කන්‍යාභාවය රැකගත් විවාහයක්ද?
යෝසෙප් හා මරියාගේ විවාහය සහ තරයේ කියා සිටින ඇගේ නිත්‍ය කන්‍යාභාවය අතර අනුකූලතාවක් ඇති කිරීම සඳහා දරන ප්රයත්නයේදී, සිත්තරුන් හා ප්‍රතිමා ශිල්පීන් බොහෝදෙනෙක් යෝසෙප්ව සිතුවම් කර තිබෙන්නේ මහලු මිනිසෙකු හැටියටයි. යෝසෙප් ස්වාමිපුරුෂයෙකුට වඩා ඇත්තෙන්ම මරියාගේ භාරකරුවෙකු වූ බවට ඔවුන් හේතු සාධක දැක්වුවා. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් IIවන ජුවාම් පාවුලු පාප් මෑතකදී වෙනස් අදහසකට පක්ෂව කරුණු දැක්වුවා. යෝසෙප් “ඒ අවස්ථාවේදී මහලු මිනිසෙක් නොවූ” බවට ඔහු අදහස් දක්වනවා. ඒ වෙනුවට, “මරියා සමඟ යෝසෙප්ගේ විවාහ ජීවිතය කන්‍යාභාවය රැකෙන ආකාරයකින් පවත්වාගැනීම සඳහා දේවදයාවේ ප්‍රතිඵලයක් වූ ඔහුගේ අභ්‍යන්තර පරිපූර්ණත්වය ඔහුට බලපෑමක් කළා.”
සෑමදාම කන්‍යාවක සේ ජීවත් වීමට මරියා බලාපොරොත්තු වූවා නම්, ඈ විවාහ ගිවිස ගත්තේ ඇයි? “ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු වූ අවස්ථාවේදී, කන්‍යාවක් හැටියට ජීවත් වීමට කළ සැලසුම ගැන යෝසෙප් සහ මරියා අතර අන්‍යොන්‍ය අවබෝධයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්” යයි පවසමින් පාප් එයට උත්තර දෙනවා.
කොහොම වුණත්, මේ කාරණය බයිබලය විස්තර කරන්නේ වෙනස් විදිහකටයි. “ඇයට පුත්‍රයා ලැබෙන තුරු [යෝසෙප්] ඇය සමඟ සහවාසයේ [නොයෙදුණු]” බව මතෙව්ගේ වාර්තාවේ පැවසෙනවා. (මතෙව් 1:25, නව අනුවාදය, ඇල අකුරු අපේය.) යේසුගේ උපතෙන් පසුව, යෝසෙප් සහ මරියාගේ විවාහ බන්ධනය කිසිම විධියකින්වත් කන්‍යාභාවය රැකගත් එකක් වූයේ නැහැ. මෙය සනාථ කරන එක් සාක්ෂියක් වන්නේ, යේසුට සහෝදර සහෝදරියන් සිටියා කියා එම සුවිශේෂ වාර්තාවේම පසු අවස්ථාවකදී විස්තර කර තිබීමයි.—මතෙව් 13:55, 56.
මේ අනුව, මරියා යේසුව බිහි කරන අවස්ථාවේදී කන්‍යාවක්ව සිටි බව බයිබලයේ සඳහන් කළත්, ඈ යෝසෙප් සමඟ ගත කළ ඇගේ ජීවිතයේ ඉතිරි කාලයේදී කන්‍යාවක් හැටියට ජීවත් වූවා කියා පැවසීමට කිසිම පදනමක් නැහැ.