ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 10/1 32 පි.
  • “සත්‍යය කියන්නේ කුමක්ද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සත්‍යය කියන්නේ කුමක්ද?”
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 10/1 32 පි.

“සත්‍යය කියන්නේ කුමක්ද?”

එම ප්‍රශ්නය යේසුස්ගෙන් අසනු ලැබුවේ රෝමයේ පාලකයෙක් වූ පොන්තියුස් පිලාත් විසින්. පිලාත් එම ප්‍රශ්නය ඇසුවත් සත්‍යය කියන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔහුට උවමනාවක් තිබුණේ නැහැ. එමනිසයි යේසුස් එයට පිළිතුරක් ලබා නොදුන්නේ. එමෙන්ම පිලාත් සිතන්න ඇත්තේ සත්‍යය තේරුම්ගන්න අමාරු දෙයක් කියා විය හැකියි.—යොහන් 18:38.

ආගමික නායකයන්, උගතුන්, දේශපාලනඥයන් ඇතුළු අද දින සිටින බොහෝදෙනා සත්‍යය සම්බන්ධයෙන් දරන්නේ එවැනිම ආකල්පයක්. ඔවුන් සිතන්නේ හරි වැරැද්ද පිළිබඳ සත්‍යය සහ නමස්කාරය සම්බන්ධ සත්‍යය වෙනස් වෙන දෙයක් කියායි. ඉන් පෙනී යන්නේ මිනිසුන් තමන්ටම හරි වැරැද්ද තීරණය කළ හැකියි කියා සිතන බවයි. (යෙසායා 5:20, 21) අතීතයේ සිට පැවතෙන ඇතැම් සාරධර්ම වර්තමානයට ගැළපෙන්නේ නැතැයි කියා සිතන ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට පවා පෙලඹෙනවා.

පිලාත් යේසුස්ගෙන් එම ප්‍රශ්නය ඇසීමට හේතු වුණේ යේසුස් ඔහුට මෙවැනි දෙයක් ප්‍රකාශ කර තිබීමයි. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” (යොහන් 18:37) යේසුස්ට සත්‍යය අපැහැදිලි දෙයක්වත්, තේරුම්ගන්න අමාරු දෙයක්වත් වුණේ නැහැ. එය යේසුස් තම ගෝලයන්ට දුන් මෙම පොරොන්දුවෙන් සනාථ වෙනවා. “ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.”—යොහන් 8:32.

එම සත්‍යය සොයාගත හැක්කේ කොහෙන්ද? එක් අවස්ථාවක යේසුස් දෙවිට මෙසේ යාච්ඤා කළා. “ඔබේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:17) බයිබලය ලියැවී තිබෙන්නේ දෙවිගේ බලයේ උපකාරයෙන්. ඒ නිසා එහි ඇති සත්‍යය මගින් අපට විශ්වාසවන්ත මඟ පෙන්වීම් ලැබෙන අතර අනාගතයේදී සදාකාල ජීවනය ලැබීමේ බලාපොරොත්තුවද සපයනවා.—2 තිමෝති 3:15-17.

එවැනි සත්‍යයක් ඉගෙනගැනීමට ලැබුණු අවස්ථාව පිලාත් එකහෙළාම ප්‍රතික්ෂේප කළා. සත්‍යය ඉගෙනගැනීමට ඔබට ලැබී තිබෙන ප්‍රස්තාවට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබටත් හැකියි යේසුස් ඉගැන්වූ “සත්‍යය” කුමක්ද කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසා දැනගන්න. එම සත්‍යය ඔබට කියා දීමට ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වේවි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න