ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 5/15 27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෙසියස් වහන්සේ පැමිණීමට තිබීමේ හේතුව අගය කිරීම
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 5/15 27 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දානියෙල් 9:24හි පුරෝකථනය කළ පරිද්දෙන්, “අති ශුද්ධස්ථානය” ආලේප කරන ලද්දේ කවදාද?

දානියෙල් 9:24-27හි සඳහන් අනාගතවාක්‍යය “අධිපතියාවූ ආලේපලත් තැනැත්තා” වන ක්‍රිස්තුස්ගේ පෙනී සිටීම හා සම්බන්ධයි. මෙහි සඳහන්ව ඇති “අති ශුද්ධස්ථානය” ආලේප කිරීමෙන් අදහස් වන්නේ, යෙරුසලමේ තිබූ දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය ආලේප කිරීම නොවන බව සඳහන් කළ යුතුයි. මෙම “අති ශුද්ධස්ථානය” යන වදනින් දෙවි සිටින පූජනීය ස්ථානය වන ස්වර්ගයට යොමු දක්වන අතර, එය යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වේ.a—හෙබ්‍රෙව් 8:1-5; 9:2-10, 23.

දෙවිගේ ආත්මික දේවමාළිගාව ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ කවදාද? මේ ගැන දැනගැනීම සඳහා පොදු යුගයේ 29දී යේසුස් ඔහුගේ බව්තීස්මය සඳහා ඉදිරිපත් වූ විට සිදු වූ දේවල් සලකා බලන්න. එදා සිට යේසුස් ගීතාවලිය 40:6-8හි සඳහන් වදන් සම්පූර්ණ කළේය. ‘ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම් කර දුන්නේය’ යනුවෙන් එක් අවස්ථාවකදී යේසුස් කළ යාච්ඤාව පාවුල් පසුව ගෙනහැර දැක්වීය. (හෙබ්‍රෙව් 10:5) එපමණක්ද නොව යෙරුසලමේ දේවමාළිගාව තුළ දිගටම සිදු කෙරෙමින් තිබුණ සත්ව පූජාවලට දෙවි ‘කැමති නොවූ’ බව යේසුස් හොඳින් දැන සිටියේය. මේ නිසා යෙහෝවා පූජා කිරීම සඳහා යේසුස්ට සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක් සූදානම් කර දුන්නේය. යේසුස් තමාගේ හද පත්ලේ තිබූ ආශාව ප්‍රකාශ කළේ මෙසේය: “[දෙවි,] මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි.” (හෙබ්‍රෙව් 10:7) මෙයට යෙහෝවා දැක්වූ ප්‍රතිචාරය කුමක් වීද? මතෙව්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වී ඇත. ‘යේසුස් බව්තීස්ම වූ කෙණෙහිම දියෙන් [ගොඩට අවේය.] බලව, අහස ඔහුට විවර විය. දෙවිගේ ආත්මය පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද ඔහු දුටුවේය. තවද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.’—මතෙව් 3:16, 17.

යේසුස් පූජාවක් ලෙස ඉදිරිපත් කළ ශරීරය යෙහෝවා දෙවි විසින් පිළිගැනීමෙන් අඟවන්නේ යෙරුසලමේ දේවමාළිගාවේ තිබූ පූජාසනයට වඩා විශිෂ්ට පූජාසනයක් තිබෙන බවය. මෙය දෙවිගේ “කැමැත්ත” නමැති පූජාසනය වේ. එනම් යෙහෝවා යේසුස්ගේ මිනිස් ජීවිතය පූජාවක් ලෙස පිළිගැනීමට යෙදූ විධිවිධානයයි. (හෙබ්‍රෙව් 10:10) යේසුස්ව ශුද්ධාත්මයෙන් ආලේප කිරීමෙන් සනාථ කළේ ආත්මික දේවමාළිගා විධිවිධානය ක්‍රියාත්මක වීම දෙවි විසින් ආරම්භ කළ බවය.b මේ අනුව, යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවිගේ ස්වර්ගික වාසස්ථානය, මහත් ආත්මික දේවමාළිගා විධිවිධානයෙහි “අති ශුද්ධස්ථානය” වශයෙන් ආලේප කරන ලදි, නොහොත් වෙන් කරන ලදි.

[පාදසටහන්වල]

a වැඩි විස්තර සඳහා, දෙවිගේ ආත්මික දේවමාළිගාවේ විවිධ අංගයන් සාකච්ඡා කෙරෙන 1996 ජූලි 1, මුරටැඹ කලාපයේ පිටු 14-19 බලන්න.

b දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතෙහි 195වන පිටුවේ අමතර විස්තර ඇත.

[27වන පිටුවේ පින්තූරය]

යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී “අති ශුද්ධස්ථානය” ආලේප කරන ලදි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න