ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 12/15 32 පි.
  • ‘ඇසේ ආලේප කිරීමට අඳුන්’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඇසේ ආලේප කිරීමට අඳුන්’
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 12/15 32 පි.

‘ඇසේ ආලේප කිරීමට අඳුන්’

පළමු ශත වර්ෂයේ කුඩා ආසියාවේ, ලවොදික නගරයේ පිහිටි ක්‍රිස්තියානි සභාවට මෙම ප්‍රතිකාරය නිර්දේශ කළේ යේසුස් ක්‍රිස්තුස් විසිනි.

‘ඇස් පෙනෙන පිණිස ඇසේ ආලේප කිරීමට අඳුන් මිල දී ගන්න’ කියා යේසුස් කීය. (නව අනුවාදය) මෙය හැබෑම ඇස් රෝගයක් නොව, ප්‍රතිකාරයක් අවශ්‍ය කරවන ආත්මික අන්ධභාවයකි. එනම්, ලවොදික සභාවේ සිටි ක්‍රිස්තියානීහු ආත්මික අවශ්‍යතා ගැන කිසිදු තැකීමක් නොකරන තරමට තමන් ජීවත් වූ ධනවත් නගරයේ තිබූ ද්‍රව්‍යවාදී ආකල්පයට නතු වී සිටියහ.

ඔවුන්ගේ දෘෂ්ටි ආබාධයට හේතුව යේසුස් මෙසේ පෙන්වා දුනි. “කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ [කියන්නේය].” ඔවුන් නොදැන සිටියත් සභා සාමාජිකයන්ට යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමට සහ හික්මවීමට යටත් වීමෙන් පමණක් ලබාගත හැකි “අඳුන්” නමැති සුවකාරකය අවශ්‍යව තිබුණි. එය ‘මාගෙන් මිල දී ගන්න’ කියා යේසුස් පැවසුවේය.—එළිදරව් 3:17, 18. (අකුරු ඇල කළේ අපය.)

ලවොදිකයේ සිටි අය සම්බන්ධයෙන් එය සැබෑ වූවාක් මෙන් අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද තමන් ජීවත් වන සමාජයේ දසත පැතිරී තිබෙන ද්‍රව්‍යවාදයට සහ සැප සෙල්ලමට ලැදි පරිසරයට නොදැනුවත්ම ඇදී යෑමට ඉඩ නොදිය යුතුයි. සුවදායි ආත්මික ආකල්පයක් පවත්වාගැනීමට අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවක් මෙම උපදේශයේ ගැබ් වී තිබේ. ‘නුඹේ ඇස් පෙනෙන පිණිස ඇසේ ආලේප කිරීමට අඳුන් [යේසුස්ගෙන්] මිල දී ගන්න.’

සැලකිල්ලට ගත යුතු කාරණයක් තිබේ. එනම්, මෙම “අඳුන්” ලබාගැනීම සඳහා යම් මිලක් වැය කළ යුතුයි. එම මිල නම් දෙවිගේ වචනය පාඩම් කිරීමට සහ මෙනෙහි කිරීමට යොදවන කාලය මිස අන් කිසිවක් නොවෙයි. තවද ගීතිකාකරු අපට සහතිකයක් දී තිබේ. දෙවිගේ ආඥා “පවිත්‍රය, [ආත්මික] ඇස් එළිය කරන්නේය.”—ගීතාවලිය 19:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න