“කදිම භාර්යාවක් සතු ප්‍රීතිමත් පුරුෂයෙක්”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විවාහ කඩාකප්පල් කරනවා කියා සමහරුන් ඔවුන්ට ඇතැම් අවස්ථාවල දොස් පවරනවා. කෙසේවුවත්, එක් කලත්‍රයෙකු පමණක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ව සිටින සාර්ථක විවාහ ගණනාවක් මගින් මෙම චෝදනාව අසත්‍යය බව හෙළි වෙනවා. පවුල් ජීවිතය සම්බන්ධව තිබෙන බයිබල් උපදෙස් අදාළ කිරීමෙන් ප්‍රීතිමත් විවාහ භුක්ති විඳිය හැකි බව, ප්‍රංශ භාෂා ප්රවෘත්ති පත්‍රයක ප්‍රකාශ වුණ ලිපියක මෙලෙස සනාථ කර තිබෙනවා:
“මම, දැන් අවුරුදු 28කට විතර යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන කදිම භාර්යාවක් සතු ප්‍රීතිමත් පුරුෂයෙක්. මගේ ළමයින් පස්දෙනාගෙන් දෙන්නෙක් ඇගේම දරුවන් නොවුණත්, ඔවුන්ට එක හා සමානව සලකා මහත් ප්‍රේමයකින් ඇති දැඩි කෙරුවා. සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දරමින්, සේවකයන් 45දෙනෙක් එක්ක කටයුතු කිරීමේදී වෘත්තීය අතින් මට සාර්ථකත්වයක් ලැබීමට ඇය විශිෂ්ට ලෙස දායක වුණ බව සහතික වෙන්න පුළුවන්. මේ නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොතේගරොන් ප්‍රදේශයට අනතුරුදායකයි කියලා තිබුණු ලිපියක් මම සාමාන්‍යයෙන් කියවන ප්රවෘත්ති පත්‍රයේ දැක්කාම, ඔබට විශ්වාස කළ හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න මම තීරණය කළා.”
ඔහුගේ ලිපියේ මෙසේද කියවෙනවා: “ඒගොල්ලෝ දුම් බොන්නේවත්, වෙරි වෙන තුරු බොන්නේවත් නැහැ. මෙය අනතුරුදායක දෙයක්ද? ඒගොල්ලෝ සාධාරණ ක්‍රිස්තියානීන් වන අතර, තමන් අනුගමනය කරන නීති මාලාව අනුන් අනුගමනය කළ යුතුයි කියා බල කරන්නේ නැහැ. ඇත්තටම, ඒගොල්ලෝ බොහෝ ආකාරවලින් ආදර්ශවත්. . . . ඒගොල්ලෝ මුදල් වංචාවලවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලවත් පැටලිලා නැහැ. අවිවාහකව සිටීමට ඒ අය බැඳී නැති අතර සාමාන්‍ය ජීවිත ගත කරන බව මම සහතික කරනවා. . . .
“ඇයි ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවන්නේ කියා ඔබ මගෙන් අසන එක සාධාරණයි. එසේ වීමට නම්, ක්‍රිස්තියානි ඇදහිල්ලක් සහ දැඩි සදාචාර ප්‍රමිති අවශ්‍යයි. හැබැයි, මං වගේ හුඟදෙනෙක් අතර ඒ වගේ දෙයක් දකින්න නැහැ.”