ඔබට මතකද?
මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රස වින්දනයක් ලැබුවාද? එසේනම් පහත දැක්වෙන ප්‍රශ්නවලට ඔබට පිළිතුරු දිය හැකිදැයි බලන්න.
• මීකා පොතේ තිබෙන පරිච්ඡේද ගණන කීයද? එය ලියනු ලැබුවේ කවදාද? ඒ කාලයේදී පැවතියේ කුමන ආකාරයේ තත්වයක්ද?
මීකා පොතේ පරිච්ඡේද හතක් ඇත. අනාගතවක්තෘ මීකා මේ පොත ලීවේ ක්‍රි.පූ. අටවන සියවසේදීය. ඒ කාලයේදී දෙවි සමඟ ගිවිසුමකට බැඳී සිටි ජාතිය ඊශ්‍රායෙල් සහ යූදා වශයෙන් ජාතීන් දෙකක් ලෙස බෙදී සිටියේය.—8/15, 9 පිටුව.
• මීකා 6:8ට [NW] අනුව දෙවි අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?
“යුක්තිය ඉෂ්ට කිරීම” අපෙන් බලාපොරොත්තු වේ. දෙවි ක්‍රියා කරන්නේ යුක්ති සහගත ආකාරයටයි. එනිසා අවංකභාවය හා අඛණ්ඩතාව පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්ති අප උසස් කොට සැලකිය යුතුයි. “කරුණාවට ඇලුම් වන්න” කියා ඔහු අපට පවසයි. විපත්ති යනාදියට ගොදුරු අයගේ අවශ්‍යතා සපුරාලීමට පියවර ගැනීමෙන් ක්‍රිස්තියානීන් ප්‍රේමණීය කරුණාව පෙන්වා තිබේ. අප යෙහෝවා “සමඟ නිහතමානීව ගමන් කිරීමට” නම් අපගේ සීමාවන් මොනවාද කියා හඳුනාගෙන, අප ඔහු මත රඳා සිටිය යුතුයි.—8/15, 20-2 පිටු.
• රැකියාව අහිමි වූ විට ක්‍රිස්තියානියෙකු කුමක් කළ යුතුද?
තමන්ගේ ජීවන රටාව යළිත් සෝදිසි කර බැලීම නැණවත් දෙයක් වෙයි. සමහරවිට වඩාත් කුඩා නිවසක පදිංචියට යෑමෙන් හෝ අනවශ්‍ය ද්‍රව්‍යමය දේවල් ඉවත් කර දැමීමෙන් හෝ තමන්ගේ ජීවන රටාව වඩාත් සරල කරගත හැකියි. එදිනෙදා අවශ්‍යතා දිගටම ලබාගැනීමට අපට උපකාර කරන්න දෙවිට හැකි බව විශ්වාස කරමින්, ඒවා ගැන කනස්සලු වීම නතර කර දැමීම වැදගත් දෙයකි. (මතෙව් 6:33, 34)—9/1, 14-15 පිටු.
• විවාහ මංගල්‍යවලදී තෑගි දෙන විට හෝ ලබන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද?
තෑගි ඉතා මිල අධික ඒවා විය යුතු නැත. එමෙන්ම එවන් තෑගි අපේක්ෂා නොකළ යුතුය. වඩාත් අනර්ඝ වන්නේ තෑගි දෙන්නාගේ හෘද තත්වයයි. (ලූක් 21:1-4) තෑග්ගක් දුන් කෙනාගේ නම නිවේදනය කිරීම කාරුණික දෙයක් නොවේ. එසේ කිරීමෙන් අන් අයට අපහසුතාවක් දැනිය හැකියි. (මතෙව් 6:3)—9/1, 29 පිටුව.
• අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?
නිතිපතා යාච්ඤා කිරීමෙන් දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව තව තවත් ශක්තිමත් වන අතර දරුණු පරීක්ෂණවලට මුහුණ දීමේ හැකියාවද අපට ලැබෙයි. අවශ්‍යතාව හෝ තත්වයන් අනුව අපේ යාච්ඤා කෙටි වෙනවාද නැත්නම් දීර්ඝ වෙනවාද කියා තීරණය විය හැකියි. ඇදහිල්ල ගොඩනඟා ගැනීමටත් ගැටලු හැසිරවීමටත් යාච්ඤාව අපට උපකාරවත් වේ.—9/15, 15-18 පිටු.
• ඇතැම් අනුවාදවල ‘මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබීම’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන 1 කොරින්ති 15:29 අප තේරුම්ගත යුත්තේ කෙසේද?
පාවුල් ඉන් අදහස් කළේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස් මෙන් මරණය දක්වාම විශ්වාසවන්තකම අඛණ්ඩව පවත්වාගනු ලබන ආකාරයේ ජීවන මඟකට ඇතුළත් වෙමින් බව්තීස්ම වන බවයි. ඉන් අනතුරුව, ක්‍රිස්තුස් මෙන් ඔවුන්වද ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවනු ලැබේ.—10/1, 29 පිටුව.
• ක්‍රිස්තියානියෙකු බවට පත්වීමේදී 1 කොරින්ති 6:9-11 දක්වා සඳහන් වැරදිවලින් වැළකී සිටීමට වඩා වැඩි දෙයක් ඇතුළත් වන බව අප දන්නේ කෙසේද?
ක්‍රිස්තියානියෙකු වැළකී සිටිය යුත්තේ වේශ්‍යාකම, රූප වැඳීම හා බේබදුකම යනාදි වැරදිවලින් පමණක් කියා පාවුල් පැවසුවේ නැත. තවත් වෙනස්කම් කිරීම අවශ්‍ය විය හැකි බව පෙන්වා දෙමින් ඔහු ඊළඟ වගන්තියේ මෙසේ පවසයි. “සියලු දේ කිරීමට මට අවසර තිබෙන නමුත් සියල්ල ප්‍රයෝජනදායක නොවේ.”—10/15, 18-19 පිටු.
• දෙවිගේ සිත ප්‍රීතිමත් කළ පුරාණයේ විසූ ස්ත්‍රීන්ගෙන් සමහරදෙනෙක් කවුද?
අලුත උපන් ඊශ්‍රායෙල් ජාතික පිරිමි දරුවන් මරා දමන්න කියා පාරාවෝ දුන් නියෝගයට කීකරු නොවූ වින්නඹුවන් වූ ෂිප්රා සහ පුවා ඔවුන් අතර වූහ. (නික්මයාම 1:15-20) කානානීය ජාතික වේශ්‍යාවක් වූ රාහබ් ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක්ව ආරක්ෂා කළාය. (යෝෂුවා 2:1-13; 6:22, 23) සිහිනුවණ පාවිච්චි කළ අබිගායිල් ජීවිත බේරාගැනීමට උපකාර කළ අතර ලේ වරදින් දාවිත්ව ආරක්ෂා කළේය. (1 සාමුවෙල් 25:1ආ-35) මෙම කාන්තාවෝ වර්තමානයේ සිටින කාන්තාවන්ට ආදර්ශයක් සපයති.—11/1, 8-11 පිටු.
• විනිශ්චයකාරයන්ගේ පොතේ 5:20හි සඳහන් වන පරිදි සිසෙරාට විරුද්ධව “තාරකාවෝ අහසේ සිට යුද්ධ කළේ” කෙසේද?
සමහරු සිතන්නේ මෙම ප්‍රකාශයෙන් අඟවන්නේ දිව්‍ය උපකාර ලැබීම ගැන බවයි. මෙහිදී සිදු වූයේ දේවදූතයන්ගේ සහය ලැබීම හෝ උල්කාපාත වර්ෂාවක් ඇතිවීම හෝ සිසෙරා ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ අනාවැකි මත රඳා සිටීම හෝ කියා තවත් සමහරු පෙන්වා දෙති. මේ ගැන බයිබලය විස්තර කර නොමැති නිසා ඊශ්‍රායෙල් හමුදාවට දෙවිගෙන් ලැබුණු උපකාරයක් එම ප්‍රකාශයෙන් ඇඟවෙන බව අපට සිතිය හැකියි.—11/15, 30 පිටුව.
• ආගම කෙරෙහි කිසි උනන්දුවක් හෝ තැකීමක් නොපෙන්වන බව පුළුල්ව දක්නට තිබුණද දෙවිව විශ්වාස කරනවා කියා බොහෝදනෙක් පවසන්නේ මන්ද?
සමහරු පල්ලි යන්නේ සිතට සහනයක් සොයාගැනීම සඳහායි. තවත් අය මරණයෙන් පසු සදා ජීවනය ලැබීමේ බලාපොරොත්තුවෙන් හෝ සෞඛ්‍යය, ධනය සහ සමෘද්ධිය ලැබීමට ආශාවෙන් සිටිති. කොමියුනිස්ට්වාදී අදහස් වෙනුවට ධනවාදී ආකල්පවලට හසුවීම හේතුවෙන් අධ්‍යාත්මික වශයෙන් ඇති වී තිබෙන හිස්භාවය තරමකට හෝ නැති කරගැනීමට ඇතැම් රටවල ජනයා වෑයම් කරති. මෙවැනි හේතු ගැන දැනුවත්ව සිටීමෙන් ක්‍රිස්තියානියෙකුට අර්ථාන්විත සාකච්ඡාවන්ට මුලපිරිය හැකියි.—12/1, 3 පිටුව.