ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 10/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු
    මගේ බයිබල් කතන්දර පොත
  • උරුමය ලැබුණේ යාකොබ්ට
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අවදානමක් තිබුණත් එයා පවුලේ අයව ආරක්ෂා කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 10/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 27:18, 19හි සඳහන් පරිදි ඒසව් මෙන් පෙනී සිටීමෙන් යාකොබ් කළේ වරදක් නේද?

බයිබලයේ සඳහන් එම වාර්තාව සමහරවිට ඔබ කියවා ඇති. මහලු වියේ සිටි ඊසාක් දඩමස් ගෙන එන්න කියා වැඩිමල් පුතා වූ ඒසව්ට කිව්වා. ඉන්පසු මෙසේ පැවසුවා. “මම එයින් කා සතුටු වී මැරෙන්න කලින් ඔබට ආශීර්වාද කරන්නම්.” ඔහු පැවසූ දේ රෙබෙකාට ඇසුණු නිසා ඇය රසවත් ව්‍යාංජනයක් සාදා ඇගේ අනික් පුතා වූ යාකොබ්ට මෙවැනි උපදෙසක් දුන්නා. “ඔබ [මේ ව්‍යාංජනය] තාත්තාට ගිහින් දෙන්න. ඔහු එයින් කා සතුටු වී මැරෙන්න කලින් ඔබට ආශීර්වාද කරයි.” එවිට යාකොබ් ඒසව්ගේ ඇඳුමක් ඇඳගත් අතර මෙහි තිබෙන පින්තූරයේ පෙනෙන පරිදි එළු පැටවුන්ගේ සමෙන් තමන්ගේ බෙල්ල සහ දෑත් වසාගෙන එම ව්‍යාංජනයත් රැගෙන තම පියා ළඟට ගියා. “ඔබ කවුද මගේ පුතේ” කියා ඊසාක් යාකොබ්ගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසයි. “මම ඔබේ කුලුඳුලා වන ඒසව්.” ඊසාක් ඔහුව විශ්වාස කර ඔහුට ආශීර්වාද කළා.—උත්පත්ති 27:1-29, නව ලොව පරිවර්තනය, NW.

රෙබෙකා සහ යාකොබ් එලෙස ක්‍රියා කිරීමට හේතු වූ සෑම කරුණක්ම බයිබලයේ සඳහන් නොවුණත් එම තත්වය හදිසියෙන් උද්ගත වූ එකක් බව එහි දැක්වෙනවා. රෙබෙකා සහ යාකොබ් කළ දේ දේවවචනයෙහි අනුමත කර හෝ හෙළාදැක නැහැයි යන කාරණයෙන් පෙනී යන්නේ බොරුව සහ රැවටීම සඳහා එම සිද්ධිය අතකොළුවක් කරගත යුතු නැති බවයි. කෙසේවුවත් එම සිද්ධිය යම් දෙයක් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙනවා.

මුලින්ම, එම වාර්තාවේ පැහැදිලිව පෙන්වා තිබෙන්නේ පියාගේ ආශීර්වාදය ලැබීමට සුදුස්සාව සිටියේ ඒසව් නොව යාකොබ් බවයි. ඊට හේතුව කලින් වතාවක ඒසව් තම කුසගින්න නිවාගැනීම සඳහා තමාගේ “කුලුඳුල්කම සුළු කොට” තකමින් යාකොබ් සෑදූ ව්‍යංජනයකට එය විකුණා තිබීමයි. (උත්පත්ති 25:29-34, NW) යාකොබ් තම පියා වෙත ළඟා වී තමන්ට හිමි විය යුතු වූ ආශීර්වාදය ලබාගත්තේ එම හේතුව නිසයි.

දෙවනුව, තමා යාකොබ්ට ආශීර්වාද කළ බව ඊසාක්ට අවබෝධ වූ විට එය වෙනස් කිරීමට ඔහු කිසි වෑයමක් දැරුවේත් නැහැ. ඔහු එසේ වෑයම් නොකළේ නිවුන් දරුවන් බිහිවීමට පෙර “වැඩිමලා බාලයාට සේවය කරයි” කියා යෙහෝවා දෙවි රෙබෙකාට කලින් පවසා තිබූ දේ ඔහුට සිහිපත් වූ නිසා විය හැකියි. (උත්පත්ති 25:23, NW) එමෙන්ම යාකොබ් හාරාන් බලා පිටත් වීමට පෙර ඊසාක් කලින් කළ ආශීර්වාදයට තවත් ආශීර්වාද එක් කළා.—උත්පත්ති 28:1-4.

තුන්වනුව, අපි මතක තබාගත යුත්තේ යෙහෝවා දෙවි සිදු වූ ඒ හැම දේම දැනගෙන සිටියා පමණක් නොව සිද්ධ වෙන දේ ගැනත් උනන්දුවෙන් සිටි බවයි. ඊසාක් දුන් ආශීර්වාදය දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුවටත් සම්බන්ධයි. (උත්පත්ති 12:2, 3) යාකොබ්ට එම ආශීර්වාදය ලැබීම වළක්වන්න දෙවිට වුවමනා වුණා නම් ඒ සඳහා මැදිහත් වෙන්න ඔහුට හැකිකම තිබුණා. ඒ වෙනුවට යෙහෝවා දෙවි තවත් එය තහවුරු කරමින් යාකොබ්ට මෙසේ පැවසුවා. ‘ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.’—උත්පත්ති 28:10-15, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න