ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 12/1 8 පි.
  • “නියමිත කාලය” අත ළඟයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “නියමිත කාලය” අත ළඟයි!
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට අවධානය යොමු කරනු ඇත් ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 12/1 8 පි.

“නියමිත කාලය” අත ළඟයි!

දුක් වේදනා අවසන් වෙනවා දැකීමට අනාගතවක්තෘ හබක්කුක්ට මෙන්ම යේසුස්ගේ ගෝලයන්ටද දැඩි ආශාවක් තිබුණා. ඒත් එය සිදු වන්නේ දේවරාජ්‍ය තුළින් බව දැන සිටි ගෝලයන් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. ‘ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය [දේවරාජ්‍යයේ රජු හැටියට පත් වන කාලය] හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?’ (මතෙව් 24:3) දේවරාජ්‍ය පොළොව පාලනය කරන කාලය දෙවි මිස වෙන කිසිවෙකුත් නොදන්නා බව පැවසූ යේසුස් ඒ කාලය හඳුනාගැනීමට ලකුණක් දුන්නා. (මතෙව් 24:36; මාක් 13:32) එමෙන්ම වෙනත් බයිබල් ලේඛකයන් පවා ලකුණු සඳහන් කළා.—දකුණු පස ඇති කොටුව බලන්න.

එම ලකුණු අද දින බහුලව සිදු වෙනවා. එමෙන්ම මේ කාලයේදීම පොළොව පුරා සිදු වන තවත් සුවිශේෂී කාර්යයක් ගැනත් යේසුස් සඳහන් කළා. ඔහු එය විස්තර කළේ මේ ආකාරයටයි. ‘රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.’—මතෙව් 24:14.

යේසුස් පැවසූ දේට එකඟව අද සිටින මිලියන හතකට අධික යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, රටවල් 236ක රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. එමෙන්ම එම රාජ්‍යය නුදුරු අනාගතයේදී කිරීමට නියමිත දේවල් ගැනත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඊට අමතරව යෙහෝවා දෙවිගේ උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමටත් ඔවුන් අන් අයට උපකාර කරනවා. ඔබත් දේවරාජ්‍ය ගැන මනා අවබෝධයක් ලබාගෙන ඒ අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නවා නම් දුක් වේදනාවලින් තොර පොළොවක සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ඔබටත් හිමි කරගත හැකියි.

[8වන පිටුවේ කොටුව]

අවසානය හඳුනාගත හැකි ලකුණු

මතෙව් 24:6, 7; එළිදරව් 6:4

• මින් පෙර අසන්න නොලැබුණු ආකාරයේ යුද්ධ

මතෙව් 24:7; මාක් 13:8

• ප්‍රබල භූමිකම්පා

• ආහාර හිඟකම්

ලූක් 21:11; එළිදරව් 6:8

• වසංගත

මතෙව් 24:12

• අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වීම

• ප්‍රේමය අඩු වීම

එළිදරව් 11:18

• පොළොව විනාශ කිරීම

2 තිමෝති 3:2

• මුදල්වලට කෑදර වීම

• දෙමාපියන්ට අකීකරු වීම

• ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීම

2 තිමෝති 3:3

• තමන්ගේම අය කෙරෙහිවත් සෙනෙහසක් නොදැක්වීම

• කිසිම දෙයක් ගැන එකඟ නොවීම

• තමන්වම පාලනය කර නොගැනීම

• යහපත්කමට කිසි ඇල්මක් නොදැක්වීම

2 තිමෝති 3:4

• දෙවිට වඩා විනෝදයට ඇල්මක් දැක්වීම

2 තිමෝති 3:5

• දෙවි කෙරෙහි භක්තියක් ඇති බව මවාපෑම

මතෙව් 24:5, 11; මාක් 13:6

• බොරු අනාගතවක්තෘවරුන්ගේ පැමිණීම

මතෙව් 24:9; ලූක් 21:12

• දෙවිගේ සේවකයන්ට පීඩා කිරීම

මතෙව් 24:39

• බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීම් නොසලකාහැරීම

[8වන පිටුවේ පින්තූරය]

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන මිනිසුන්ට කියා දෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න