නිවේදන
◼ මාර්තු මාසයේ ඉදිරිපත් කරන පොත්: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තනි කලාප. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ලබා දී, නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න.
◼ අප්‍රියෙල් සහ මැයි මාසවලදී උපකාරික පුරෝගාමී සේවය කරන්න බලාපොරොත්තු වන ප්‍රචාරකයන් දැන්ම තමන්ගේ කටයුතු සැලසුම් කරගෙන, කල්වේලා ඇතුව තමන්ගේ අයැදුම්පත බාර දෙන්න. මෙසේ කිරීම, ක්ෂේත්‍ර සේවය සඳහා අවශ්‍ය කටයුතු පිළියෙළ කිරීමටත් ඇති තරම් සඟරා හා පොත් පත් ප්‍රමාණයක් සභාව සතුව තබාගැනීමටත් වැඩිමහල්ලන්ට උපකාරවත් වෙනවා. උපකාරික පුරෝගාමී සේවය කිරීමට අනුමැතිය ලැබූ සියලුදෙනාගේම නම් සෑම මාසයකම නිවේදනය කළ යුතුයි.
◼ සභා පොත් පාඩම්වලදී පාඩම් කරන්න යන දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොත සඳහා සම්පූර්ණ කාලසටහන අපගේ රාජ්‍ය සේවාවේ මෙවර කලාපයේ දකින්න තිබෙනවා. සතියට නියමිත කොටස කුමක්ද කියා පහසුවෙන්ම බලාගැනීම සඳහා මෙහි ඡායා පිටපතක් ගෙන ඔබේ පොත තුළ තබාගත හැකියි.
◼ මුලසුනභාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලැබූ කෙනෙකු මාර්තු 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. මෙය කළ පසු ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ගිණුම් පරීක්ෂා කළ බවට සභාවට නිවේදනයක් කළ යුතුයි.
◼ සිහි කිරීම පවත්වන්නේ 2000 අප්‍රියෙල් 19වන බදාදාය. එම බදාදා ඔබේ සභාවේ රැස්වීම් පැවැත්වෙනවා නම්, රාජ්‍ය ශාලාව භාවිත කළ හැකි සතියේ වෙනත් දවසක, එම රැස්වීම් පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ යුතුයි. එසේ සැලසුම් කිරීමට අපහසු නිසා ඔබේ සේවා රැස්වීම පැවැත්වීමට නොහැකි වනවා නම්, ඔබේ සභාවට විශේෂයෙන් අදාළ වන කොටස් වෙනත් සේවා රැස්වීමකට ඇතුළත් කළ හැකියි.
◼ සභාවක් සමඟ ඇසුරු කරන අය, මුරටැඹ සහ පිබිදෙව්! සඳහා තමන්ගේ පෞද්ගලික දායක ඇතුළු සියලුම අලුත් හා අලුත් කළ යුතු දායක තමන්ගේ සභාව මාර්ගයෙන් එවිය යුතුයි.
◼ සමිතිය ප්‍රචාරකයන්ගේ පෞද්ගලික පොත් පත් ඉල්ලුම් සපුරාලන්නේ නැහැ. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුනභාර අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙමගින් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට වුවමනා කරන සියල්ලන්ටම, ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට ප්‍රස්තාව ලැබෙනවා. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් වන ප්‍රකාශන මොනවාද කියා මතක තබාගන්න.
◼ සභාවන්ට මුරටැඹ පුස්තකාලය—1999 සංස්කරණය දැන් ඉල්ලුම් කළ හැකියි. මෙම සංයුක්ත තැටිය ලබාගත හැක්කේ 1997 සංස්කරණය ලබාගත හැකි වූ භාෂා නවයෙන්, එනම් ඉංග්‍රීසි, ඉතාලි, ඕලන්ද, ජපන් (වින්ඩෝස්වලින් ලබාගත හැකි ජපන් අනුවාද ඉල්ලුම් කරන්න), ජ’මන්, ඩේනිෂ්, පෘතුගීසි, ප්‍රංශ හා ස්පාඤ්ඤ යන භාෂාවලින් පමණයි. සභාවන්ට මේ සඳහා තමන්ගේ ඉල්ලුම් ඉදිරිපත් කළ හැකියි. මේවා විශේෂ ඉල්ලුම් අයිතම බව මතක තබාගන්න.
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
සාමකාමී නව ලොවක ජීවිතය (පත්‍රිකා අංක 15)—හින්දි
මුරටැඹ ප්‍රකාශන සූචිය 1999—ඉංග්‍රීසි
මියගිය ප්‍රේමනීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද? (පත්‍රිකා අංක 16)—බෙන්ගෝලි, හින්දි
ඔබට බයිබලය විශ්වාස කළ හැකි හේතු (පත්‍රිකා අංක 13)—හින්දි
◼ අලුතින් ලබාගත හැකි බ්රේල් ප්‍රකාශන:
2000 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (වෙළුම් 3)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
යෙහෝවා—ඔහු කවුද? (පත්‍රිකා අංක 23; එක වෙළුමයි)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි; පළමු ශ්‍රේණියේ ස්පාඤ්ඤ
යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද? (පත්‍රිකා අංක 24; එක වෙළුමයි) —දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
බ්රේල් ප්‍රකාශන සඳහා කරන ඉල්ලුමෙහි ATTENTION: BRAILLE DESK යනුවෙන් සඳහන් කරන්න. බ්රේල් ප්‍රකාශන භාවිත කරන පුද්ගලයාගේ නම හා ලිපිනයද ඇතුළත් කරන්න.