පටුන
2013 මාර්තු 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
අප්‍රියෙල් 29, 2013–මැයි 5, 2013
වැටුණත් පුළුවන් ඔබට ආයෙත් නැඟිටින්න
3වන පිටුව • ගීතිකා: 45, 32
මැයි 6-12, 2013
යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!
8වන පිටුව • ගීතිකා: 62, 60
මැයි 13-19, 2013
13වන පිටුව • ගීතිකා: 81, 135
මැයි 20-26, 2013
19වන පිටුව • ගීතිකා: 51, 95
මැයි 27, 2013–ජූනි 2, 2013
යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
24වන පිටුව • ගීතිකා: 27, 101
පාඩම් ලිපි
▪ වැටුණත් පුළුවන් ඔබට ආයෙත් නැඟිටින්න
ක්‍රිස්තියානීන් වන අපි ධාවන තරඟයක යෙදිලා ඉන්නවා. මේ තරඟයේදී අපේ පය පැටලිලා වැටෙන අවස්ථා ඕනෙ තරම් තියෙනවා. ඒ වගේ පය පැටලෙන තැන් පහක් ගැනත් ඒවාට ඉඩ නොදී සාර්ථකව තරඟය නිම කරන විදිහ ගැනත් මේ ලිපියේ කතා කරනවා.
▪ යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!
යෙරෙමියා පොතේ සිත පවිත්‍ර කරගන්න එක ගැන කතා කරනවා. සිත පවිත්‍ර කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ‘යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්’ ඇති කරගන්නේ කොහොමද? ඒ ගැන මේ ලිපියේ කතා කරනවා.—යෙරෙ. 9:26; 24:7.
▪ යෙහෝවා දෙවිව තවත් හඳුනගන්න
දෙවිගේ සේවකයෙක් වෙන්න අපි ගත්ත පියවර මොනවද? සත්‍යය තුළ කාලයක් හිටියත් දිගටම දියුණු වෙන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද? ඒවාට පිළිතුරු මේ ලිපියෙන් බලමු.
▪ යෙහෝවා දෙවි අපගේ වාසස්ථානයයි
අපි ජීවත් වෙන්නේ අපිට වෛර කරන මිනිසුන් ඉන්න දුෂ්ට සමාජයක වුණත් යෙහෝවා දෙවි අපිව ආරක්ෂා කරන නිසා අපි භය වෙන්න ඕනෙ නැහැ. ඒ ගැන මේ ලිපියෙන් බලමු.
▪ යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
දෙවිගේ නම දැනගන්නවා කියන්නේ මොකක්ද? දෙවිගේ නම දරමින් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? දෙවිගේ නමට අගෞරව කරන අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට මේ ලිපියෙන් පිළිතුරු ලැබෙයි.
වෙනත් ලිපි
කවරය: ෆින්ලන්තයට දිග වෙරළ තීරයක් සහ දූපත් ගණනාවක් අයිතියි. එහි විල් දහස් ගණනක් තියෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මධ්‍යම සහ නැඟෙනහිර ෆින්ලන්තයෙයි. සමහර ප්‍රචාරකයන් බෝට්ටුවල ගිහින් සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශවල සේවය කරනවා
ෆින්ලන්තය
ජනගහනය:
53,75,276
අනුපාතය:
283දෙනෙකුට 1 ප්‍රචාරකයයි
ස්ථාවර පුරෝගාමීන්:
1,824