පටුන
2012 නොවැම්බර් 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
දෙසැම්බර් 24-30, 2012
“ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
3වන පිටුව • ගීතිකා: 69, 120
දෙසැම්බර් 31, 2012–ජනවාරි 6, 2013
10වන පිටුව • ගීතිකා: 84, 82
ජනවාරි 7-13, 2013
15වන පිටුව • ගීතිකා: 26, 68
ජනවාරි 14-20, 2013
21වන පිටුව • ගීතිකා: 67, 91
ජනවාරි 21-27, 2013
26වන පිටුව • ගීතිකා: 77, 118
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1 3-7 පිටු
දාවිත් රජු දෙවිගේ නමත් අරමුණත් ඉතා ඉහළින් සැලකුවා. දෙවි දීලා තිබුණ නීතිවලට අදාළ ප්‍රතිපත්ති වටහාගත් දාවිත් යාච්ඤා කර දෙවිගේ කැමැත්ත කරන්න උගන්වන්න කියා ඉල්ලුවා. මේ ලිපියෙන් ඒ ගැන සාකච්ඡා කරනවා. ඊට අමතරව සෑම අවස්ථාවකම දෙවි හිතන විදිහට හිතන එක වැදගත් ඇයි කියලත් දැනගන්න පුළුවන්.
පාඩම් ලිපි 2, 3 10-19 පිටු
යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපි නිහතමානී වෙන්න ඕන. මේ ලිපි දෙකෙන් මුල් ලිපියේ කතා කරන්නේ නිහතමානිකම පිළිබඳව යේසුස් තැබූ ආදර්ශය ගැනයි. දෙවෙනි ලිපියෙන් බලන්නේ නිහතමානිකම වර්ධනය කරගෙන අපේ ජීවිතය තුළින් එය පිළිබිඹු කරන්නේ කොහොමද කියලයි.
පාඩම් ලිපි 4, 5 21-30 පිටු
ඉතාම බරපතළ වරදකට වුණත් සමාව දෙන්න දෙවි සූදානම් බව තේරුම්ගන්න මේ ලිපි උදව් වෙනවා. සමහර අවස්ථාවලදී සමාව දෙන එක ලේසි නැහැ. ඒත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් හිත පාලනය කරගන්න පුළුවන් වෙනවා.
වෙනත් ලිපි
8 වැඩිපුර ඇති දෙයින් හිඟකම පිරිමැසෙයි
මුල් පිටුව: මධ්‍යම ස්පාඤ්ඤයේ අල්බර්චි නම් පුංචි ගම්මානයක දේශනා කිරීම. ටෙරුල් සභාවට අයත් ප්‍රදේශයට අල්බර්චි ඇතුළු ගම්මාන 188ක් අයිතියි. ඒත් සභාවේ ඉන්නේ ප්‍රචාරකයන් 78යි
ස්පාඤ්ඤය
ජනගහනය
4,70,42,900
ප්‍රචාරකයන්
1,11,101
2012දී සිහි කිරීමට පැමිණි ගණන
1,92,942