පටුන
2013 ඔක්තෝබර් 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.
පාඩම් කලාපය
දෙසැම්බර් 2-8, 2013
ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ
7වන පිටුව • ගීතිකා: 110, 15
දෙසැම්බර් 9-15, 2013
12වන පිටුව • ගීතිකා: 62, 84
දෙසැම්බර් 16-22, 2013
පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්
21වන පිටුව • ගීතිකා: 68, 6
දෙසැම්බර් 23-29, 2013
26වන පිටුව • ගීතිකා: 57, 56
පාඩම් ලිපි
▪ ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ
මේ විශ්වය නිර්මාණය කළ දෙවිව නොපෙනෙන නිසා බොහෝදෙනෙක් දෙවිව විශ්වාස කරන්නේ නැහැ. එවැනි අයට අපගේ නිර්මාතෘව හඳුනාගන්න උපකාර කරන්න පුළුවන් කොහොමද කියාත් දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියාත් දැනගන්න.
▪ ඔබ කාගේ දාසයෙක්ද?
ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ දෙවිගේ දාසයෙක් වෙන්න කියායි. දාසයන් සඳහා දෙවිගේ නීතියේ සඳහන් වුණ විශේෂ දෙයක් ගැන මේ ලිපියේ කතා කරනවා. ඒ වගේම සාතන්ගේ සහ ඔහුගේ ලෝකයේ දාසයෙක් නොවී ඉන්නේ කොහොමද කියාත් අපගේ දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ආශීර්වාද ලබන්නේ කොහොමද කියාත් දැනගන්න.
▪ පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්
▪ යේසුස්ගේ යාච්ඤාවෙන් ඉගෙනගනිමු
දිනපතා බයිබලය අධ්‍යයනය කර ඒ ගැන හොඳින් සිතනවා නම් අපගේ යාච්ඤා අර්ථවත් කරගන්න අපිට පුළුවන්. දෙවිගේ සෙනඟ වෙනුවෙන් ලෙවීවරුන් කළ යාච්ඤාවකින් එය ඔප්පු වන ආකාරය ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවෙනි ලිපියේ කතා කරන්නේ යේසුස් කළ යාච්ඤාවකට එකඟව වැඩ කරන්න අපිට පුළුවන් ආකාරය ගැනයි. අපේ ඕනෑ එපාකම්වලට වඩා යෙහෝවා දෙවිගේ කැමැත්තට මුල් තැන දීම සඳහා ඒ යාච්ඤා දෙක කදිම උදාහරණ දෙකක්.
වෙනත් ලිපි
3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා පිලිපීනයේදී
කවරය: අත්ලාන් විල අසල සාක්ෂි දරන අවස්ථාවක්. ග්වාතමාලාවේ ප්‍රධාන භාෂාව වන ස්පාඤ්ඤ භාෂාවට අමතරව ඒ රටේ භාවිත කරන තවත් භාෂා 11කින් ශුභාරංචිය දේශනා කරනවා
ග්වාතමාලාව
ජනගහනය:
1,51,69,000
ප්‍රචාරකයන්:
34,693
බයිබල් පාඩම්:
47,606