ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/00 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 2/00 7 පි.

නිවේදන

◼ පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: පවුලේ සන්තෝෂයට රහස. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තනි කලාප. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර, ඔවුන් සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න.

◼ ලේකම් සහ සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ සේවා ක්‍රියාකාරකම් සලකා බැලිය යුතුයි. නියමිත පැය අවශ්‍යතාව සපුරාලීමට යමෙකුට නොහැකි නම්, ඔහුට හෝ ඇයට උපකාර ලබා දීමට වැඩිමහල්ලන් කටයුතු පිළියෙළ කළ යුතුයි. මීට අදාළ යෝජනා සඳහා සමිතිය වාර්ෂිකව යවන ඔක්තෝබර් 1 දිනැති ලිපියේ (S-201) කරුණු සලකා බලන්න. එමෙන්ම 1986 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ “දිගින් දිගට සිදුවන වර්ධනය, කටයුතු සරලකිරීමක් අයැද සිටී” යන ලිපියේ 12-20 දක්වා ඡේද බලන්න.

◼ වසර 2000 අප්‍රියෙල් 17වනදායින් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී පාඩම් කරන්නේ දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතයි.

◼ සම්මාදම් හසුරුවන විට, දී තිබෙන ක්‍රියාපිළිවෙත අනුගමනය කරන බවට සභා සේවා කමිටුව සහතික විය යුතුයි. “පොත් පත්, සඟරා සහ ගිණුම් සේවකයන් සමඟ රැස්වීම සඳහා දළ සටහන” නමැති උපදෙස් පත්‍රයේ 4වන පිටුවේ එම ක්‍රියාපිළිවෙත පිළිබඳව මෙසේ සඳහන් වෙනවා: “සෑම රැස්වීමකටම පසුව සම්මාදම් පෙට්ටිවලින් මුදල් අරගෙන, සෑම සතියකම බැංකුවේ තැන්පත් කළ යුතුයි. රාජ්‍ය ශාලා සම්මාදම් පෙට්ටිවලින් මුදල් ගනිද්දී, සහෝදරයන් දෙදෙනෙක් සැමවිටම සිටිය යුතුයි. දෙදෙනා මුදල් ගණන් කර, පිටපතක් ලැබෙන සේ රිසිට්පතේ අත්සන් කළ යුතුයි. මුල් රිසිට්පත හා දෙවන පිටපත විගස වෙන වෙනම ගත යුතුයි. ගිණුම් භාර සහෝදරයා මුල් රිසිට්පත තබාගත යුතු අතර, දෙවන පිටපත ලේකම්ට දිය යුතුයි. සභා පොත් පාඩම්වලදී, මෙහෙයවන්නා හා ඔහුගේ සහයක සම්මාදම් ගණන් කර, දෙවන පිටපතක් ලැබෙන සේ රිසිට්පතට අත්සන් කළ යුතුයි. මුදල් සමඟ මුල් රිසිට්පත ගිණුම්භාර සහෝදරයාට දිය යුතු අතර, දෙවන පිටපත ලේකම්ට දිය යුතුයි. ලේකම් තමන්ට දෙන සියලුම රිසිට්පත්වල පිටපත් මාස තුනකට වරක් කරන ගිණුම් පරීක්ෂණය සඳහා ලබා දිය යුතුයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න