ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 12/15 32 පි.
  • අනතුරු ඇඟවීම ඔබ පිළිගන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනතුරු ඇඟවීම ඔබ පිළිගන්නවාද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 12/15 32 පි.

අනතුරු ඇඟවීම ඔබ පිළිගන්නවාද?

වර්ෂ 1997 මැයි 19වනදා බංගලාදේශයේ චිට්ටගොං දිස්ත්‍රික්කය හරහා සුළි සුළඟක් හැමුවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර 250ක් දක්වා වූ බව කොක්ස් බසාර් නගරයෙහි වාර්තා වුණා. ගම්බද ප්‍රදේශවල තනා තිබූ අතු සෙවිල්ලූ පැල්, ඒවා කලින් තිබූ තැන්වල කුඩා හතරැස් මඩ ගොහොරු පමණක් ඉතිරි කරමින් නිකම්ම අතුරුදහන් වී ගියා. ගස්කොළං සහ දූරකථන කණු ඉදිරී වැටුණා. අනික් ඒවා ගිනිකූරු මෙන් දෙකට මැදින් කඩා වැටුණා. වොරාර් කාගොජ් නමැති පුවත්පතේ ශීර්ෂ පාඨය වාර්තා කළේ, මෙම සුළි සුළඟ 105දෙනෙකුව මරුමුවට පත් කළ බවයි.

කාලගුණ සේවා දෙපාර්තමේන්තුව, සුළි සුළඟේ දළ ගමන් මඟ පැය 36කට පෙරාතුව දැනුම් දී තිබුණා. කොන්ක්‍රීට්වලින් තැනූ සුළි සුළං ආවරණවල සරණ පැතූ සියදහස් ගණන්දෙනාගේ ජීවිත ගැළවුණු බවට කිසිම සැකයක් නැහැ.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැනට අවුරුදු සියයකට වැඩි කාලයක් පුරා, කිසිම සුළි සුළඟකට වඩා විනාශකාරි වීමට යන හදිසි විපතක් ගැන ආරංචිය ප්‍රචාරය කරමින් සිටිනවා. බයිබලය එය හඳුන්වන්නේ, “[යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස” කියායි. (යෝවෙල් 2:31) බයිබලයේ තිබෙන අනතුරු ඇඟවීමේ අනාවැකිමය පණිවිඩය පිළිගැනීමෙන්, එහි දරුණුභාවයෙන් ගැළවෙන්න අපට හැකිවීමට ඉඩ තිබෙනවා.—ශෙපනියා 2:2, 3.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විනාශයේ දූතයන් නොවේ. ඔවුන්ගේ පණිවිඩ බලාපොරොත්තුව ඇති කරන්නක්. සියලුම අධර්මිෂ්ඨයන්ව ඉක්මනින් මෙම පොළොවෙන් තුරන් කරන දෙවිගේ රාජ්‍යය පිළිබඳව ඉගෙනගන්න මිනිසුන්ට උපකාර කරන්න ඔවුන් ආසයි. දෙවිගේ වචනය වන බයිබලය අපට මෙසේ කියනවා: “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

WHO/League of Red Cross

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න