ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 3/1 32 පි.
  • ඉතිහාසයේ වැදගත්ම දිනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉතිහාසයේ වැදගත්ම දිනය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 3/1 32 පි.

ඉතිහාසයේ වැදගත්ම දිනය

ඒ වෙන දිනයක් නොව යේසුස් ක්‍රිස්තුස් මියගිය දිනයයි. යේසුස්ගේ මරණය එතරම් වැදගත් යමක් සේ සලකන්නේ මන්ද? ඊට හේතු කිහිපයක් තිබෙනවා.

අවසන් හුස්ම හෙළන තුරු යේසුස් පෙන්වූ විශ්වාසවන්තකම මගින් ඔහු ඔප්පු කළේ දෙවිට විශ්වාසවන්තව සිටින්න ඕනෑම කෙනෙකුට හැකි බවයි.

යේසුස්ගේ මරණය මගින් මිනිසුන් අතරින් යම් පිරිසකට ස්වර්ගයෙහි ඔහු සමඟ පාලනය කිරීමේ ප්‍රස්තාව උදා වුණා. ඒ විතරක් නෙමෙයි බොහෝදෙනෙකුට පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ ප්‍රස්තාවද උදා වුණා.

යේසුස් මිය යෑමට පෙර දා සැන්දෑවේ ඔහුගේ ජීවිත පූජාව සංකේතවත් කිරීමට මුහුන් නොදැමූ රොටි සහ රතු වයින් භාවිත කළා. ඉන්පසු ඔහු තම ගෝලයන්ට පැවසුවේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි. (ලූක් 22:19) ඔබ මෙම වැදගත් දිනය සිහි කරන්න කැමතිද?

යේසුස්ගේ මරණය සිහි කරන දිනයේදී ඊට සහභාගි වන මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරනවා. මේ වසරේ යේසුස්ගේ ජීවිත පූජාව සිහි කරන්නේ අප්‍රියෙල් මස 9වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුවයි. ඔබේ නිවසට කිට්ටුවෙන්ම තිබෙන රාජ්‍ය ශාලාවට ඔබට යා හැකියි. එය පවත්වන වේලාව හා ස්ථානය දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න