රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
කොංගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ තරුණ තරුණියෝ දෙවිට ප්‍රශංසා කරති
සියවස් ගණනාවකට පෙර, සදාකාල රජුට ප්‍රශංසා කිරීමෙහි එකතු වන්න කියා ගීතිකාකරුවා යෞවන අයට උණුසුම් ලෙස ආරාධනා කළා: ‘තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න; මන්ද ඔහුගේ නාමය ළඟා විය නොහැකි තරම් උසස්ය.’ (ගීතාවලිය 148:12, 13, NW) කොංගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවෙන් ලැබී ඇති පහත අද්දැකීම් මෙම අසමසම වරප්‍රසාදය කැපීපෙනෙන්න සලස්වනවා.
• යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැසිරීම හේතුවෙන් එක් විශේෂ පුරෝගාමියෙකුගේ නිවසේ අයිතිකරුවෙක් තුළ හොඳ හැඟීමක් ඇති වුණා. මේ හේතුවෙන් තම පස් වියැති දියණිය වන ෆිෆි සමඟ බයිබලය පාඩම් කරන්න සාක්ෂිකරුවන්ට ඉඩහැරියා. මගේ බයිබල් කතන්දර පොතa පාඩම් කිරීමේ ෆිෆිගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසු, රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වෙන්න ඇගේ පියා ඇයට ඉඩ දුන්නා. එහිදී පුංචි ෆිෆි, සාක්ෂිකරුවන්ගේ ගීතිකා පොතෙන් රාජ්‍ය ගීතිකා ඉගෙනගත්තා. ඇය ගීතිකා අංක හතරට විශේෂ කැමැත්තක් දැක්වුවා; “පාරාදීසය ගැන දේව පොරොන්දුව” එහි තේමාවයි.
දිනක් ෆිෆිගේ පියා ඇයව ඔහුගේ පල්ලියට ගෙන යෑමට තීරණය කළා. සියලුදෙනාගේම පුදුමයට හේතු වෙමින් ෆිෆි පල්ලියේ ගීතිකා ගැයීම ප්‍රතික්ෂේප කළා. ඒ ඇයි? ඇගේ බයිබල් පාඩමෙන් ඇය ඉගෙනගත් දේවල් ඇගේ පියාගේ පල්ලියේ ගයන ගීතිකා සමඟ එකඟ නොවන බව ඇයට හැඟුණු නිසයි. ඒ වෙනුවට ධෛර්යවත් ලෙස, ඈ ඇගේ ප්‍රියතම රාජ්‍ය ගීතිකාව ගායනා කළා.
ඇගේ මනස වෙනස් කරන්න ගත් අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු, පල්ලියේ නායකයන් පස් වියැති ෆිෆිව නෙරපන්න තීරණය කළා! මෙම අයුතු සැලකීම හමුවේ ඇගේ පියා සන්සුන්ව සිටියා. තමා විශ්වාස කළ දෙය සඳහා ෆිෆි නොසැලෙන ස්ථාවරයක් ගෙන තිබීම ගැන ඔහු ආඩම්බර වුණා. ඇය දිගටම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීම ෆිෆිගේ පියාටත් මවටත් වුවමනායි.
• ලුකෝඩි නමැති නහඹරයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න තීරණය කරද්දී, ඔහුගේ පියා ඊට තදින් විරුද්ධ වුණා. එක් අවස්ථාවකදී, රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීමකට යන්න ලුකෝඩි සූදානම් වෙද්දී, ඔහුගේ පියා පළල් පිහියක් අමෝරාගෙන ඔහුට තර්ජනය කළා. තවත් අවස්ථාවකදී, ඔහුගේ පිටේ ගැඹුරු තුවාලයක් සිදු කරමින්, ලුකෝඩිගේ පියා පොල්ලකින් ඔහුට ගැහුවා. තදබල විරුද්ධවාදිකම් හමුවේ, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට වූ ඔහුගේ අධිෂ්ඨානය ස්ථිරව තබාගත්තා. ඔහු දිගටම ප්‍රගතිය කරාගොස් බව්තීස්ම වුණා. දැන් ඔහු ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා.
ලුකෝඩිගේ බාල සොයුරිය වන සෝනාට, ඇගේ සොයුරාගේ ස්ථාවරය ගැන ඉතා හොඳ හැඟීමක් ඇති වූ අතර, ඇයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. කෙසේවෙතත්, පාඩම් කිරීමෙන් ඇයව වැළැක්වීමට ඔවුන්ගේ පියා සාක්ෂිකරුවන් නැති, වෙනත් ගමක ඇති පාසැලකට ඇයව යැව්වා. කෙසේවෙතත්, තමා ඉගෙනගත් දේවල් ගැන අනිත් අයට කීම සෝනා පුරුද්දක් කරගත්තා. ප්‍රතිඵලයක් හැටියට, ඇගේ ඥාති සහෝදරියත් උනන්දුව දක්වන්න පටන්ගත්තා.
සෝනාගේ දේශනා වැඩකටයුතු ගැන අසල්වැසි ගමක සිටින සාක්ෂිකරුවන්ට ආරංචි වූ විට, ඔවුන් ඇයව බැහැදැක නිතිපතා නිවාස බයිබල් පාඩමක් සඳහා සැලසුම් කළා. ඇය දිගටම ප්‍රගතිය ලබා, යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් හැටියට තම සහෝදරයාට ඉක්මනින් එකතු වුණා. ඊට අමතරව, ඇගේ ඥාති සහෝදරිය දැන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වන අතර, මෙම ගමෙහි පොත් පාඩමක් පැවැත්වෙමින් තිබෙනවා.
යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කිරීමෙහි යෞවනයන් එකතු වෙද්දී, එය මොනතරම් මවිතාකාර සහ ප්‍රබෝධවත් කරවනසුලුද!
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.