ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 11/15 3-4 පි.
  • ඔබ පතන්නේ සාධාරණ ලෝකයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ පතන්නේ සාධාරණ ලෝකයක්ද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අසාධාරණයකට මූණ දෙන්නේ කොහොමද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අසාධාරණයකට ලක් වන විට
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?
    තවත් ලිපි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 11/15 3-4 පි.

ඔබ පතන්නේ සාධාරණ ලෝකයක්ද?

කුඹ ගස් තුනකින් හා තට්ටු දෙකකින් යුත් ලීවලින් සාදන ලද රුවල් නැවක් අ.එ.ජ. මැසචුසෙට්ස්හි පිහිටි කාඩ’ තුඩුව කියා දැන් හඳුන්වන වෙරළ බලා ඇදෙනවා. දවස් 66ක් මුහුදේ ගත කිරීම නිසා එහි සේවය කරන අය මෙන්ම ගමන් කරන මඟීන් 101දෙනාද හොඳටම හෙම්බත් වෙලා. ආගමික වධ හිංසාවලින් හා ආර්ථික දුෂ්කරතාවලින් මිදිය හැකි මඟක් සොයමින් ඔවුන් අත්ලන්තික් සාගරය හරහා ඉතා අසීරු ගමනක යෙදී තිබෙනවා.

වර්ෂ 1620 නොවැම්බර් 11වනදා මේෆ්ලව නමැති මේ යාත්‍රාවේ සිටි මඟීන් ගොඩබිම දකින විට, ඔවුන්ගේ නෙත් අලුත් ආරම්භයක අපේක්ෂාවෙන් බැබළෙයි. වඩාත් හොඳ ලෝකයක් සඳහා මූලික පදනම දැමීමේ ආශාව ඇතුව, නැවේ සිටින වැඩිහිටි පිරිමි මඟීන්ගෙන් බොහෝදෙනෙකු මේෆ්ලව’ ගිවිසුමට අත්සන් කරයි. “ජනපදයේ පොදු යහපත” උදෙසා “සාධාරණ හා අපක්ෂපාත නීති” පැනවීමට ඔවුන් එම ගිවිසුමෙන් එකඟ වෙයි. සදාචාර සම්පන්න, සැමට සාධාරණය සලසන ලෝකයක්—සාධාරණ ලෝකයක්—පිළිබඳ ඔවුන්ගේ සිහිනය සැබෑවක් වී තිබෙනවාද?

මේෆ්ලව යාත්‍රාවේදී අත්සන් කළ ගිවිසුම, අමෙරිකානු ආණ්ඩු ක්‍රමයේ මූලික අඩිතාලම්වලින් එකක් හැටියට සැලකුවත්, ලොව පුරා දකින්න තිබෙන්නාක් මෙන් අමෙරිකාවේද අසාධාරණය පොදු දෙයක්. උදාහරණයක් හැටියට, සොරකම් කිරීමෙන් හා කඩ හිමියෙකුට වෙඩි තැබීමෙන් පසුව පලා යෑමට උත්සාහ කරමින් සිටිද්දී, පොලීසිය විසින් වෙඩි තැබූ මිනිසෙකු ගැන සලකා බලන්න. ඔහු පොලීසියට හා නියූ යෝක් නගර සභාවට විරුද්ධව නඩු දමා, ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් දිනාගත්තා.

තවත් උදාහරණයක් සලකා බලන්න. කැලිෆෝනියාවේ පැසඩීනාහි නීති විද්‍යාලයේ ශිෂ්‍යයන් නීති විභාගයට පෙනී සිටිය අවස්ථාවේදී, ඔවුන්ගෙන් කෙනෙකුට අපස්මාරය සෑදී බිම ඇදගෙන වැටුණා. වෛද්‍ය ආධාර සපයන්නන් පැමිණෙන තෙක් අසල සිටි ශිෂ්‍යයන් දෙදෙනෙක් විගස කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නා. ඒ පුද්ගලයාට උපකාර කිරීම සඳහා ඔවුන්ට මිනිත්තු 40ක් ගත වුණා. නමුත් ඔවුන් විභාගයට උත්තර සැපයීම අවසන් කිරීම සඳහා මිනිත්තු 40ක වැඩිපුර කාලයක් ඉල්ලා සිටි විට, නිලධාරීන් එය ප්‍රතික්ෂේප කළා.

අපරාධ හා සම්බන්ධ ක්‍රියාවලට දඬුවම් පැනවීම ගැනද යමක් පැවසීමට තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයෙකු වන එඩ් රූබන්ස්ටයින් මෙසේ පෙන්වා දෙනවා: “අපරාධකරුවන් බොහෝදෙනෙකුව අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට ගන්න බොහෝදෙනෙකුව අධිකරණය ඉදිරියට පමුණුවන්නේ නැහැ. චූදිතයන් බොහෝදෙනෙකුව කොන්දේසි පිට මුදවාහරිනවා. අපරාධකරුවාගේ පැත්තෙන් බලන කොට, ලැබිය යුතුයයි අපේක්ෂා කරන දඬුවම අනුමාන එකක් මිස ස්ථිර එකක් නෙවෙයි.” ගෙවල් මංකොල්ලකන්නෙක් විය හැකි කෙනෙක් “සිරගෙදරින් පැන යෑමට ඇති ඉඩ කඩ සියයට 98ක් විය හැකි” බව, ගෙවල් මංකොල්ලකෑමේ තොරතුරු ඇසුරෙන් ඔහු නිගමනය කරනවා. දඬුවම් ලැබීමේ අවදානම අඩු නිසා, එය තව තවත් අපරාධවලට හා ඒවාට ගොදුරුවන්නන්ගේ වැඩිවීමට මඟ පාදනවා.—දේශනාකාරයා 8:11.

බොහෝ රටවල ධනවත් සුළු පිරිසක් වඩ වඩා ධනවත් වෙන විට, දුප්පත් සාමාන්‍ය ජනයා ආර්ථික අසාධාරණයන්ට මුහුණ දෙනවා. තම සමේ වර්ණය, වාර්ගික පසුබිම, භාෂාව, ස්ත්‍රී පුරුෂභාවය හෝ ආගම යනාදිය නිසා, තමන්ගේ තත්වය වඩා හොඳ අතට පත් කරගැනීමටවත්, ආහාර පානාදිය පවා ලබාගැනීමටත් අවස්ථාවක් නොලැබෙන විට එවන් අසාධාරණකමක් පවතී. උදාහරණයක් හැටියට ද නියූ යෝක් ටයිම්ස් පවසන පරිදි, “හින්දු ධර්මය බලපවත්වන දකුණු ආසියාවේ ජීවත් වෙන මිනිසුන් බිලියන කාලකට ආසන්න ප්‍රමාණයක්—ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඉන්දියාවේ හා නේපාලයේ—කුලහීනයන් හැටියට ඉපදී මියයනවා.” එහි ප්‍රතිඵලයක් හැටියට මිලියන ගණනක් දුප්පත්කම, කුසගින්න හා රෝග මගින් වනසනු ලබනවා. අසාධාරණය, තොටිල්ලේ සිට මිනිවළ තෙක් ඔවුන්ගේ ජීවිත වෙළාගන්නවා.

මිනිසුන්ට පාලනය කළ නොහැකියයි පෙනෙන්න තිබෙන අසාධාරණයන් ගැන කියන්න පුළුවන් මොනවාද? උපතින්ම ඇති වන අඩුපාඩුකම්, එනම් අන්ධ, මානසික ඌන වර්ධනය හා විරූපී වීම් සහිතව උපදින ළදරුවන් ගැන සිතා බලන්න. තමා අසල සිටින ස්ත්‍රීන් සෞඛ්‍ය සම්පන්න බිළිඳුන්ව තුරුලු කරගෙන සිටින විට, තමාගේ කුසින් බිහි වෙන බිළිඳා අඩුපාඩුකම් සහිත නම් හෝ මියගොස් නම් මේ ස්ත්‍රියට අසාධාරණයේ හැඟීමක් දැනෙන්නේ නැද්ද?

අසාධාරණය මෙන්ම එහි ඵලවිපාක වන දැඩි වේදනාවන් සහ සාමය, ප්‍රීතිය හා තෘප්තිය නොමැතිකම සෑම තැනකම පැතිරීම කනගාටුවට කරුණක්. තමන් දකින හෝ අද්දකින අසාධාරණකම්වලින් කෝපයට පත් වෙන බොහෝදෙනෙක් ඒවාට විසඳුම් සෙවීම සඳහා ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල යෙදෙනවා; ඒත් එයින් සිදු වන්නේ මිනිසුන්ගේ වේදනාවන් තව තවත් වැඩිවීම විතරයි. යුද්ධ බොහොමයකට හේතුව වන්නේ මිනිසුන්ගේ සිත්වලට කාවැදී ඇති අසාධාරණයයි.

සාධාරණ ලෝකයක් බිහි කිරීමට මිනිසා අසමත් වී තිබෙන්නේ ඇයි? එවැනි ලෝකයක් නිකම්ම සිහිනයක් පමණක්ද?

[3වන පිටුවේ පින්තූරය හිමිකම් විස්තර]

Corbis-Bettmann

[4වන පිටුවේ පින්තූරය]

මේෆ්ලව’ ගිවිසුම අත්සන් කිරීම

[හිමිකම් විස්තර]

Corbis-Bettmann

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න