ඔබට මතකද?
මුරටැඹ සඟරාවේ මෑතක පළ වූ කලාප කියවන විට ඔබ ඒවා අගය කළාද? හොඳයි, එහෙම නම්, මතු දැක්වෙන ප්‍රශ්නවලට ඔබට උත්තර දෙන්න පුළුවන්ද කියා බලන්න:
◻‘ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතියෝ’ යන පාවුල්ගේ ප්‍රකාශය ආලේප ලත් ක්‍රිස්තියානීන් සඳහා එතරම්ම යෝග්‍ය වන්නේ මන්ද? (2 කොරින්ති 5:20)
පුරාණ කාලයේ, තානාපතිවරුන්ව විශේෂයෙන්ම යවනු ලැබුවේ යුද්ධ කාලවලදී යුද්ධ වළක්වන්න පුළුවන්දැයි බැලීම සඳහායි. (ලූක් 14:31, 32) මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත පාපතර ලෝකය දෙවිගෙන් විදේශීව සිටින නිසා, දෙවි සමඟ සමාදානය ඇති කරගැනීමට උනන්දු කරවමින් සමගි කිරීම සඳහා වූ දෙවිගේ කොන්දේසි ජනයාට දැනුම් දීමට දෙවි තම ආලේප ලත් තානාපතිවරුන්ව ඔවුන් වෙතට යවමින් සිටිනවා.—12/15, 18වන පිටුව.
◻ආබ්‍රහම්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ කාරණා හතර කුමක්ද?
පළමුව, යෙහෝවා කතා කළ විට ඇහුම්කන් දීම මගින් ඔහු තමාගේ ඇදහිල්ල පෙන්නුවා (හෙබ්‍රෙව් 11:8); දෙවනුව, ඔහුගේ ඇදහිල්ල බලාපොරොත්තුවට කිට්ටුවෙන්ම සම්බන්ධව තිබුණා (රෝම 4:18); තුන්වෙනුව, ආබ්‍රහම් නිතරම යෙහෝවා සමඟ කතා කළා; සිව්වනුව, ආබ්‍රහම් දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය කළ විට යෙහෝවා ඔහුට උපකාර කළා. මේ දේවල්වලට අදදින අපේ ඇදහිල්ලත් ශක්තිමත් කළ හැකියි.—1/1, 17, 18 පිටු.
◻‘අපව පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ කුමක්ද? (මතෙව් 6:13)
දෙවිට අකීකරු වීම සඳහා අපව පරීක්ෂාවට පමුණුවන විට එයින් අසමත් වීමට අපට ඉඩනාරින්න කියා අප දෙවිගෙන් ඉල්ලමින් සිටිනවා. පරීක්ෂා හමුවෙහි අත්නෑර සිටින්නත්, “නපුරා” වන සාතන්ගෙන් යටපත් නොවී සිටින්නත් අපට මඟ පෙන්වන්න ඔහුට පුළුවන්. (1 කොරින්ති 10:13)—1/15, 14වන පිටුව.
◻වැරදිවලට දෙවිගෙන් සමාව ලබාගැනීමට යමෙකු කළ යුත්තේ මොනවාද?
දෙවිට කරන පාපෝච්චාරණය පසුතැවිල්ල හා “පසුතැවිල්ලට සුදුසු ඵල” හා සම්බන්ධ විය යුතුය. (ලූක් 3:8) ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාරය පැතීමට යමෙකුව පොලඹවන්නේ පසුතැවිලි වීමේ ස්වභාවය හා වැරැද්ද නිවැරදි කරගැනීමට තිබෙන ආශාවයි. (යාකොබ් 5:13-15)—1/15, 19වන පිටුව.
◻නිහතමානි වීමට අපි මහත් පරිශ්‍රමයක් දැරිය යුත්තේ ඇයි?
නිහතමානි තැනැත්තා සන්සුන් මෙන්ම බොහෝ ඉවසිලිවන්තයි; ඒ වගේම තමා ගැන ඕනෑවට වඩා සිතන්න යන්නේ නැහැ. ඔබට ආදරය කරන සැබෑ මිතුරන්ව එය අත් කර දෙනවා. ඊට වඩා වැදගත් දේ නම්, එය යෙහෝවාගේ ආශීර්වාද ගෙන ඒමයි. (හිතෝපදේශ 22:4)—2/1, 7වන පිටුව.
◻යේසුගේ මරණය සහ ආදම්ගේ මරණය අතර තිබෙන්නේ කිනම් විශේෂාකාර වෙනසක්ද?
ආදම් කැමැත්තෙන්ම තම මැවුම්කරුට අකීකරු වූ නිසා ඔහු මරණය ලැබීමට සුදුසුව සිටියා. (උත්පත්ති 2:16, 17) ඊට වෙනස්ව, යේසු, “කිසි පාපයක් නොකළ” නිසා මරණය ඔහුට කොහෙත්ම ලබන්න වටිනා දෙයක් වුණේ නැහැ. (1 පේතෘස් 2:22) එමනිසා යේසු මියගිය විට, පව්කාරයා වන ආදම් මියගිය අවස්ථාවේදී ඔහුට නොතිබූ මහත් වටිනාකමකින් යුත් යමක් තිබුණා. එනම් පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ජීවිතය ගත කිරීමට අයිතියක් ඔහුට තිබුණා. මේ අනුව, මනුෂ්‍යවර්ගයා උදෙසා මිදීමේ මිලයක් ගෙවීමේදී යේසුගේ මරණයට පූජනීය වටිනාකමක් තිබුණා.—2/15, 15, 16 පිටු.
◻එසකියෙල්ගේ අනාවැකිමය දර්ශනයෙහි නුවරින් නියෝජනය කරන්නේ කුමක්ද?
මෙම නුවර පිහිටා තිබෙන්නේ කෙලෙසුණු (ශුද්ධ නොවූ) දේශයක් මධ්‍යයෙහි නිසා මෙය භූමික යමක් විය යුතුයි. එනිසා, එය භූමික පරිපාලනය සංකේතවත් කරන බව පෙනෙන අතර, ධර්මිෂ්ඨ භූමික සමාජයට අයිති සියලුදෙනාම ඉන් ප්‍රයෝජන ලබන්න යනවා.—3/1, 18වන පිටුව.
◻පොදු යුගයේ 33 පාස්කුව පවත්වමින් සිටියදී යේසු තම ගෝලයන්ගේ පාද සේදුවේ ඇයි?
යේසු පාද සේදීමේ ආගමික චාරිත්‍රයක් ස්ථාපිත කරමින් සිටියා නොවේ. ඒ වෙනුවට, ඔහු තම ප්‍රේරිතයන්ට අලුත් ආකල්පයක්, එනම් නිහතමානීකම සහ තම සහෝදරයන් වෙනුවෙන් යටහත් පහත් ක්‍රියාවන් පවා කිරීමට කැමැත්තෙන් සිටීම පිළිබඳ ආකල්පයක් වර්ධනය කරගන්න උපකාර කරමින් සිටියා.—3/1, 30වන පිටුව.
◻අප අනිත් අයට ඉගැන්වීමේදී, සහජ හැකියාවන්ට වඩා වැදගත් වන්නේ කුමක්ද?
එය තමයි අප සතුව තිබෙන ගුණාංග සහ ශිෂ්‍යයන්ට අනුකරණය කළ හැකි අප වර්ධනය කරගෙන ඇති ආත්මික පුරුදු. (ලූක් 6:40; 2 පේතෘස් 3:11)—3/15, 11, 12 පිටු.
◻ප්‍රසිද්ධ කථිකයන්ට ශුද්ධ ලියවිල්ල කියවීම වැඩිදියුණු කරගත හැක්කේ කෙසේද?
පෙරහුරුවල නියැලීමෙන්. ඔව්, ව්‍යක්ත ලෙස කියවීමට හැකි වන තෙක් නැවත නැවතත් ශබ්ද නඟා කියවීමෙන්. ඔබේ භාෂාවෙන් බයිබලය කියවීම ශ්‍රව්‍ය කැසට්පටවලින් ලබාගත හැකි නම්, කියවන්නා අර්ථය කාවද්දන අයුරු සහ හඬ පාලනය මෙන්ම නම් සහ නුහුරු වචන උච්චාරණය කරන ආකාරය සැලකිල්ලට ගැනීම නුවණට හුරුයි.—3/15, 20වන පිටුව.
◻පුද්ගලයෙකු මියයන විට, ‘ආත්මය ඒක දුන් දෙවි වෙතට හැරී යන්නේ’ කොහොමද? (දේශනාකාරයා 12:7)
බයිබලයට අනුව ආත්මය ජීව බලය වන නිසා, එය ‘දෙවි වෙතට හැරී යන්නේ’ අනාගත ජීවිතයක් භුක්ති විඳීම සඳහා පුද්ගලයාට තිබෙන ඕනෑම බලාපොරොත්තුවක් දැන් සම්පූර්ණයෙන්ම දෙවි මත රඳා පවතිනවාය යන අදහසිනි. කෙනෙකුව නැවත ජීවත් කරවමින්, ආත්මය නැතහොත් ජීව බලය ආපසු ලබා දීමට පුළුවන් වන්නේ දෙවිට පමණයි. (ගීතාවලිය 104:30)—4/1, 17වන පිටුව.