සේවා රැස්වීම් වැඩසටහන
පෙබරවාරි 14න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: ‘හදිසිතාවයේ හැඟීමෙන් යුතුව වචනය දේශනා කරන්න.’ හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයක් තුළ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. අපගේ දේව සේවය පොතේ 170වන පිටුවෙන් ගත් තොරතුරුද ඇතුළත් කරන්න. දේශනා කිරීම හා සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩි කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න.
විනා. 20: “තර්කණ හැකියාව දියුණු කරගත හැකි අයුරු.” කතාවක් සහ නිරූපණ. අපේ දේවසේවයේ වැදගත් ගුණාංගයක් වන තර්කණ හැකියාව දියුණු කරගත යුතු වීමට හේතු හා එය අත් කරගත හැකි ආකාරය පැහැදිලි කරන්න. මෙම ලිපියේ තුන්වන ඡේදයේ සඳහන් පියවර අනුගමනය කරමින් දේවසේවය සඳහා සූදානම් වන ආකාරය දක්ෂ ප්‍රචාරකයන් දෙදෙනෙක් සාකච්ඡා කර, ඉන්පසු ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් නිරූපණය කරයි.
ගීතිකාව 182 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 21න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: ‘ස්වාමීන් තුළ වෙහෙස මහන්සි වී වැඩ කරන ස්ත්‍රීන්.’ හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකින් ඉදිරිපත් කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. 1996 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ 14-15 දක්වා පිටුවල සඳහන් ඡේද 18-19 මත පදනම් වූ අදහස් දැක්වීම් ඇතුළත් කරන්න. සිය කැමැත්තෙන්ම දක්වන සහයෝගය, අනිත් අය වෙනුවෙන් ඔවුන් කරන ප්‍රයෝජනවත් දේවල් හා දේශනා කිරීමේ වැඩයෙහි ඔවුන්ගේ ජ්වලිතවත් සහභාගිත්වය යනාදි දේවල් ගැන ඔවුන්ව පැසසුමට ලක් කරන්න.
විනා. 20: “ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට අපිට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. අපි ජීවත් වෙන්නේ තීරණාත්මක කාලයක නිසා අපි හැම කෙනෙකුටම විවිධාකාරවලින් උපකාරය අවශ්‍යයි. අධෛර්යයට පත් කරවන ගැටලුවලින් වට වී සිටින අයව දිරිමත් කිරීම සඳහා වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට කළ හැකි දේවල් සලකා බලන්න. (1993 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ “වර්ධනාත්මක අයුරින් එඬේරකම් කිරීම” යන උපමාතෘකාව යටතේ පිටු 21-3 දක්වා තිබෙන තොරතුරු බලන්න.) ආත්මිකව ශක්තිමත් වීමට ඉවහල් වන අයුරින් අපිට එකිනෙකාව දිරිමත් කළ හැකි ආකාර පැහැදිලි කරන්න.—රෝම 1:11, 12.
ගීතිකාව 82 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 28න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. පෙබරවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සියලුදෙනාටම මතක් කරන්න. පසුගිය මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ සඳහන් වූ, සංවාද ආරම්භ කිරීම සඳහා පත්‍රිකා භාවිත කිරීමේදී “පහසු පියවර හතරක්” යන උපමාතෘකාව යටතේ තිබෙන කරුණු කෙටියෙන් සලකා බලන්න. දැනුම පොත හඳුන්වා දීම සඳහා සාමකාමී නව ලොවක් නමැති පත්‍රිකාව යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න. මෙම පත්‍රිකාවේ මුල් ඡේදයේ සඳහන් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව, තුන්වන පිටුවේ තිබෙන මුල් ඡේදය කියවන්න. එහි සඳහන් ගීතාවලිය 37:29දකියවන්න. උනන්දුවක් දක්වයි නම්, දැනුම පොතේ 5වන පිටුවට පෙරළා එහි තිබෙන කොටුවේ සඳහන් දේ කියවන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා අසන්න. මේ මාසයේදී හැම කෙනෙක්ම බයිබල් පාඩම් පටන්ගන්න විශේෂ වෑයමක් දැරිය යුතුයි.
විනා. 5: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 12: “රාජ්‍ය ශාලා ගොඩනැඟීමට හවුල් වන සහෝදරයන්ගේ සේවය අගය කිරීම.” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ කටයුතුවල හවුල් වන කණ්ඩායම් පහක්, රාජ්‍ය ශාලා හයක් ගොඩනැඟීමට හා අලුත්වැඩියා කිරීමට උපකාර කර තිබෙනවා. සභා නවයක් එයින් ප්‍රයෝජන ලබනවා. තවත් බොහෝ දේවල් කරන්න තිබෙනවා. රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩයේ හවුල් වන ස්වේච්ඡා සේවකයන් කරන වැඩ ගැන සඳහන් කරමින් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ ව්‍යාපෘතිය කෙරෙහි සහෝදරයන් තුළ උනන්දුවක් ඇති කරවන්න. ස්වේච්ඡා සේවකයන් හැටියට සේවය කිරීමට සුදුසුකම් ලබන අය කවුද කියා පැහැදිලි කර, මේ වැඩයට හවුල් වීම සඳහා බොහෝදෙනෙකු තුළ පෙලඹවීමක් ඇති කරවන්න. රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩයට හවුල් වී සිටින සහෝදරයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. මේ වැඩයෙන් ඔවුන් අද්දකින ප්‍රීතිය පිළිබඳ ඔවුන්ගේ අදහස් දැක්වීම් මෙම සාකච්ඡාවට ඇතුළත් කරන්න.
විනා. 18: “පූර්ණ නිසැකකමකින් යුතුව ශුභාරංචිය දේශනා කිරීම.” පළමු හා දෙවන ඡේදවල සඳහන් තොරතුරු සහ සඳහන් කර තිබෙන හා උපුටා දක්වා තිබෙන ශුද්ධ ලියවිලි පාඨ පදනම් කරගනිමින් උණුසුම් හැඟීමෙන් යුතුව විනාඩි 2කින් හෝ 3කින් හැඳින්වීම ඉදිරිපත් කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට 3-12 දක්වා ඡේද සාකච්ඡා කරන්න.
ගීතිකාව 61 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 6න් පටන්ගන්නා සතිය
විනා. 5: සභා නිවේදන.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: “ඔබ සවන් දෙන ආකාරය ගැන සැලකිලිමත් වන්න.” ස්වාමිපුරුෂයා තම භාර්යාව හා දරුවන් සමඟ එක්ව, සභා රැස්වීම්වලින්, එක්රැස්වීම්වලින් හා සමුළුවලින් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ට කළ හැකි දේවල් සාකච්ඡා කරයි. පවුලේ සෑම කෙනෙකුටම අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් තවත් දියුණු විය හැකි පැති තිබෙන බව ඔහුට හැඟෙයි. ඔවුන් එක්ව මෙහි සඳහන් කර තිබෙන යෝජනා සලකා බලමින්, ඉගෙනගත් දේවල් සාකච්ඡා කිරීම තවත් දියුණු කරගැනීම ඇතුළුව, එක් එක් පියවර අදාළ කරගත හැකි ආකාරය සලකා බලයි. සභා රැස්වීම්වල මෙන්ම සමුළු හා එක්රැස්වීම්වල කිසිම කොටසක් අතපසු නොකිරීමට තමන් ගෙන තිබෙන අධිෂ්ඨානය දිගටම පවත්වාගත හැකි ආකාරය ඔවුන් සලකා බලයි.
විනා. 20: “පූර්ණ නිසැකකමකින් යුතුව ශුභාරංචිය දේශනා කිරීම.” පසුගිය සතියේ මෙම රාජ්‍ය සේවාවේ අතිරේකයේ මුල් ඡේද 12 ගැන කළ සාකච්ඡාවේ කෙටි සාරංශයක් ඉදිරිපත් කර, 13-24 දක්වා ඡේද ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. උපුටා දක්වා තිබෙන හා සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ හොඳින් යොදාගන්න.
ගීතිකාව 186 සහ අවසාන යාච්ඤාව.