“පිනි බින්දු ඉපදෙවුවේ කවුද?”
දහනවවන ශතවර්ෂයේ එක් පුවත්පත් කලාවේදියෙක් පිනිබිඳු විස්තර කර තිබෙන්නේ “පොළොවේ තිබෙන වාතයෙන් සෑදුණු ද්‍රව ආභරණ ලෙසයි.” අපගේ මැවුම්කරු පුරාණ කුලදෙටු යෝබ්ගෙන් ඇසුවා: “පිනි බින්දු ඉපදෙවුවේ කවුද?” (යෝබ් 38:28) දෙවි, අනර්ඝ පිනිවල දිව්‍ය උල්පත ගැන යෝබ්ට මතක් කරමිනුයි සිටියේ.
එහි ඇති දීප්තිය, මැණිකක් බඳු අලංකාරය හැරුණු විට බයිබලයේ එය ආශීර්වාදය, සශ්‍රීකත්වය, සමෘද්ධිය සහ ජීවිතයේ සුරක්ෂිතභාවයට සම්බන්ධ කර තිබෙනවා. (උත්පත්ති 27:28; ද්විතීය කථාව 33:13, 28; සෙකරියා 8:12) ඉශ්රායෙල්හි උෂ්ණ, වර්ෂාව නැති සමයේ ‘හෙර්මොන්හි පිනිවලින්’ භූමියේ වෘක්ෂලතාදිය ආරක්ෂා කිරීම නිසා, එහි සිටි ජනයා සුරැකුණා. තවමත් හෙර්මොන් කන්දෙහි වනාන්තර සහ හිම සහිත කඳු මුදුන්, පිනි බවට පත් කරන රාත්‍රි වාෂ්ප විශාල වශයෙන් නිපදවනවා. ගීතිකාකාර දාවිත්, යෙහෝවාගේ හවුල් නමස්කාරකයන් සමඟ එකඟව වාසය කිරීමෙන් ඇති වන ප්‍රසන්න අද්දැකීමට මෙම පිනිවලින් ගෙනා ප්රබෝධය සන්සන්දනය කළා.—ගීතාවලිය 133:3.
අනාගතවක්තෘ මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට දුන් උපදෙස් හරියට පිනිබිඳු වගේ මෘදු සහ ප්‍රබෝධවත් වුණා. “මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය” කියා ඔහු පැවසුවා. (ද්විතීය කථාව 32:2) අද යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ජීවනය දෙන ශුභාරංචිය පොළොවේ සීමාවන් දක්වා ප්‍රකාශ කරමින් සිටිනවා. (මතෙව් 24:14) දෙවි මෙම ආරාධනය ඉදිරිපත් කරමින් සිටිනවා: ‘එන්න! පිපාස ඇත්තාද එන්න. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගන්න.’ (එළිදරව් 22:17) ජීවිතය සදාකාලිකව රැකගත හැකි දෙවිගෙන් වූ මෙම ආත්මිකව ප්‍රබෝධවත් කිරීමේ ආරාධනය මිලියන ගණන් ජනයා පිළිගනිමින් සිටිනවා.