ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 10/1 32 පි.
  • ඔවුන් ‘සැබෑ දෙවිට භය වුණා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුන් ‘සැබෑ දෙවිට භය වුණා’
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 10/1 32 පි.

ඔවුන් ‘සැබෑ දෙවිට භය වුණා’

ඉශ්‍රායෙලිතයන්, මිසරයේ වහලුන්ව සිටියදී හෙබ්‍රෙව් වින්නඹු ස්ත්‍රීන් වූ ෂිප්රාට හා පුවාට කම්පිත කරවන අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණා. ශීඝ්‍රයෙන් වැඩි වෙන විදේශීය ජනගහනය මැඩපැවැත්වීම සඳහා ඵාරාවෝ ඔවුන්ට මෙසේ අණ කළා: “නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, . . . පුතෙක්නම් ඔහු මරන්න.”—නික්මයාම 1:15, 16.

ෂිප්රා සහ පුවා “සැබෑ දෙවිට භය වූ අතර” [NW], එමගින් ධෛර්යය ලැබ ‘මිසරයේ රජු අණ කළ දෙය නොකර සිටියා.’ මෙම එඩිතර අධිෂ්ඨානය ඔවුන්ට අන්තරාදායක විය හැකි වූවත්, ඔවුන් එම පිරිමි දරුවන්ගේ ජීවිත බේරාගත්තා. යෙහෝවා “වින්නඹුවන්ට කරුණාව පෙන්වූ” අතර, ඔවුන්ගේ එම ජීවිත ගළවාගැනීමේ ක්‍රියාවලට හොඳ විපාකද ලබා දුන්නා.—නික්මයාම 1:17-21.

තමාට නමස්කාර කරන්නන්ව යෙහෝවා අගය කරන බව මෙම සිද්ධියෙන් අවධාරණය කරනවා. ෂිප්රා හා පුවාගේ ක්‍රියා නිර්භීත වුණත් ඒවා සාමාන්‍ය මිනිස් දයාව දැක්වීමේ ක්‍රියා ලෙස පමණක් සැලකීමට ඔහුට ඉඩ තිබුණා. මන්දයත් හොඳ සිහියෙන් යුතුව සිටින ස්ත්‍රියක් කිසිදාක දරුවන් මරන්න යන්නේ නෑ! එහෙත් සමහරු, මිනිසුන්ට භයවීම හේතුවෙන් නොයෙක් කෲර දේවල් කර ඇතැයි යන්න යෙහෝවා සැලකිල්ලට ගත් බව නිසැකයි. මෙම වින්නඹු ස්ත්‍රීන් පෙලඹුණේ මිනිස් දයාව නිසා පමණක් නොවූ බවත් දෙවි කෙරෙහි තිබූ භය හා භක්තිය එයට සම්බන්ධ වූ බවත් ඔහු දැන සිටියා.

අපගේ ඇදහිලිවන්ත ක්‍රියා මතකයේ තබාගන්නා දෙවිකෙනෙකුට සේවය කිරීමට හැකිවීම ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද! ඇතැම්විට ෂිප්රාට හා පුවාට මුහුණ දීමට සිදු වූ ආකාරයේ ඇදහිල්ල සම්බන්ධ මහත් පරීක්ෂාවකට, අප මෙතෙක් මුහුණ දී නැති බව සැබෑවක් විය හැකියි. එහෙත් පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී අප හරි දෙය වෙනුවෙන් ස්ථිර වන විට, දෙවි අපගේ පක්ෂපාතී ප්‍රේමය සුළු කොට සලකන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, “[ඔහුව] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු” බවට පත් වෙනවා. (හෙබ්‍රෙව් 11:6) ඔව්, ‘ඔබගේ වැඩයද ඔබ ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්න ඔහු අධර්මිෂ්ඨ නැත.’—හෙබ්‍රෙව් 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න