නැමීබියාවේ ජීවමාන මැණික් ගල් ඇත
නැමීබියාව අප්‍රිකාවේ නිරිත දිග වෙරළ තීරය දිගේ කිලෝමීටර් 1000ක් වැනි ප්‍රමාණයක් පුරා දිව යයි. රටේ මුළු වෙරළ තීරයම වැලි කඳු, ගල් කඳු හා බොරළුමය තැනිතලාවන්ගෙන් යුක්ත වෙයි. නැමීබියාවේ මටසිලුටු ගල් ඇති වෙරළේ, සිතින් මවාගත හැකි සෑම වර්ණයකින්ම යුත් මැණික්ද ඇත. සමහරක් අවස්ථාවලදී දියමන්තිද සොයාගත හැක. නමුත් මේ ගල්වලට වඩා වටිනා වූ යමක් මෙරටේ ඇත. නැමීබියාවේ ජීවමාන මැණික්, ඒ කියන්නේ විවිධ ජාතීන්ගෙන් යුත් කණ්ඩායම්වලට අයත් මිනිසුන් රැසක් සිටියි.
නැමීබියාවේ මුල්ම වැසියන්, කොයිසන් කියන භාෂා කිහිපයක් කතා කළා. මොවුන් තම උච්චාරණයේ ක්ලික් හඬ හේතුවෙන් ප්‍රසිද්ධව සිටියා. අද කොයිසන් භාෂාව කතා කරන අය අතරට, තද පැහැති සමක් ඇති ඩමාරා, ලා පැහැති සමක් ඇති කුඩා ප්‍රමාණයෙන් යුත් නාමා මෙන්ම සුප්‍රසිද්ධ බුෂ්මන් දඩයක්කරුවන්ද සිටියි. මෑත සියවස්වලදී තවත් බොහෝ කළු ගෝත්‍රිකයන්ද නැමීබියාවට පැමිණ තිබෙනවා. මොවුන්ව ප්‍රධාන ජාතික කණ්ඩායම් තුනකට බෙදිය හැකියි: එනම්, ඔවම්බො (නැමීබියාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම), හෙරේරො හා ක්වාන්ගෝ යනුවෙනි. යුරෝපීය ජාතිකයන් නැමීබියාවේ පදිංචි වීමට පටන්ගත්තේ 19වන ශතවර්ෂයේදීයි. වැලි කතරේ තවත් දියමන්ති සොයාගැනීමත් සමඟ තවත් සංක්‍රමණිකයන් පැමිණියා.
දෙවි තම පුත්‍රයාව දී මිනිස් ලොවට සදාකාල ජීවනයේ ප්‍රස්තාව හිමි කර දුන් අතර, නැමීබියානු වැසියන් එයට අයත් වන බැවින් ඔවුන්ද අනර්ඝයි. (යොහන් 3:16) දැනටමත් ගෝත්‍ර රැසකින් පැමිණෙන නැමීබියානුවන් සියගණනක් ගැළවීමේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වා තිබෙනවා. මේවා ජීවමාන මැණික්වලට සමාන කළ හැක්කේ, දැන් යෙහෝවාගේ නමස්කාරයේ ගෘහයට එකතු කරන “සියලු ජාතීන් අතරින් ආශා වන දේට” ඔවුන්ද අයත් වන නිසයි.—හග්ගයි 2:7, NW.
ආත්මික කැණීම ආරම්භ වෙයි
නැමීබියාවේ ආත්මික මැණික් කැණීමට පටන්ගත්තේ 1928දීයි. වොච්ටවර් සමිතියේ දකුණු අප්‍රිකානු ශාඛාව එම අවුරුද්දේදී, රට පුරා විසිර සිටි මිනිසුන්ට බයිබල් පොත් පත් 50,000ක් පමණ බෙදා දෙනු ලැබුවා. දකුණු අප්‍රිකාවේ ආලේප ලත් ක්‍රිස්තියානියෙක් වන ලීනී ටෙරොන් ඊළඟ අවුරුද්දේදී, ඔවුන් පෙන්වූ උනන්දුව ලුහුබැන්දා. ඇය මාස හතරක කාලයක් තුළ ඒ සුවිශාල වූ රට පුරා තනියෙන් ගමන් කළ අතර, ඇෆ්රිකාන්ස්, ඉංග්‍රීසි හා ජර්මන් යන භාෂාවලින් 6,000කට අධික බයිබල් ආධාරක ප්‍රමාණයක් බෙදා දෙනු ලැබුවා. මේ කිසිම වැඩක් අපතේ ගියේ නැහැ.
උදාහරණයක් හැටියට, ජර්මන් කැණීම්කරුවෙක් වන බ’න්හාට් බ’ඩේ සම්බන්ධ උදාහරණය සලකා බලන්න. වර්ෂ 1929දී, සෑම බිත්තරයක්ම වොච්ටවර් ප්රකාශනයක පිටුවකින් එතූ බිත්තර තොගයක් ගොවියෙකු විසින් ඔහුට සැපයුවා. බ’න්හාට් ආශාවෙන් සෑම පිටුවක්ම කියවමින් පොත ලිව්වේ කවුද කියා කල්පනා කළා. ඔහු අන්තිම පිටුවට පැමිණි අතර, වොච්ටවර් සමිතියේ ජර්මන් ලිපිනයක් එහි දක්නට ලැබුණා. බ’න්හාට් තවත් පොත් පත් ඉල්ලා ලිවූ අතර සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගත් පළමු නැමීබියානු ජාතිකයා වුණා.
පූර්ණ-කාලීන සේවකයන් පැමිණෙයි
වර්ෂ 1950දී, ගිලියද්හි වොච්ටවර් බයිබල් පාසලේ පුහුණුව ලැබූ මිෂනාරිවරුන් හතරදෙනෙක් නැමීබියාවට පැමිණියා. වර්ෂ 1953 වන විට මිෂනාරිවරුන්ගේ ගණන 8ක් දක්වා වැඩි වුණා. ඔවුන් අතරට, තවමත් ඇදහිලිවන්තව මෙහි සේවය කරන ඕස්ට්‍රේලියානු විවාහක යුවළක් වන ඩික් හා කාරලී වොල්ඩ්රන් ඇතුළත් වුණා. දකුණු අප්‍රිකාවෙන් හා විදේශ රටවලින් පැමිණි තවත් බොහෝ පූර්ණ-කාලීන රාජ්‍ය ප්‍රකාශකයන්ද නැමීබියාවේ ආත්මික මැණික් කැණීමේ කාර්යයේ නිරත වී තිබෙනවා. උපස්ථායක පුහුණු කිරීමේ පාසැලින් උපාධි ලැබූවන් ඇතුළු වෙනත් මිෂනාරිවරුන්ද නැමීබියාවට යවා තිබෙනවා.
නැමීබියාවේ ආත්මික වර්ධනයට තුඩු දෙන තවත් සාධකයක් වී ඇත්තේ හෙරේරො, ක්වාන්ගාලී, ක්වාන්යාමා, නාමා/දමාරා හා ඤොන්ගා යන මූලක භාෂාවලින් බයිබල් පොත් පත් පරිවර්තනය කිරීම මෙන්ම ප්‍රකාශ කර තිබීමයි. වර්ෂ 1990 සිට, පූර්ණ-කාලීන ස්වේච්ඡා සේවකයන් සඳහා පරිවර්තන කාර්යාලයක් හා නිවසක් අගනුවර වන වින්ට්හුක්හි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නැමීබියාවේ විවිධ ප්‍රදේශවල පූර්ණ-කාලීන එවැන්ජලිස්ත සේවයේ තම ස්වාමියා සමඟ සහභාගි වූ කැරන් ඩෙපිෂ් මෙසේ පවසයි: “ඔවුන්ගේම භාෂාවෙන් පොත් ඉදිරිපත් කරද්දී ඔවුන් බොහෝදෙනෙක් පුදුමයට පත් වෙනවා. මෙය විශේෂයෙන්ම එසේ වෙන්නේ, එම භාෂාවෙන් කියවන්න ලැබෙන පොත් පොත් තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් නිසයි.”
මැණික් ගල් ඔප්නැංවීම
කාලයාගේ ඇවෑමත් සමඟ, රැළි හා වැලිවල චලනය නිසා නැමීබියාවේ මැණික් ගල් ඔප්නැංවී තිබෙනවා. නමුත්, එවැනි ස්වභාවික ක්‍රියාවලීන් හේතුවෙන් ජීවමාන මැණික් ගල් බිහි වන්නේ නැහැ. “පරණ පෞද්ගලිකත්වය පහ කර දැමීමටත්” ක්‍රිස්තුස් බඳු අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගැනීමටත් අසම්පූර්ණ මනුෂ්‍යයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වෙනවා. (එපීස 4:20-24, NW) උදාහරණයක් හැටියට, නැමීබියාවේ ගෝත්‍ර රැසක් අතරේ මුතුන්මිත්තන්ට කරන නමස්කාරය ගැඹුරින් කාවැදී ඇති සම්ප්රදායක්. මුතුන්මිත්තන් නමස්කාරයේ හවුල් නොවන අයව පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් මගින් පීඩාවට ලක් කෙරෙනවා. ‘මළවුන් කිසිවක් නොදන්නා බව’ පුද්ගලයන්ට දැනගැනීමට ලැබෙන විට, ඔවුන් පරීක්ෂාවකට මුහුණ දෙනවා. (දේශනාකාරයා 9:5) කුමනාකාරයේ පරීක්ෂාවකටද?
හෙරේරො සාක්ෂිකරුවෙක් මෙසේ පැහැදිලි කරයි: “සත්‍යයට කීකරු වීම මහත් අභියෝගයක් වුණා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් සමඟ පාඩම් කිරීමට කැමති වූ නමුත්, මට ඉගෙනගනිමින් සිටි දේවල් අදාළ කිරීමට කාලයක් ගත වුණා. මුලින්ම, සම්ප්‍රදායානුකූල වත් පිළිවෙත් නොපැවැත්වීමෙන් හානියක් නොවන වග සහතික කරගැනීමට සිදු වුණා. උදාහරණයක් හැටියට, නැමීබියාවේ යම් පෙදෙස් මම පසු කරගෙන යමින්, සොහොනකට ගලක් තැබීම හෝ මළවුන්ට ආචාර කිරීමක් හැටියට මගේ තොප්පිය ගැළවීම වැනි දේවල් මම නොකර සිටියා. මෙසේ මුතුන්මිත්තන්ට නමස්කාර නොකිරීම නිසා කිසිවක් සිදු නොවන බව මට කෙමෙන් කෙමෙන් ඒත්තු ගියා. මගේ පවුලේ අයට හා උනන්දුව දක්වන වෙනත් අයට සත්‍යය ඉගැන්වීමට මම දරා ඇති ප්රයත්නයට යෙහෝවා ආශීර්වාද කර තිබීම ගැන මම කොයිතරම් සතුටු වනවාද!”
ආත්මික කැණීම්කරුවන් සඳහා අවශ්‍යතාව
වර්ෂ 1950 මිෂනාරිවරුන්ගේ පැමිණීමට කලින්, නැමීබියාවේ සිටියේ ශුභාරංචියේ එක් ප්‍රචාරකයෙක් පමණයි. එම ගණන ක්‍රම ක්‍රමයෙන් 995ක උපරිමයක් දක්වා වැඩි වී තිබෙනවා. එහෙත් කිරීමට තව බොහෝ වැඩ තිබෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, සමහරක් ප්‍රදේශවලට තවමත් අත තියලවත් නැහැ. ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් සඳහා අවශ්‍යතාවක් ඇති තැනක සේවය කිරීමට ඔබ සුදුසු තත්වයක සිටිනවාද? ඔබ එවැනි තත්වයක සිටිනවා නම්, කරුණාකර නැමීබියාවට ගොඩවැදී තවත් ආත්මික මැණික් ගල් සොයාගෙන ඒවා ඔප්නැංවීමට අපට උපකාර කරන්න.—ක්‍රියා 16:9 සසඳන්න.
[26වන පිටුවේ සිතියම⁄පින්තූර]
(සඟරාව බලන්න)
අප්‍රිකාව
නැමීබියාව
[පින්තූර]
නැමීබියාව අලංකාර මැණික් ගල්වලින් යුත් රටකි
[හිමිකම් විස්තර]
සිතියම්: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.; දියමන්ති: නැම්ඩෙක් දියමන්ති ආයතනය අනුග්‍රහයෙන්
[26වන පිටුවේ පින්තූර]
නැමීබියාවේ සෑම ජනවාර්ගික කණ්ඩායමකටම ශුභාරංචිය දේශනා කරමින් සිටිනවා
[28වන පිටුවේ පින්තූරය]
රාජ්‍ය ප්‍රකාශකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශයක ඔබට සේවය කරන්න පුළුවන්ද?