ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 12/15 21-25 පි.
  • අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආරක්ෂාව හා දේවවචනය
  • සොරකමේ තර්ජනය අඩු කිරීම
  • අවි සන්නද්ධ සොරු පැමිණෙන විට
  • සන්සුන්ව සිටීම
  • බටහිර අප්‍රිකාවේ සොරකමක් වැළැක්වේ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බිය කවදා අවසන් වේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොරුන් නැති ලොවක්
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 12/15 21-25 පි.

අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට

ධනවත් මිනිසුන් වෙසෙන බටහිර අප්‍රිකානු උපනගරයක් වන ඉකෝයීවල මන්දිර, බලකොටු බවට පත් වී තිබෙනවා. ඒවායින් බොහෝමයකට මීටර් තුනක් උස තාප්ප තිබෙන අතර, තාප්ප මුදුන්වල උල් කම්බි කූරු, වීදුරු කටු හෝ කටු කම්බි දඟර සවි කර තිබෙනවා. අගුල්, පොලු, දම්වැල් හා ඉබ්බෝ දමා ආරක්ෂා කරන විශාල ගේට්ටු අසල මුරකරුවන් මුර කරමින් සිටිනවා. ජනේලවලට පොලු දමා තිබෙනවා. නිදන කාමර හා නිවසේ ඉතිරි කොටස යකඩ ගේට්ටුවලින් වෙන් කර තිබෙනවා. රාත්‍රියේදී, ඇල්සේෂන් හා රොට්වීල වැනි විශාල බල්ලන්ව කූඩුවලින් මුදාහරිනවා. දීප්තිමත් ආලෝකයන් අඳුර පලවාහරින අතර, සතුරු උවදුරක් නැති බව අඟවමින් පරිගණකගත මුර සේවා පද්ධති සියුම් නාදයක් නංවනවා.

තමන්ගේ නිවෙස් ආරක්ෂා කළ යුතු බවට කිසිවෙක් අනුමාන කරන්නේ නැහැ. පුවත්පත් සිරස්තල මෙසේ මැසිවිලි නඟනවා: “අවි සන්නද්ධ සොරු ප්‍රජාව විනාශ කරයි”; “ළමා සොරු නොහික්මුණු ක්‍රියාවල”; එමෙන්ම “වීදි කල්ලි [නගර ප්‍රජාවක්] අල්ලාගනිද්දී, බියට පත් වී.” බොහෝ රටවල තත්වය මෙයයි. බයිබලය පුරෝකථනය කළ පරිදි, අප ඇත්තෙන්ම ජීවත් වන්නේ අර්බුදකාරි කාලවලයි.—2 තිමෝති 3:1, NW.

අවි සන්නද්ධ සොරකම් ඇතුළු අපරාධ සංඛ්‍යාව ලෝක ව්‍යාප්තව වැඩි වෙමින් පවතී. තමන්ගේම පුරවැසියන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවලට තිබෙන නොහැකියාව හෝ අකමැත්ත වැඩි වෙමින් පවතී. සමහර රටවල පොලිස් භටයන් හා අවිආයුධ ප්‍රමාණවත්ව නැති නිසා, උපකාරය සඳහා ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාරය දක්වන්න පොලිසිය ප්‍රමාණවත් ලෙස සන්නද්ධ වී නැහැ. බලා සිටින වැඩිදෙනෙක් උදව්වට එන්න පසුබට වෙනවා.

පොලිසියේ හෝ මහජනයාගේ උපකාරය මත රඳා සිටින්න නොහැකි නිසා ගොදුරුවූවන්ට තම තමන්ගේම ආරක්ෂාව සලසගන්න සිදු වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා: “ඔබ උපකාරය පැතුවොත්, සොරු ඔබට දරුණු හානි පමුණුවයි, එහෙමත් නැත්නම් ඔබව මරණයට පත් කරයි. පිටින් උපකාරය පැතීම අමතක කරලා දාන්න. උපකාරය ලැබෙනවා නම් හොඳයි; නමුත් ලැබෙයි කියා අපේක්ෂා කරන්නවත්, උපකාරය ඉල්ලන්න යන්නවත් එපා; මොකද එහෙම කිරීම ඊටත් වඩා ලොකු කරදරයකට වැටීමක් පමණක් වෙන්න පුළුවන්.”

ආරක්ෂාව හා දේවවචනය

ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවන නමුත් ඔවුන් ජීවත් වන්නේ ලෝකයෙයි. (යොහන් 17:11, 16) එනිසා වෙනත් අය වගේම, ඔවුන්ද තම ආරක්ෂාව සලසාගැනීමට සාධාරණ විධිවිධාන යොදනවා. එහෙත්, යෙහෝවාට සේවය නොකරන බොහෝදෙනෙකු මෙන් නොව දෙවිගේ ජනයා ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලින් පිට පැන ආරක්ෂාව සොයන්නේ නැහැ.

ඊට වෙනස්ව, සමහර අප්‍රිකානු රටවල ජනයා තමන්ව සොරකම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා ඉන්ද්‍රජාලය යොදාගන්නවා. යකැදුරෙක් උපකාර පතන්නෙකුගේ මැණික් කටුවේ, පපුවේ හෝ පිටේ කැපුමක් සිදු කළ හැකියි. ඉන්පසු මන්තර ජප කරමින් කැපුමෙහි ඉන්ද්‍රජාලීය පානයක් අතුල්ලනවා; එවිට එම පුද්ගලයාව සොරුන්ගේ පහර දීම්වලට ඔරොත්තු දෙන බව පැවසෙනවා. වෙනත් අය තමන්ගේ ගෙවල්වල මතුරපු දේවල් හෝ ඉන්ද්‍රජාලීය පානයන් තබා තිබෙනවා. එවැනි “රක්ෂණයක්” සොරුන්ගෙන් තමන්ට හානි සිදුවීම වළක්වයි කියා විශ්වාස කරන නිසයි ඔවුන් එසේ කරන්නේ.

සැබෑ ක්‍රිස්තියානීන් කිසිම ආකාරයක ඉන්ද්‍රජාලයක් සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. බයිබලය සියලු ආකාර ආත්ම බන්ධන ක්‍රියාවන් හෙළාදකින අතර, එසේ කිරීම සුදුසු වන්නේ, එවැනි දේවල් කිරීමෙන් පොළොවේ සැහැසියාව වැඩි වර්ධනය කරන අය වන භූතයන් සමඟ සම්බන්ධ වීම සිදු විය හැකි නිසයි. (උත්පත්ති 6:2, 4, 11) බයිබලය කොටින්ම මෙසේ ප්‍රකාශ කරනවා: ‘නුඹලා මායම් [ඉන්ද්‍රජාලය, NW] භාවිත නොකළ යුතුය.’—ලෙවී කථාව 19:26.

ආරක්ෂාව සලසගන්න බැරිම වෙද්දී, සමහරු තමන්ව තුවක්කුවලින් සන්නද්ධ කරගැනීමෙන් ආරක්ෂාව සොයනවා. එහෙත්, ක්‍රිස්තියානීන් යේසුගේ වචන බැරෑරුම් ලෙස සලකනවා; ඔහු මෙසේ පැවසුවා: “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:52) දෙවිගේ සෙනඟ ‘තමුන්ගේ කඩුවලින් හීවැල් තළාගෙන’ ඇති අතර, ඔවුන් සොරකමෙන් හෝ පහර කෑමෙන් තමන්ව ආරක්ෂා කරගැනීමට තුවක්කු මිල දී ගන්නේ නැහැ.—මීකා 4:3.

අවි සන්නද්ධ ආරක්ෂක භටයන් යොදාගැනීම සම්බන්ධයෙන් කියන්න පුළුවන් මොනවාද? මෙය පෞද්ගලිකව තීරණය කළ යුතු කාරණයක් වුවත්, එවැනි සැලැස්මක් තුවක්කුව තවත් කෙනෙකුගේ අතෙහි තැබීමක් වන බව මතක තබාගන්න. සොරෙක් පැන්නොත් ආරක්ෂක භටයන් කුමක් කරයි කියාද ස්වාමියෙක් අපේක්ෂා කරන්නේ? ආරක්ෂා කරමින් සිටි අයව සහ දේපොළ රැකගැනීමට අවශ්‍ය වුණොත් ආරක්ෂක භටයන් සොරාට වෙඩි තියයි කියා ඔහු අපේක්ෂා කරන්නේ නැද්ද?

ආරක්ෂක උපකරණ වශයෙන් ඉන්ද්‍රජාලය හා අවිගැනීම ප්‍රතික්ෂේප කිරීමේදී ක්‍රිස්තියානීන් ගන්නා ස්ථාවරය, දෙවිව නොදන්නා අයගේ නෙත් හමුවේ අනුවණ දෙයක් මෙන් පෙනිය හැකියි. කෙසේවුවත්, බයිබලය අපට මෙසේ සහතික කරනවා: “[යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.” (හිතෝපදේශ 29:25) සමස්තයක් වශයෙන් තම ජනයාව යෙහෝවා ආරක්ෂා කරන නමුත්, සෑම සිද්ධියකදීම සොරකමකින් තම සේවකයන්ව ආරක්ෂා කිරීමට ඔහු මැදිහත් වෙන්නේ නැහැ. යෝබ් කැපීපෙනෙන ලෙස ඇදහිලිවන්තව සිටි නමුත්, පැමිණ යෝබ්ගේ සත්වයන්ව කොල්ලකෑමටත්, මෙහෙකරුවන්ව මරාදැමීමටත් දෙවි කොල්ලකාරයන්ට ඉඩහැරියා. (යෝබ් 1:14, 15, 17) දෙවි පාවුල්ටත් “සොර උපද්‍රව” අද්දකින්න ඉඩහැරියා. (2 කොරින්ති 11:26) කොහොමනමුත්, සොරකමෙන් පහර ලැබීමේ අවදානම අඩු කරන ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට දෙවි තම සේවකයන්ට උගන්වනවා. සොරකම් කිරීමට උත්සාහ දැරීම්වලදී, අනතුරට ලක්වීමට ඇති ඉඩ කඩ අඩු වන අයුරින් ප්‍රතික්‍රියා කිරීමට ඔවුන්ට උපකාර කරන දැනුමෙන්ද ඔහු ඔවුන්ව සන්නද්ධ කරනවා.

සොරකමේ තර්ජනය අඩු කිරීම

ඥානවන්ත මනුෂ්‍යයෙක් බොහෝ කලකට පෙර මෙසේ නිරීක්ෂණය කළා: “පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.” (දේශනාකාරයා 5:12) වෙනත් විදිහකින් පවසනවා නම්, බොහෝ දේවල් හිමිව සිටින අය තමන්ගේ වස්තුව නැති වෙයි කියා කොතරම් කනස්සලු වෙනවාද කියතොත්, ඒ ගැන කරදර වෙන ඔවුන්ට නින්ද යන්නේ නැහැ.

එමනිසා කනස්සලු වීම පමණක් නොව නමුත් සොරකමට ලක්වීමේ තර්ජනයද අඩු කිරීමට එක් මඟක් වන්නේ, මිල අධික වස්තු සම්භාරයක් රැස් කරගැනීමෙන් වැළකීමයි. ආනුභාව ලත් ප්‍රේරිතවරයා මෙසේ ලිව්වා: “ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [ජීවන රටාව ප්‍රදර්ශනය කිරීම, NW] [පියාගෙන්] නොව ලෝකයෙන් වේ.” (1 යොහන් 2:16) මිල අධික දේවල් මිල දී ගැනීමට ජනයාව පොලඹවන ආශාවන්මයි වෙනත් අයව සොරකම් කරන්නත් පොලඹවන්නේ. එමෙන්ම “ජීවන රටාව ප්‍රදර්ශනය කිරීම” කොල්ලකෑමට නැඹුරුවාවක් ඇති අයට ආරාධනාවක් විය හැකියි.

සොරකමට පොලඹවන්නේ නැති තත්වයක් පවත්වාගන්නා අතර, සොරකමට ලක්වීමෙන් ආරක්ෂා වීමට තවත් මාර්ගයක් වන්නේ ඔබ සැබෑ ක්‍රිස්තියානියෙකු බව ක්‍රියාවෙන් පෙන්වීමයි. ඔබ අන්‍යයන්ට ප්‍රේමය දක්වනවා නම්, ඔබේ කටයුතුවලදී අවංක වෙනවා නම් හා ක්‍රිස්තියානි දේවසේවයේ ක්‍රියාශීලී නම්, ඔබේ ප්‍රජාව තුළ ගෞරවය ලැබීමට සුදුසු, යහපත් පුද්ගලයෙක්ව සිටීමෙන් හොඳ නමක් ගොඩනඟාගන්න ඔබට පුළුවන්. (ගලාති 5:19-23) ක්‍රිස්තියානියෙක් වශයෙන් එවැනි හොඳ නමක් දිනාගැනීම අවියකට වඩා වැඩි ආරක්ෂාවක් විය හැකියි.

අවි සන්නද්ධ සොරු පැමිණෙන විට

එහෙත්, ඔබේ ගෙට ඇතුල් වී, සොරුන් ඔබ ඉදිරියට ආවොත් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබේ වස්තුවට වඩා ඔබේ ජීවිතය වැදගත් බව මතක තබාගන්න. ක්‍රිස්තුස් යේසුස් මෙසේ පැවසුවා: “නපුරු අය සමග පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න. යමෙක් . . . නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.”—මතෙව් 5:39, 40.

මෙය ඥානවන්ත අවවාදයක්. වත්කම පිළිබඳව අපරාධකාරයන්ට තොරතුරු දීමට ක්‍රිස්තියානීන් බැඳී නොසිටින නමුත්, සොරුන්ට විරුද්ධ වන බවක්, සහයෝගය නොදක්වන බවක් හෝ රවටන බවක් හැඟුණොත් ඔවුන් තවත් දරුණු වීමට ඇති ඉඩ කඩ වැඩියි. “සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන” ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පහසුවෙන්ම දුෂ්ට, අකාරුණික හැසිරීමට නැඹුරු වෙනවා.—එපීස 4:19.

සැමුවෙල් ජීවත් වන්නේ නිවාස සංකීර්ණයකයි. සොරු ගොඩනැඟිල්ලේ මාර්ග අවහිර කළ අතර, නිවසෙන් නිවසට ගොස් කොල්ලකෑවා. වෙඩි හඬවල්, දොරවල්වලට හයියෙන් ගහන, කෑගහන, අඬන මෙන්ම විලාප කියන මිනිස්සුන්ගේ හඬවල් සැමුවෙල්ට ඇසුණා. බේරී යෑමට ක්‍රමයක් තිබුණේ නැහැ. බිම දණගහගෙන, අත් උස්සගෙන, ඇස් පියාගෙන ඉන්න කියා සැමුවෙල් තම භාර්යාවට හා පුතුන් තුන්දෙනාට කිව්වා. සොරු ඇතුලට කඩාවැදුණ විට, තමා ඔවුන්ගේ මුහුණු දෙස බැලුවොත් ඔවුන්ව වෙනත් වෙලාවක හඳුනගනියි කියා ඔවුන් සිතිය හැකි බැවින් සැමුවෙල් බිම බලාගෙන ඔවුන් සමඟ කතා කළා. “ඇතුලට එන්න; ඕගොල්ලන්ට ඕන දෙයක් ගන්න. ඕන දෙයක් ගන්න ඔයගොල්ලන්ට අවසර තියෙනවා. අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්, අපි ඕගොල්ලන්ට විරුද්ධ වෙන්නේ නැහැ” කියා ඔහු පැවසුවා. මෙයින් සොරු පුදුමයට පත් වුණා. ඔවුන් රත්‍රන් ආභරණ, මුදල් සහ විදුලි උපකරණ සොරකම් කළත්, ගොඩනැඟිල්ලේ අනිත් අයට මෙන් මේ පවුලට පහර දුන්නේ හෝ මන්නාවලින් ඔවුන්ට කෙටුවේ හෝ නැහැ. තම ජීවිත බේරීම සම්බන්ධයෙන් සැමුවෙල්ගේ පවුල යෙහෝවාට ස්තුති කළා.

මුදල් හා ද්‍රව්‍යමය දේවල් අවශ්‍යව තිබෙන විට, සොරකමට ගොදුරුවූවන් විරුද්ධ නොවෙනවා නම් හානි සිදුවීමට ඇති ඉඩ කඩ අඩු කරගත හැකි බව එයින් පෙනෙනවා.a

ඇතැම් අවස්ථාවලදී ක්‍රිස්තියානියෙකු සාක්ෂියක් දීම, ඔහුට හානිවලින් වැළකීමට මාර්ගයක් විය හැකියි. ආඩේගේ ගෙදරට හොරු පැන්න අවස්ථාවේ, ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා: “මං දන්නවා ඕගොල්ලන් අමාරුවෙනුයි ජීවත් වෙන්නේ කියලා. ඒ හින්දයි ඕගොල්ලො මේ වගේ වැඩක් කරන්නේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි විශ්වාස කරනවා කවදා හරි දවසක හැම කෙනාටම, තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් ඇති වෙන්න කෑම ලැබෙයි කියලා. හැම කෙනෙකුම දේවරාජ්‍යය යටතේ සාමයෙන් හා සන්තෝෂයෙන් ජීවත් වෙන්න යනවා.” එයින් සොරුන්ගේ කලහකාරිත්වය අඩු වුණා. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ පැවසුවා: “අපි ඕගොල්ලන්ගේ ගෙදරට ආපු එක ගැන කනගාටු වෙනවා. නමුත් ඕගොල්ලෝ තේරුම්ගන්න ඕන අපි බඩගින්නෙයි ඉන්නේ කියන එක.” ඔවුන් ආඩේගේ වස්තුව පැහැරගත්තත්, ඔවුන් ඔහුටවත් ඔහුගේ පවුලේ අයටවත් අත තිබ්බේ නැහැ.

සන්සුන්ව සිටීම

විශේෂයෙන්ම තමන්ට ගොදුරු වන්නන්ව බියගන්වා යටත් කරගැනීම සොරුන්ගේ මූලික අරමුණව තිබෙන අනතුරුදායක තත්වයකදී සන්සුන්ව සිටීම පහසු නැහැ. යාච්ඤා කිරීම උපකාරයක් වනු ඇත. නිශ්ශබ්දව හා කෙටියෙන් එය කළත්, උපකාරය පතා අප කරන මොරගැසීම යෙහෝවාට ඇහෙනවා. බයිබලය අපට මෙසේ සහතික කරනවා: “[යෙහෝවාගේ] ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් [ඔහුගේ] කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.” (ගීතාවලිය 34:15) යෙහෝවා අපට සවන් දෙන අතර, ඕනෑම තත්වයකදී සන්සුන්ව කටයුතු කිරීමට අපට ප්‍රඥාව දීමට ඔහුට හැකියි.—යාකොබ් 1:5.

යාච්ඤාවට අමතරව, සන්සුන්ව සිටීමට තවත් ආධාරයක් තමයි, හොරු පැන්නොත් ඔබ කරන්නේ කුමක්ද, නොකරන්නේ කුමක්ද කියා කලින්ම තීරණය කිරීම. සැබවින්ම, ඔබ කුමන තත්වයකට පත් වෙයිද කියා කලින්ම දැනගත නොහැකියි. එනමුත්, ගින්නක් ඇවිළීගෙන එන ගොඩනැඟිල්ලක සිටින අවස්ථාවකදී ගත යුතු ආරක්ෂිත පියවරවල් ඔබේ මනසේ තබාගැනීම ඥානවන්ත දෙයක් වෙනවා වාගේම, ප්‍රතිපත්ති මනසේ තබාගෙන සිටීමත් සුදුසුයි. සන්සුන්ව සිටීමට, කලබල නොවීමට හා හානිවලින් බේරීමට දූරදර්ශීභාවය ඔබට උපකාර කරයි.

සොරකම පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මෙලෙස පැහැදිලිව සඳහන් කර තිබේ: “[යෙහෝවා] වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි.” (යෙසායා 61:8) සොරකම් කිරීම ඉතා බරපතළ පාපයක් හැටියට ලැයිස්තුගත කිරීමට යෙහෝවා තම ප්‍රොපේත එසකියෙල්ට ආනුභාවය දුන්නා. (එසකියෙල් 18:18) එහෙත්, පසුතැවිලි වී, සොරකම් කළ දේ නැවත දෙන තැනැත්තාට දෙවි දයාන්විතව සමාව දෙන බවත් එම බයිබල් පොතේම පෙන්වනවා.—එසකියෙල් 33:14-16.

අපරාධවලින් ගහන ලෝකයක ජීවත් වුණත්, තවදුරටත් සොරකම් කිරීමක් සිදු නොවන්න යන දේවරාජ්‍යය යටතේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව ගැන ක්‍රිස්තියානීන් ප්‍රීතිමත් වෙනවා. ඒ කාලය සම්බන්ධයෙන් බයිබලය මෙසේ පොරොන්දු වෙනවා: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල [යෙහෝවාගේ] මුඛය එය වදාළේය.”—මීකා 4:4.

[පාදසටහන]

a සහයෝගය දැක්වීමේදී සීමාවන් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවනීතිය උල්ලංගනය කරන කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානියෙක් කැමැත්තෙන්ම දූෂණයට යටත් වන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න