ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 6 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් හැමෝගෙම යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?
  • යාච්ඤා කරද්දී විශේෂ ඉරියව්වකින් ඉන්න ඕනෙද?
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් මගේ යාච්ඤා අහයිද?
    බයිබලයෙන් උත්තර
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 6 16 පි.
යාච්ඤා කරන කාන්තාවක්

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන් හැමෝගෙම යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

ඔයා හිතන්නේ මොකක්ද?

  • දෙවියන් හැමෝගෙම යාච්ඤා අහනවා

  • දෙවියන් අහන්නේ සමහර අයගේ යාච්ඤා විතරයි

  • දෙවියන් කාගෙවත් යාච්ඤා අහන්නේ නැහැ

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘යෙහෝවා දෙවි අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ළංව සිටියි.’—ගීතාවලිය 145:18.

බයිබලේ මෙහෙමත් කියනවා

  • දෙවියන් ඔහු අකමැති දේවල් කරන අයගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. (යෙසායා 1:15) ඒත් එයාලාටත් පුළුවන් දෙවි අකමැති දේවල් කරන එක නවත්තලා දෙවියන් එක්ක ආයෙත් “හොඳ සබඳතාවක් ඇති කරගන්න.”—යෙසායා 1:18.

  • දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ අපි යාච්ඤා කරන දේ ඔහුගේ කැමැත්තට එකඟ නම් විතරයි.—1 යොහන් 5:14.

යාච්ඤා කරද්දී විශේෂ ඉරියව්වකින් ඉන්න ඕනෙද?

සමහරු හිතනවා දණ ගහගෙන, හිස නමාගෙන එහෙමත් නැත්නම් අත් දෙක එකට එකතු කරලා යාච්ඤා කරන්න ඕනෙ කියලා. ඔයා මොනවාද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

මිනිසුන් ‘හිඳගෙන,’ ‘සිටගෙන,’ ‘වැඳ වැටීගෙන’ සහ ‘දණ නමාගෙන’ කරපු යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා. (1 ලේකම් 17:16; එස්රා 3:10; 10:1; ක්‍රියා 9:40) විශේෂ ඉරියව්වකින් ඉඳලා යාච්ඤා කරන්න කියලා දෙවියන් කියලා නැහැ.

බයිබලේ මෙහෙමත් කියනවා

  • දෙවියන් යටහත්පහත් අයගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා.—ගීතාවලිය 138:6.

  • ඔයාට කැමති භාෂාවකින් යාච්ඤා කරන්න පුළුවන්. නිහඬව වුණත් යාච්ඤා කරන්න පුළුවන්.—2 ලේකම් 6:32, 33; නෙහෙමියා 2:1-6.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.jw.org/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න