“අපේ පල්ලි සාමාජිකයන්ව අවදි කරන්නේ කොහොමද?”
ෆා මෙයි ක්රේතියෙන් (ක්‍රිස්තියානි පවුල) යන ප්‍රංශ භාෂාවෙන් පළ වන කතෝලික සඟරාවෙන් ඉස්මතු වූ මෙම ප්රශ්නය බොහෝදෙනාගේ පුදුමයට හේතුවක් නොවෙයි. බ්‍රිතාන්‍යයේ කාර්දිනල් හියුම් පවා පල්ලි සාමාජිකයන්ව හැඳින්වූයේ “නිදන යෝධයන්” ලෙසටයි. මොවුන්ව අවදි කිරීම සඳහා අන්‍යයන්ට ධර්මය දේශනා කරන පල්ලියෙන්ම බිහි වන කණ්ඩායම් පිහිටුවීම යෝජනා කර ඇති එක් ක්රමයකි. පල්ලිවලට අමුතුම දෙයක් වන මෙම ක්‍රමය “අලුත් උපායන් යොදාගැනීමෙන් කිතු දහම ඍජුව ප්‍රචාරය කිරීමක්” කියා ඉතාලි ජාතික පූජකයෙක් හඳුන්වයි. පාප් මෙවැනි අභිප්රායන් ක්‍රියාත්මක කරවීම උනන්දු කර ඇති නමුත් තමන්ගේ ඇදහිල්ල සෙසු අය සමඟ බෙදාගැනීම එතරම්ම අවශ්‍ය දෙයක් යන්න සෑම කෙනෙකුම පිළිගන්න කැමති නැහැ.
පීජී පෙරීනි නම් වූ මිලානයේ වෙසෙන උපපූජකයෙක් මෑතකදී අප්‍රිකාවට ගියා. එහිදී කන්‍යා සොහොයුරියක් ඔහුට මෙහෙම පැවසුවා: “මම මෙහේ හිටපු අවුරුදු 40 තුළ අප්‍රිකානු සංස්කෘතියට හානියක් නොකරන්න යේසුස්ගේ නමවත් සඳහන් කරලා නෑ.” උපපූජකයාගේ කලකිරුණු නිගමනය මෙයයි: “අපි දැන් යේසුස් ගැන කතා කරන්නේවත් නැහැ; එතුමන් ගැන කිසිම දෙයක් අපි බෙදාගන්නේ නෑ; ශුභාරංචිය දේශනා කරන්නෙත් නෑ.” ඒ වුණත් වෙනත් බොහෝදෙනෙකුට දේශනා සේවය තම ජීවිත රටාවේ අතිවැදගත් දෙයක්. ඒ වගේම ආත්මිකව අවදිව සිටීමේ විශේෂ මාර්ගයක්. පීජී පෙරීනි යථාර්ථය මෙසේ පිළිගනියි: “වෙළඳ පොළේදී ක්‍රිස්තුස් ගැන කතා කරන දෙදෙනෙක්ව මුණ ගැසුණොත් නැත්නම් බයිබලයක් ඔසවාගෙන කවුරුහරි ඇවිදිනවා දැක්කොත් එකපාරටම හිතෙන්නේ මොකක්ද? අර යන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියල නේද!”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන සාකච්ඡා කිරීමට දශලක්ෂ ගණන් අය සතුටු වෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශයේ පවා බයිබල් පාඩම් පැවැත්වීමේ වැඩපිළිවෙළක් සාක්ෂිකරුවන් සැලසුම් කර ඇති බව නිසැකයි. පළමු ශතවර්ෂයේ වුණාක් මෙන් මෙම උද්යෝගිමත් ක්‍රිස්තියානීන් එකිනෙකාට තමන්ගේ ඇදහිල්ල බෙදාගැනීමට උනන්දු කරනවා. ඔවුන් රැස්වීම් පැවැත්වීමට එක්රැස් වෙන (රාජ්‍ය ශාලා ලෙස හැඳින්වෙන) ස්ථාන උණුසුම්භාවයෙන් හා මිත්‍රත්වයෙන් පිරී ඉතිරී යනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගොස් ආත්මික ඇල්මැරුණු ස්වභාවයක් මැඩපවත්වන්නේ කෙසේද කියා පෞද්ගලිකව ඉගෙනගැනීම සුදුසු නැද්ද?