සේවා රැස්වීම් වැඩසටහන
ජූනි 12න් පටන්ගන්නා සතිය
විනා. 8: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “ඔබ දරන වෙහෙස නිෂ්ඵල වන්නේ නැත.” හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකින් ඉදිරිපත් කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. 1996 ජූනි 15 මුරටැඹ සඟරාවේ 32වන පිටුවේ සඳහන් අද්දැකීමද ඇතුළත් කරන්න.
විනා. 22: ඕනෑ කරන්නේ විවරණිකාවෙන් බයිබල් පාඩම් පටන්ගැනීම. 1999 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ පළ වූ ලිපියේ තොරතුරු යළි සලකා බලමින් ඉදිරිපත් කරන කතාවක්. හයවන ඡේදයේ සඳහන් ඉදිරිපත් කිරීම නිරූපණය කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමේදී සාර්ථකත්වයක් ලබා තිබෙන ප්‍රචාරකයන් දෙතුන්දෙනෙකුව තෝරාගෙන, ඔවුන් පාඩම හඳුන්වා දුන් ආකාරයත් පාඩම දිගටම කරගෙන යෑම සඳහා ඔවුන් කළ දේවල් ගැනත් පැවසීමට ඔවුන්ට ආරාධනා කරන්න.
ගීතිකාව 209 සහ අවසාන යාච්ඤාව.
ජූනි 19න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. පසුගිය මාස තුනේ ගිණුම් විගණනය කළ බව නිවේදනය කරන්න. යෞවනයෝ අසති පොත් සභාවේ තිබෙනවා නම්, ඉදිරි මාසවලදී සේවයේ හවුල් වෙද්දී නහඹරයන්ව හමු වන විට මේ පොත ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 8: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 25: ‘යමෙක් මඟ පෙන්නුවොත් මිස නැත්නම් . . . කොහොමද?’ සේවා අවේක්ෂක විසින් මෙහෙයවන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. සෑම ඡේදයක්ම පැහැදිලිව කියවන්න. තුන්වන, හතරවන හා හත්වන ඡේදවල සඳහන් ශුද්ධ ලියවිලි පාඨද කියවන්න. බව්තීස්ම ලත් අය සමඟ නැවත බයිබල් පාඩම් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේදී සේවා අවේක්ෂකගේ වැඩ කොටස හයවන ඡේදය සලකා බලද්දී පැහැදිලි කරන්න.—1998 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.
ගීතිකාව 89 සහ අවසාන යාච්ඤාව.
ජූනි 26න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ජූනි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ජූලි මාසයේ ඉදිරිපත් කරන පොත් පත් සලකා බලන්න. සභාවේ තිබෙන පරණ විවරණිකා පෙන්වා, ඒ එක් එක් විවරණිකාවේ අරමුණ කෙටියෙන් පැහැදිලි කරන්න. ඒවායින් එකක් ඉදිරිපත් කළ හැකි ආකාරය හොඳින් සූදානම් කළ නිරූපණයක් මගින් පෙන්වන්න.
විනා. 17: ‘ත්‍යාගශීලී වීමට හා බෙදා දීමට ලැදිව සිටින්න.’ ප්‍රශ්නෝත්තර. 1996 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 29-30 දක්වා පිටුවල සඳහන් “අප දෙන හේතුව” නමැති උපමාතෘකාව යටතේ සඳහන් හේතු හතරද ඇතුළත් කරන්න.
විනා. 18: උත්තරයක් දෙන ආකාරය දැන සිටින්න. (කොලො. 4:6) කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ශුද්ධ ලියවිල්ලට එකඟ නැති ඉගැන්වීම් ගැන ප්‍රශ්න කරන කෙනෙක් ඔබට හමු වූ විට, ඔබ මොනවද කරන්නේ? උපායශීලී ලෙස උත්තරයක් දෙන ආකාරය ගැන ප්‍රායෝගික යෝජනා සපයන අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල ප්‍රයෝජනවත් තොරතුරු ඇතුළත් වෙනවා. උදාහරණයක් හැටියට, ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය මගින් ජයගනු ලබන සතුරෙක් හැටියට අපි මරණය සැලකුවත්, කිසිම දෙයකට මරණය නැති කර දැමිය නොහැකි බව කියන අය මෙන්ම පුනරුත්පත්තිය නමැති මිථ්‍යා මතය පවා විශ්වාස කරන අය සිටිනවා. මේ කාරණය ගැන ඕනෑ කරන්නේ විවරණිකාවේ 5වන හා 11වන පාඩම්වල තිබෙන කරුණු ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. දේවසේවයේ යද්දී මේ විවරණිකාව රැගෙන යෑමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකාව 44 සහ අවසාන යාච්ඤාව.
ජූලි 3න් පටන්ගන්නා සතිය
ගීතිකාව 213
විනා. 10: සභා නිවේදන. “ප්‍රගතිශීලී බයිබල් පාඩමක් පවත්වන්න” නමැති කොටස සාකච්ඡා කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවෙන් පාඩම් පටන්ගෙන තිබෙන ප්‍රචාරකයන්ගෙන්, ප්‍රගතිශීලී ලෙස පාඩම් පවත්වා තිබෙන ආකාරය ගැන අසන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පවුල් ජීවිතය ශක්තිමත් වෙනවා. තර්ක කිරීම (ඉංග්‍රීසියෙන්, rs) නමැති පොතේ 253-4 දක්වා පිටුවල සඳහන් කරුණු අට පදනම් කරගනිමින් සහෝදරයන් දෙදෙනෙකු අතර කෙරෙන සාකච්ඡාවක්. පවුලේ සන්තෝෂයට රහස දෙවිගේ වචනයේ සඳහන් ප්‍රතිපත්ති තේරුම්ගෙන අදාළ කරගැනීම බව බයිබල් ශිෂ්‍යයන්ට දැනගැනීමට උපකාර කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවේ 8වන පාඩමේ සඳහන් තොරතුරු යොදාගනිමින් උපකාර කළ හැකි ආකාරය නිරූපණය කරන්න. බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පවුල්වල සාමාජිකයන් අතර ඇති බැඳීම ශක්තිමත් වන අතර, ප්‍රේමය හා එකමුතුකම වැඩිවීමෙන් ඉමහත් සන්තෝෂයක් භුක්ති විඳින්න පුළුවන්. පවුලේ සන්තෝෂය පොතේ 13වන පරිච්ඡේදයේ 1වන සහ 21-2 ඡේදවල සඳහන් අද්දැකීම ඉදිරිපත් කරන්න.
ගීතිකාව 51 සහ අවසාන යාච්ඤාව.