ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 9/15 3-6 පි.
  • වෙනස හඳුනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස හඳුනගන්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෙනස හඳුනගෙන ප්‍රයෝජන ලබන්න
  • ගුරුවරයෙකු ලෙස දියුණු වන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • “ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින්න”
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි මුළු පවුලම එක්සත් කරයි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න”
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 9/15 3-6 පි.

වෙනස හඳුනගන්න

මේ පොළොවේ හිටපු ශ්‍රේෂ්ඨතම ගුරුවරයා යේසුස් කියලා අපි හැමෝම පිළිගන්නවා. ඔහු උගන්වද්දී ප්‍රශ්න උපමා වගේ දේවල් පාවිච්චි කළා. ඔබත් ඒ ක්‍රම අනුකරණය කරන්න උත්සාහ කරලා ඇති. ඔහු උගන්වන්න පාවිච්චි කරපු තවත් ක්‍රමයක් තමයි එකිනෙකට වෙනස් දේවල් දෙකක් කියලා ඒ මගින් යමක් පැහැදිලි කිරීම.

ගොඩක් අය කතා කරද්දී දන්නෙම නැතුව ඒ ක්‍රමය පාවිච්චි කරනවා. ඔබත් එහෙම කරලා ඇති. උදාහරණයකට ඔබ මේ වගේ දෙයක් කියලා ඇති. “ඒගොල්ලෝ කිව්වේ කෙසෙල් ඔක්කොම ඉදිලා කියලා. ඒත් මේ ටික නම් තාම ඉදිලා නැහැ.” එහෙම නැත්නම් “එයා ඉස්සර හරිම ලැජ්ජයි. ඒත් දැන් ඕනෙම කෙනෙක් එක්ක කතා කරනවා.”

ඒ වගේ කතා කරද්දී අපි මුලින්ම යම් තොරතුරක් ඉදිරිපත් කරනවා. ඊටපස්සේ ඒත්, නමුත්, කොහොමවුණත්, ඒ වෙනුවට වගේ වචන පාවිච්චි කරලා ඒ අදහසට සම්පූර්ණයෙන් වෙනස් අදහසක් කියනවා. එතකොට ඒ අදහස් දෙකේ තියෙන වෙනස නිසා අපි කියන්න හදන කාරණය අනිත් අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්.

යේසුස් මේ ක්‍රමය නිතර නිතර වගේ පාවිච්චි කළා. “මිනිසුන් පහනක් දල්වා පහන් රුකක් මත තබනවා මිස බඳුනකින් එය වසා තබන්නේ නැහැ.” “මා පැමිණියේ [නීතිය] සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවෙයි.” “‘අනාචාරයේ නොහැසිරෙන්න’ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම” බැලීම අනාචාරයේ හැසිරීමක් ලෙසයි. “‘ඇසකට ඇසක්, දතකට දතක්’ කියා පැවසූ බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි.”—මතෙ. 5:15, 17, 27, 28, 38, 39.

බයිබලයේ තවත් තැන්වල මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. එෆීස 6:4හි, පාවුල් ඒ ක්‍රමය පාවිච්චි කරලා තියෙන විදිහ බලන්න. පාවුල් දෙමව්පියන්ට දෙන උපදෙස මේකයි. “යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.” ඒ උපදෙස පැහැදිලියි. ඒත් පාවුල් ඊට කලින් මේ වගේ දෙයක් කියනවා. “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.” ඊටපස්සේ “ඒ වෙනුවට” කියන යෙදුම පාවිච්චි කරලයි ඔහු කලින් උපදෙස කියන්නේ. එතකොට ඒ උපදෙස තවත් හොඳින් පැහැදිලි වෙනවා.

එෆීස පොතේ තවත් තැනක පාවුල් මෙහෙම ලිව්වා. “අපට තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට . . . ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.” (එෆී. 6:12) ඒ පදයේ ඒ වෙනුවට කියන යෙදුම පාවිච්චි කිරීමෙන් අපිට තියෙන සටන කොයි තරම් ප්‍රබල එකක්ද කියලා පැහැදිලිව පෙන්වලා තියෙනවා.

වෙනස හඳුනගෙන ප්‍රයෝජන ලබන්න

පාවුල් මේ ඉගැන්වීමේ ක්‍රමය පාවිච්චි කරපු හුඟක් අවස්ථා එෆීස පොතේ සඳහන් වෙනවා. ඒ හැම අවස්ථාවක් ගැනම හොඳට හිතලා බැලුවොත් පාවුල් කාවද්දන්න හදපු කාරණය සහ අපි කරන්න ඕනෙ දේ අපිට තේරුම්ගන්න පුළුවන්.

එෆීස පොතේ ඒ ඉගැන්වීමේ ක්‍රමය පාවිච්චි කරලා තියෙන අවස්ථා කිහිපයක් 4වෙනි සහ 5වෙනි පිටුවල සඳහන් වෙනවා. ඒ හැම එකක්ම කියවද්දී ‘මං මොන වගේ කෙනෙක්ද, මේ වගේ අවස්ථාවකදී මං දේවල් කරන්නේ කොහොමද, අනිත් අය මාව දකින්නේ මොන වගේ කෙනෙක් හැටියටද’ කියලා ඔබෙන්ම අහගන්න. ඔබ ඒවා කියවද්දී ඔබ හදාගන්න ඕනෙ පැත්තක් තියෙනවද කියලා හිතලා බලන්න.

පවුලේ නමස්කාරය කරද්දී ඒ කොටස ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම පවුලේ සාමාජිකයන්ට පුළුවන් ඒවා කියවන්න. ඊටපස්සේ එක් කෙනෙකුට පුළුවන් බයිබල් පදයේ මුල් කොටස කියන්න. ඊළඟට තව කෙනෙකුට පුළුවන්, දෙවෙනි කොටස මතකයෙන් කියලා ඒ දෙක අතර තියෙන වෙනස පැහැදිලි කරන්න. ඊටපස්සේ ඒ කරුණ අදාළ කරන්න පුළුවන් විදිහ ගැන පවුලේ හැමෝම එකතු වෙලා සාකච්ඡා කරන්න. අපි හැමෝම හැසිරෙන්න ඕනෙ විදිහ තේරුම්ගන්න ඒ ඉගැන්වීමේ ක්‍රමය හුඟක් වටිනවා.

දෙවෙනි කොටස මතකද?

ඒ ඉගැන්වීමේ තියෙන වටිනාකම ඔබ හොඳට තේරුම්ගත්තොත් බයිබලය කියවද්දී ඒක පාවිච්චි කරලා තියෙන තැන් හඳුනගන්න ඔබට පහසු වෙයි. දේවසේවයේදී ඒ ක්‍රමය පාවිච්චි කරන එකත් හුඟක් ප්‍රයෝජනවත් කියලා ඔබට තේරෙයි. උදාහරණයකට ගෙයින් ගෙට සේවයේදී ඔබට මෙහෙම කියන්න පුළුවන්. “හුඟක් අය කියනවා මිනිස්සුන්ට අමරණීය ආත්මයක් තියෙනවා කියලා. ඒත් බයිබලයේ කියන දේ බලන්න.” බයිබල් පාඩමකදී මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. “මේ පැත්තේ ඉන්න හුඟක් අය දෙවි සහ යේසුස් එක් කෙනෙක් කියලා කියනවා. ඒත් බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද? ඔයා විශ්වාස කරන්නේ මොකක්ද?”

අදහස් දෙකක් අතර වෙනස පෙන්වන ඒ ඉගැන්වීමේ ක්‍රමය බයිබලය පුරාවටම තියෙනවා. දෙවි කැමති විදිහට ජීවත් වෙන්න ඒවා අපිට හුඟක් ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙවෙයි ඒ ඉගැන්වීමේ ක්‍රමය පාවිච්චි කරලා අනිත් අයට බයිබලයේ තියෙන සත්‍යයන් දැනගන්න උදව් කරන්නත් අපිට පුළුවන්.

එෆීස 4වෙනි සහ 5වෙනි පරිච්ඡේදවලින් වෙනස හඳුනගමු

පවුලේ නමස්කාරයේදී පාවිච්චි කරන්න

“අප . . . කුඩා දරුවන් මෙන් කටයුතු නොකළ යුතුයි. අප එසේ කටයුතු කළොත් . . . කපටිකමින් විවිධ දේවල් උගන්වන මිනිසුන්ට අප හසු විය හැක.

ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමින්ද . . . ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.”—4:14, 15.

‘ඔවුන්ගේ මනස් අන්ධකාරයෙන් වැසී තිබෙන්නේ ඔවුන් තම සිත් දැඩි කරගෙන තිබෙන නිසයි.

නමුත් ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ක්‍රිස්තුස් එවැනි කෙනෙක් නොවේ. ඔබ ඔහුට සවන් දී ඔහුගෙන් ඉගෙනගත්තා නොවේද?’—4:18-21.

‘ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි. මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය.

එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි. එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි.’—4:22-24.

“සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි.

ඒ වෙනුවට ඔහු . . . වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.”—4:28.

“ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න.

ඒ වෙනුවට . . . යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.”—4:29.

“දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.

ඒ වෙනුවට එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. . . . එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.”—4:31, 32.

‘වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.

ඒ වෙනුවට දෙවිට ස්තුති කරමින් සිටින්න.’—5:3, 4.

“කලක් අන්ධකාරයේ සිටියත්

දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.”—5:8.

“ඔවුන් සමඟ අන්ධකාරයට සම්බන්ධ නිෂ්ඵල ක්‍රියාවල තවදුරටත් හවුල් නොවී

ඒවා හෙළාදකින්න.”—5:11.

“ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව

ඥානවන්තයන් මෙන් . . . ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—5:15, 16.

“තවදුරටත් අඥාන ලෙස කටයුතු නොකර

යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න.”—5:17.

‘වයින්වලින් වෙරි නොවන්න. මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.

ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරින්න.’—5:18.

“තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති

ශුද්ධ මෙන්ම නිකැළැල්, මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය.”—5:27.

“කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත.

ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.”—5:29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න