යහපත් හැසිරීම පැසසුම ගෙන දෙයි
ඉතාලියානු පුවත්පත වන ගාඩ්සෙටා ඩෙල් මෙඩ්සෝජොර්නෝ, “මටෙරා—අපූර්ව ලෙන් වාසස්ථානවලින් යුත් නගරය” නම් ලිපිය ප්‍රකාශයට පත් කිරීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ප්‍රශංසාවට ලක් කළා. බොහෝ භාෂාවන්ගෙන් පුළුල් බෙදාහැරීමක් තිබූ පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 1997 ජූලි 8 කලාපයේ මෙම ලිපිය දක්නට ලැබුණා. පිබිදෙව්!, වර්තමානයේ භාෂා 81කට පරිවර්තනය කර ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 19කට වඩා බෙදාහැර තිබෙනවා. “ප්රචාරක ප්රයත්නයන් සම්බන්ධයෙන් ගත් කල, [මටෙරා] නගරෙහි ඓතිහාසික හා කලා උරුමය නඟාසිටුවන්න” පිබිදෙව්! ග්රීෂ්මයේ වාර්තාව තබා ඇතැයි පුවත්පත ප්‍රශංසා කළා.
වර්ෂ 1997දී මටෙරාහි පැවැත්වූ “දේවවචනය කෙරෙහි ඇදහිල්ල” නමැති දිස්ත්‍රික් සමුළුව සම්බන්ධයෙන්ද පුවත්පත සාක්ෂිකරුවන්ට පැසසුම් කළා. “ග්රීෂ්මයේ මැදභාගයේදී හා තද අව් රශ්මිය පවතිද්දී, [නගරයේ] XXI සෙටෙම්බ්රි ක්‍රීඩාංගණයට මිනිසුන් 4,000ක් ගෙනෙන්න” සාක්ෂිකරුවන්ට හැකි වූ බව ලිපිය සඳහන් කළා; “අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට ඔවුන් විසින්ම මුදල් වැය කරමින්, කිසි අය කිරීමක් නැතුව ඔවුන් පිරිසිදු කිරීම්, නැවත තීන්ත ආලේප කිරීම් සහ මෙම ක්‍රීඩා මධ්‍යස්ථානයේ මූලික වැඩිදියුණු කිරීම් (විශේෂයෙන්ම වැසිකිළි පහසුකම්) සිදු කරනු ලැබුවා.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් හොඳ අසල්වැසියන් වෙන්න පරිශ්‍රමයක් දරනවා. (මතෙව් 22:37-39) ඔවුන් මෙම ශුද්ධ ලියවිලිමය අවවාදයත් පිළිපදිනවා: “ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.”—1 පේතෘස් 2:12.