පටුන
2014 සැප්තැම්බර් 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
ඔක්තෝබර් 27, 2014–නොවැම්බර් 2, 2014
ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?
7වන පිටුව • ගීතිකා: 28, 107
නොවැම්බර් 3-9, 2014
“බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න
12වන පිටුව • ගීතිකා: 135, 133
නොවැම්බර් 10-16, 2014
දෙමාපියෙනි, දරුවන්ව රැකබලා ගන්න
17වන පිටුව • ගීතිකා: 88, 24
නොවැම්බර් 17-23, 2014
අන්තිම සතුරා වන මරණය නැති කරයි
23වන පිටුව • ගීතිකා: 111, 109
නොවැම්බර් 24-30, 2014
28වන පිටුව • ගීතිකා: 95, 100
පාඩම් ලිපි
▪ ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්නේ සත්‍ය ආගමේ කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒකට තියෙන හේතුත් තමන් ඉන්නේ සත්‍ය ආගමේ කියලා සාක්ෂිකරුවන්ට ස්ථිර ඇයි කියලත් මේ ලිපියේ සාකච්ඡා කරනවා.
▪ “බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න
අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා අපි හැමෝටම පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. සමහර පීඩා කෙළින්ම එල්ල වෙන ඒවා. තවත් ඒවා හොර රහසේ එන ඒවා. අපේ විශ්වාසය දුර්වල කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද කියලත් ඒවාට මුහුණ දෙන්න දැන්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ බලනවා.
▪ දෙමාපියෙනි, දරුවන්ව රැකබලා ගන්න
සත්‍ය නමස්කාරය තුළ තම දරුවන්ව ඇතිදැඩි කරන එක දෙමාපියන්ට තියෙන වගකීමක්. (එෆී. 6:4) දරුවන්ව රැකබලා ගන්නත් ඒ අයගේ හිතේ යෙහෝවා දෙවි ගැන ආදරයක් ඇති කරන්නත් දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් තුනක් ගැන මේ ලිපියේ කතා කරනවා.
▪ අන්තිම සතුරා වන මරණය නැති කරයි
මරණයත් මරණයට හේතු වෙන දේවලුත් නිසා මිනිසුන් හුඟක් දුක් විඳිනවා. මිනිසුන් මිය යන්නේ ඇයි? “අන්තිම සතුරා වන මරණය” නැති කරන්නේ කොහොමද? (1 කොරි. 15:26) ඒ ප්‍රශ්නවලට උත්තර හොයලා බලද්දී යෙහෝවා දෙවිගේ යුක්තිය, ප්‍රඥාව සහ විශේෂයෙන්ම ඔහුගේ ආදරය පැහැදිලිව දකින්න පුළුවන් විදිහ ගැන දැනගන්න.
▪ පූර්ණකාලීන සේවකයන්ව අගයමු
අතීතයේ වගේම අද දිනත් යෙහෝවා දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. ‘විශ්වාසය නිසා ඒ අය කරන ක්‍රියාවනුත් ප්‍රේමය නිසා ඒ අය දරන වෙහෙසත්’ අගය කරන්න අපිට පුළුවන් කොහොමද?—1 තෙස. 1:3.
කවරය: සහෝදරයන් දෙන්නෙක් මීගමුව ප්‍රදේශයේ ධීවරයෙකුට සාක්ෂි දරමින්
ශ්‍රී ලංකාව
ජනගහනය
2,08,60,000
ප්‍රචාරකයන්
5,600
ස්ථාවර පුරෝගාමීන්
641