ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 10/15 3-4 පි.
  • හෙටක් ගැන සිතිය යුතුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හෙටක් ගැන සිතිය යුතුද?
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හෙටක් ගැන සිතිය යුතුද?
  • අදට පමණක් ජීවත් නොවන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මතෙව් 6:34 - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • පිළිපැද්ද නිසා උපදෙස් ගැලවුණා දිවි
    2006 පිබිදෙව්!
  • අනාගතය මොන වගේද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 10/15 3-4 පි.

හෙටක් ගැන සිතිය යුතුද?

“මම නම් අනාගතය ගැන හිත හිතා කාලය නාස්ති කරන්නේ නැහැ” කියා විද්‍යාඥයෙක් වූ ඇල්බට් අයින්ස්ටයින් වරක් පැවසුවා. අද සිටින බොහෝදෙනෙක්ද දරන්නේ එවැනිම අදහසක්. “ඇයි හෙට ගැන වද වෙන්නේ,” “හෙට ගැන හිතන්න ඉස්සෙල්ලා අද ගැන හිතමු” කියා පවසනවා ඔබ බොහෝ අය අසා ඇති.

මිනිසුන් මෙවැනි ආකල්ප දරන්න පටන්ගත්තේ අද ඊයෙක සිට නොවෙයි. පුරාණයේ විසූ එපිකූරියයන් නමැති දර්ශනවාදීන් සිතුවෙත් මෙලෙසයි. “අපි කමු, බොමු, විනෝද වෙමු. වෙන මොනවා ගැන හිතන්නද?” බයිබල් ලේඛකයෙක් වන පාවුල් ජීවත් වූ මුල් සියවසේ සිටි මිනිසුන්ගේ ආකල්පය වුණෙත් “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන්නයි. (1 කොරින්ති 15:32) තමන් ජීවත් වන්නේ කෙටි කාලයක් පමණක් බවත් ඒ නිසා ඒ කාලයෙන් උපරිම තෘප්තියක් ලැබිය යුතු බවත් ඔවුන් විශ්වාස කළා. ඒ නිසා ඔවුන් “හෙටක්” හෙවත් අනාගතයක් ගැන සිතුවේ නැහැ.

නමුත් අද මිලියන ගණනක් දෙනා ජීවත් වන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. ඉහත සඳහන් කළ අයට වෙනස්ව මේ අය ජීවිතය පුරාම වෙහෙසෙන්නේ උපරිම තෘප්තියක් ලබන්න නම් නොවෙයි. ඒ, කෙසේ හෝ එදා වේල පිරිමසාගැනීමටයි. එවැනි අය හෙටක් ගැන සිතීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද?

හෙටක් ගැන සිතිය යුතුද?

ජීවිතයේ එතරම්ම දුෂ්කරතා අද්දකින්නේ නැති අය පවා පවසන්නේ අනාගතය ගැන සැලසුම් කිරීම නිෂ්ඵල බවයි. “ඇයි හෙට ගැන වද වෙන්නේ?” කියා ඔවුන් අසන්න ඉඩ තිබෙනවා. අනාගතය වෙනුවෙන් සැලසුම් කළ අයගේ බලාපොරොත්තු සුන් වී ඇති ආකාරය මේ අය දැක තිබීම ඊට හේතුව විය හැකියි. බයිබලයේ සඳහන් යෝබ් නමැති මිනිසා තමන්ගෙත් පවුලේ අයගෙත් යහපත වෙනුවෙන් දේවල් සැලසුම් කළා. නමුත් නොසිතූ ලෙස ඒවා ‘කඩ වූ’ විට ඔහු කලකිරීමට පත් වුණා.—යෝබ් 17:11; දේශනාකාරයා 9:11.

රොබට් බර්න්ස් ස්කොට්ලන්ත ජාතික කවියෙක්. මිනිසාගේ දුක්ඛිත ජීවිතය, පලා යන මීයෙකුට ඔහු සමාන කරනවා. දිනක් තම ගෙවත්ත හාමින් සිටියදී ඔහුගේ නඟුල් තලයට හසු වී මී ගුලක් කැඩුණා. එහි සිටි කුඩා මීයෙක් පණ බේරාගැනීමට පලා ගියේ උගේ මුළු ලෝකයම ඌට නැති වුණා හා සමානවයි. ‘අපේ ජීවිතයත් හරියට ඒ වගේමයි. අපිත් අනාගතය වෙනුවෙන් කොපමණ සැලසුම් යෙදුවත් අපට පාලනය කළ නොහැකි හේතූන් නිසා අප කොතරම් අසරණ වෙනවාද’ කියා බර්න්ස් කල්පනා කළා.

මේ කාරණා සලකා බැලීමෙන් පසු ඔබට හැඟෙන්නේ කුමක්ද? අනාගතය ගැන සැලසුම් කිරීමෙන් ප්‍රයෝජනයක් නැද්ද? ස්වාභාවික විපත් නවත්වන්න අපට බැරි බව ඇත්තයි. නිසි ලෙස සැලසුම් නොකළොත් කැට්‍රීනා චණ්ඩ මාරුතය වැනි ස්වාභාවික විපත් සිදු වන විට විනාශකාරී ප්‍රතිඵල අද්දකින්න සිදු වේවි. ඒ වුණත් ඒ ගැන කල්තියා සොයා බලා ඥානවන්තව සැලසුම් කිරීමෙන් විය හැකි හානියේ ප්‍රතිඵල අවම කරගත හැකි බව ඔබ පිළිගන්නේ නැද්ද?

ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද? හෙටක් ගැන නොසිතා අදට පමණක් ජීවත් වීම බුද්ධිමත් දෙයක්ද? මේ ගැන ඊළඟ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

[3වන පිටුවේ පින්තූර]

“අද කමු, බොමු, විනෝද වෙමු. හෙටක් ගැන කුමට හිතනවාද?”

[4වන පිටුවේ පින්තූරය]

කල්තියා සොයා බලා ඥානවන්තව සැලසුම් කිරීමෙන් විය හැකි හානියේ ප්‍රතිඵල අවම කරගත නොහැකිද?

[හිමිකම් විස්තර]

U.S. Coast Guard Digital

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න