්දී පැළඳ සිටින දිස්ත්‍රික් සමුළු ලැපල් කාඩ්පත පෙන්විය හැකියි. තවදුරටත්, අප ළඟ සැමවිටම තබාගැනීමට දිරිගන්වන, පුරවා සම්පූර්ණ කර ඇති අපේ රුධිර වෛද්‍ය නියෝගය පෙන්විය හැකියි. ඊටත් අමතරව, අප යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකයෙක් ලෙස හඳුන්වා දෙන, සභාවෙන් නිකුත් කරන ලද, මුලසුන භාර අවේක්ෂක විසින් අත්සන් තබා ඇති හැඳුනුම් පතද ඉදිරිපත් කළ හැකියි. සියලුම බව්තීස්ම ලත් සහ නොලත් ප්‍රචාරකයන් මේ හැඳුනුම් පතක් ලැබීමට සුදුසුකම් ලබනවා. (S-65) අපි ද්‍රවිඩ වුණත්, සිංහල වුණත්, වෙනත් ජාතියකට අයත් වුණත්, අවශ්‍ය කරන්නාවූ සියලුම හැඳුනුම් පත් සම්පූර්ණයෙන්ම සහ නිවැරදිව පුරවා ඇද්දැයි කියා සෝදිසි කර බැලීම වටිනවා.
4 අපි ආණ්ඩුවේ නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ප්‍රසන්න, කාරුණික සහ ගෞරවාන්විත ආකාරයෙන් කටයුතු කිරීමට අපව ක්‍රිස්තියානි ප්‍රේමය මගින් පෙලඹවිය යුතුයි. මහජනයා වෙනුවෙන් බැරෑරුම් වැඩ කොටසක් ඉටු කිරීමට ආරක්ෂක අංශවලට පැවරී තිබෙනවා. ඔවුන්ගේ එම වැඩය බොහෝවිට වෙහෙසකර සහ අනතුරුදායක එකක්. එමනිසා පවතින වාතාවරණය තුළ හැකි සෑම අයුරින්ම ආරක්ෂාව සැපයීම සඳහා ඔවුන් දරන වෑයම අපි මහත් සේ අගය කළ යුතුයි.
5 සියල්ලන් වෙනුවෙන් යහපත කිරීම: යහපත් ආචාරධර්ම සහ ආදර්ශවත් හැසිරීම සඳහා අපව පොලඹවන්නේ යෙහෝවා කෙරෙහිත් අපේ අසල්වැසියන් කෙරෙහිත් අප තුළ ඇති ප්‍රේමයයි. (මතෙ. 22:37-39; යාකො. 3:13) සැමෝම ඉදිරියේ ප්‍රේමනීය මෙන්ම සැලකිලිමත් ආකාරයෙන් කටයුතු කරන්ට බයිබලය අපිට උනන්දු කරනවා. (ගලා. 6:10) අපි හෝටලයක, තානායමක, රාජ්‍ය ශාලාවක හෝ වෙනත් කෙනෙකුගේ නිවසක නවාතැන් ගැනීමේදිත් එම ප්‍රතිපත්තිය අදාළ වෙනවා.
6 “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට අපි මහත් ආශාවකින් පසු වෙනවා. නවාතැන් වෙන් කරගැනීම සහ ගමනාගමන සැලසුම් වැනි දේ ඇතුළුව සමුළුව සඳහා අවශ්‍ය තරම් සූදානම් කිරීම් ඔබ දැනටමත් කර තිබෙනවාද? හෝටලේදී වේවා සමුළුව පවත්වන ප්‍රදේශයේදී හෝ වේවා, අපේ හැසිරීම් රටාවෙන් අපේ හදවත්වල ඇති සත්‍යයත්, අපේ මැවුම්කරුවා කෙරෙහි ඇති ප්‍රේමයත් පිළිබිඹු කරනු ලැබේවා!