ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 2 8-9 පි.
  • සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උදව් වෙන බයිබල් පද
  • දුක් කරදර මැද සහනය
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාදාන වීමට හැකිද?
    1999 පිබිදෙව්!
  • මම ගත්තේ හරි තීරණයක්
    2007 පිබිදෙව්!
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 2 8-9 පි.
කාන්තාවක් යාච්ඤා කරමින්

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්

“මගේ මහත්තයා මාව දාලා මට වැඩිය තරුණ කෙනෙක් එක්ක යනවා කියලා කිව්වාම මට මැරෙන්න හිතුණා. එයා වෙනුවෙන් මං කොයි තරම් නම් දේවල් කැප කළාද?”—ස්පාඤ්ඤයේ මරියා.

“මගේ නෝනා හිටිහැටියේම මාව දාලා ගියා. මට දැනුණේ හරියට මගේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගෙයි. අපේ සිහින, සැලසුම් හැම දේම සුන් වුණා. ආයේ මේ දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නෑ කියලා හිතුවාට වැඩක් වුණේ නෑ. මං ආයෙත් මානසිකව වැටුණා.”—ස්පාඤ්ඤයේ බිල්.

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වෙන එක හරිම වේදනාකාරී අද්දැකීමක්. තමන්ට ද්‍රෝහි වුණු කෙනාට සමාව දීලා බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න සමහර අයට පුළුවන් වෙලා තියෙනවා.a ඒ කොහොම වුණත් තමන් ආදරේ කරපු කෙනා ද්‍රෝහි වුණා කියලා දැනගත්තාම ඇති වෙන වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ වගේ දෙයක් නිසා දුකින් ඉන්න කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොනවාද?

උදව් වෙන බයිබල් පද

ද්‍රෝහි වීමකට මුහුණ දුන්න හුඟදෙනෙක්ට බයිබලයේ තියෙන අදහස්වලින් සැනසීමක් ලැබිලා තියෙනවා. එයාලා හෙළන හැම කඳුළක්ම දෙවියන් දකිනවා කියලත් එයාලගේ වේදනාව ඔහුට දැනෙනවා කියලත් එයාලා ඉගෙනගෙන තියෙනවා.—මලාකි 2:13-16.

“මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතාවලිය 94:19.

බිල් මෙහෙම කියනවා. “ඒ පදය කියවද්දී යෙහෝවා දෙවියන් හරියට තාත්තා කෙනෙක් වගේ මාව ආදරෙන් සනසනවා කියලා මට දැනුණා.”

“ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.”—ගීතාවලිය 18:25.

කාමන්ගේ සැමියා මාස ගාණක්ම අනියම් ඇසුරක් පවත්වලා තිබුණා. කාමන් කියපු දේ බලන්න. “මගේ මහත්තයා මගේ විශ්වාසය කඩ කළත් යෙහෝවා දෙවියන් නම් කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මට විශ්වාසයි.”

‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:6, 7.

සාෂා මෙහෙම කියනවා. “මං ඒ බයිබල් පද ආයේ ආයේ කියෙව්වා. මං දිගින් දිගටම යාච්ඤා කරද්දී දෙවියන් මට මනසේ සාමය අද්දකින්න අවස්ථාව දුන්නා.”

මේ ලිපියේ සඳහන් කළ හැමෝටම හිතිලා තියෙනවා තවත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒත් එයාලා යෙහෝවා දෙවියන් ගැන විශ්වාස කළා. ඔහුගේ වචනය වන බයිබලය කියවලා දිරිගැන්වුණා. බිල් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මගේ ජීවිතේ හැම දේම විනාශ වෙලා ගියා. ඒත් දෙවියන් ගැන තිබුණු විශ්වාසය නිසා මගේ ජීවිතේට අරමුණක් එකතු වුණා. කාලයක් මං ‘අඳුරු තැනිතලාවක’ තනි වෙලා හිටියත් දෙවියන් දිගටම මාත් එක්කම හිටියා.”—ගීතාවලිය 23:4.

a ද්‍රෝහි වුණු කෙනාට සමාව දෙනවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න උදව් වෙන තොරතුරු 1999 මැයි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “කලත්‍රයෙක් ද්‍රෝහි වන විට” කියන ලිපි මාලාවේ තියෙනවා.

දුක දරාගන්න උදව් වෙන යෝජනා

සහනයක් ගෙන දෙන බයිබල් පද ගැන හිතන්න.

බිල් මෙහෙම කියනවා. “මං යෝබ් පොතයි, ගීතාවලිය පොතයි කියෙව්වා. මට අදාළ වෙන හැම පදයක් යටින්ම මං ඉරි ගැහුවා. මට දැනුණා වගේම දුකක්, කනස්සල්ලක් ඒ පොත්වල සඳහන් අයත් අද්දැකලා තියෙනවා කියලා මං තේරුම්ගත්තා.”

විනෝදාංශයක නියැලෙන්න.

විනෝදාංශයක නියැලෙද්දී මානසික සුවයක් අද්දකින්න පුළුවන්. කාමන් කියන දේ බලන්න. “රෑට නින්ද යන්නේ නැති වුණාම මං සංගීතයට සවන් දුන්නා. ඒකෙන් මට ලොකු සහනයක් දැනුණා.” තවත් අය චිත්‍ර අඳින එක, ෆොටෝ ගන්න එක, අත්කම් වැඩක යෙදෙන එක වගේ දේවල් කරලා තියෙනවා.

හිතේ තියෙන දේ ගැන කියන්න.

ඩැනියෙල් මෙහෙම කියනවා. “හිතේ තියෙන දේවල් ගැන අනිත් අයට කියන්න මං පුරුදු වෙලා හිටියේ නෑ. ඒත් මට හොඳ යාළුවෝ ටිකක් හිටිය නිසා හැම දවසකම මට හැඟුණු විදිහ ගැන එයාලට කියන්න පටන්ගත්තා. එයාලත් එක්ක කතා කරන එක, එයාලට ලියුම් ලියන එක මට ලොකු සහනයක් වුණා.” සාෂා කියන දේ බලන්න. “පවුලේ අය මට හුඟක් උදව් කළා. මට කතා කරන්න ඕන වුණු හැම වෙලාවෙම අම්මා මං කියපු දේවල් අහන් හිටියා. මගේ තාත්තාත් මාව ආදරෙන් බලාගත්තා. හරිම ඉවසීමෙන් මට උදව් කළා.”

දිගටම යාච්ඤා කරන්න.

කාමන් මෙහෙම කියනවා. “මං දිගටම යාච්ඤා කළා. මට දැනුණේ හරියට දෙවියන් මං ළඟින්ම ඉඳන් මං කියන දේවල් අහන් ඉඳලා මට උදව් කරනවා වගේ. හිත් වේදනාවෙන් හිටිය ඒ කාලේ වෙන කවදාටත් වඩා වැඩියෙන් මං දෙවියන්ට ළං වුණා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න