පෙරදිග නත්තල
• වසර දෙසීයකට පමණ පෙර, ප්‍රමුඛ පෙළේ කොරියානු ප්‍රවීණයෙක් චීනයේ පීකිංවලට ගියා. ඔහු, රදගුරු දෙව් මැදුරේ සිවිලිමේ චිත්‍රය දෙස බලා සිටියදී, කුඩා යේසුස්ව අතේ රුවාගත් මරියාගේ දර්ශනයක් දැක්කා. මෙම පුදුම එළවන චිත්‍රය සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙලෙසයි:
“වයස අවුරුදු පහක හෝ හයක විතර අසනීප ගතියක් ඇති දරුවෙකුව කාන්තාවක් උකුළේ තියාගෙන හිටියා. පුතා දිහා බලාගෙන ඉන්න බැරි ශෝකයෙන් මෙන් ඇගේ බෙල්ල කඩා වැටිලා වගෙ තිබුණා. ඒ වගේම ඔවුන්ගෙන් හුඟක් ඈතට වෙන්න දේවදූතයන් හා අවට එහා මෙහා සැරිසරන පියාපත් ඇති පුංචි දේවදූතයන් ගොඩක් හිටියා. මට ඉහළින් හිටිය ඔවුන් දිහා බලද්දී, හරියට ඔවුන් කොයි මොහොතක හරි මගේ ඇඟට කඩා වැටෙන්න යනවා වගෙයි පෙනුණේ. බය වෙච්ච පාරට මම ඔවුන්ව අල්ලන්න මගේ දෑත් දික් කළා.”
යුරෝපයේ ප්‍රතිසංස්කරණය පටන්ගෙන බොහෝ කලකට පසු, එනම් මධ්‍යකාලීන යුගයේ අඳුරු යුගයටත් හුඟ කලකට පසුව සිද්ධ වූ දෙයකි එය. නමුත් පෙරදිග වැසියන් වැඩිදෙනෙකුට, එම චිත්‍රය විතරක් නෙවෙයි ක්‍රිස්තු ධර්මයත් නුහුරු නුපුරුදු එකක් වුණා. එම තත්වය දැන් මොනතරම් වෙනස් වෙලාද! සෑම නත්තල් සමයකදීම, බිළිඳු යේසුස්ගේ දර්ශන දැකිය හැකියි. පෙරදිග වැසියන් එවැනි දර්ශනවලට හොඳින් හුරු පුරුදු වී තිබෙන අතර, එහි වීදි බොහෝමයක් දැන් යුරෝපයේ ඒවා වගේමයි.
නත්තලට මාසෙකට කලින්, 1998 නොවැම්බර් 25වනදා, පැරිසියේ ෂොන්සේලීසේහි ප්‍රසිද්ධ මාවත්වල ගස් 300ක, විදුලි බුබුලු 1,00,000ට වඩා දීප්තිමත්ව දල්වා තිබේ. මේ හා සමානව, කොරියාවේ සියොල්හි ප්‍රධාන නගරයක සුපිරි වෙළඳ සැලක් මගින් යෝධ නත්තල් ගහක් ප්‍රදර්ශනය කර තිබෙන අතර, එමගින් රාත්‍රියේදී එම ප්‍රධාන නගරය ආලෝකවත් කිරීමට පටන්ගැනේ. වැඩි දවසක් නොයා එහි වීදි නත්තල් සැරසිලිවලින් අලංකාර වෙයි.
රූපවාහිනිය, ගුවන්විදුලිය හා පුවත්පත් දවසක් දවසක් පාසා නත්තල් වැඩසටහන් ඉදිරිපත් කරයි. නත්තල් අසිරියෙන් කුල්මත් වන මුළු රටම නව වසර පිළිගැනීමට බලා සිටිනවා. බොහෝ අමුත්තන්ව පුදුමයට පත් කරවන සියොල්හි පල්ලි ලහි ලහියේ සරසනු ලැබේ. මෙලෙස, එක්සත් ජනපදයේ නොවැම්බර් අගභාගයේ ස්තුති කිරීමේ නිවාඩු දිනය පවත්වද්දී, පෙරදිගෙහි වූ කොරියාව හා වෙනත් රටවල් නත්තල් උද්‍යෝගයෙන් වෙළී සිටියි.
පෙරදිග රටවලින් වැඩිහරියක් ක්‍රිස්තියානි ලෝකයේ කොටසක් හැටියට සැලකෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, කොරියාවේ නාමික ක්‍රිස්තියානීන් සිටින්නේ ජනගහනයෙන් සියයට 26.3ක් පමණයි. හොංකොංහි එය සියයට 7.9ක්; තායිවානයේ සියයට 7.4ක් හා ජපානයේ සියයට 1.2ක් වෙනවා. පැහැදිලිවම, පෙරදිග වැසියන් වැඩිදෙනෙක් ක්‍රිස්තු ධර්මය අදහන්නේ නැති වුණත්, නත්තල පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධත්වයක් දක්වන බවක් නොපෙනෙයි. ඇත්තවශයෙන්ම, ඔවුන් බොහෝවිට අපරදිගෙහි නත්තල සමරන්නන්ට වඩා ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්න තිබෙනවා. නිදසුනක් වශයෙන්, හොංකොංහි ජනාවාසීන්ගෙන් වැඩිදෙනෙක් බෞද්ධ හෝ තවෝ දහම අදහන්නන් වුවත්, එහි විසිතුරු ලෙස නත්තල් උත්සවය පවත්වන බවට ප්‍රසිද්ධියක් උසුලයි. නාමික ක්‍රිස්තියානීන් සියයට 0.1 පමණක් සිටින චීනයේ පවා, නත්තල ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතියි.
පෙරදිගෙහි මේ තරම් පුළුල්ව නත්තල පවත්වන්නේ මන්ද? නාමික ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක් යේසුස්ගේ උපන් දිනය වශයෙන් සලකන නත්තල පැවැත්වීමට, යේසුස්ව මෙසියස් හැටියට පිළි නොගන්න අය හවුල් වන්නේ මන්ද? ඔවුන් නත්තල ගැන දරන ආකල්පයම සැබෑ ක්‍රිස්තියානීනුත් දැරිය යුතුද? පෙරදිගෙහි අති-පැරණි රටක් වන කොරියාවේ නත්තල ජනප්‍රිය වූ ආකාරය සලකා බැලීමෙන් අපට පිළිතුරු සොයාගත හැකියි.