පුද්ගල දෙවිකෙනෙක් කෙරෙහි විශ්වාස කරන්න ඔබට පුළුවන්ද?
“ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න දෙවි කෙරෙහි විශ්වාස කරන්නම අවශ්‍ය නැහැ . . . අපි දැන් ආගමික විප්ලවයක කොටසක්; නමුත් 21වෙනි සියවසේදී චාරිත්‍රානුකූල දෙවිකෙනෙක් පල්ලියේ ඉන්න යන්නේ නැහැ” කියා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ දේවගැති තැන පැහැදිලි කළා. ඔහු එසේ කීවේ, අඩුම තරමින් බ්‍රිතාන්‍ය පූජකයන් සියදෙනෙක්වත් සහයෝගය දක්වන සී ඔෆ් ෆේත් (ඇදහිල්ලේ මුහුද) නම් ව්‍යාපාරය වෙනුවෙන් කතා කරමිනුයි. ආගම කියන්නේ මිනිසාගේ නිර්මාණයක්; එහි එක් සාමාජිකයෙක් කියන විදිහට, දෙවි කියන්නේ නිකම්ම “අදහසක්” කියා මේ “ක්‍රිස්තියානි අදේවවාදීන්” තරයේ ප්‍රකාශ කරනවා. අධිස්වාභාවික දෙවිකෙනෙක් ඔවුන් සිතන ක්‍රමයට තවදුරටත් ගැළපෙන්නේ නැහැ.
“දෙවි මැරිලා” යන්න 1960 ගණන්වල තිබූ ජනප්‍රිය වීර පාඨයක්. එය, 19වන සියවසේ ජර්මානු දාර්ශනික ෆෙඩ්රික් නිඑට්ස්ෂ්ගේ අදහස් පිළිබිඹු කළා. ඒ වගේම සදාචාර තහනමක් නැතුව නිදැල්ලේ කාම සේවනයේ යෙදීම සහ අනිසි ලෙස මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වැනි තමන්ගේම දේවල් කරන්න ඔවුන්ට අවශ්‍ය කළ නිදහස බොහෝ තරුණ තරුණියන්ට ලබා දුන්නා. මල් දරුවන් ලෙස හැඳින්වූ ඔවුන්ට, එවැනි නිදහසක් සන්තෝෂයේ වඩා තෘප්තිකර ජීවිතයක් සඳහා මඟ පෑදුවාද?
එම දශකය තුළදීම, එංගලන්ත සභාවේ බිෂොප්වරයෙක් වන ජෝන් ඒ. ටී. රොබින්සන්, ඔනස්ට් ටු ගෝඩ් (දෙයියන් පල්ලා) නමැති මතභේදයට තුඩු දුන් ඔහුගේ පොත ප්‍රකාශයට පත් කළා. දෙවි යනු “මිනිස් අද්දැකීමේ ගැඹුරු අංගයකට වඩා වැඩි යමක් නොවේ” යයි සිතීම ගැන ඔහුගේ සෙසු පූජක සාමාජිකයන් බොහෝදෙනෙක් ඔහුව විවේචනයට ලක් කළා. දේවධර්ම මහාචාර්ය කීත් වෝඩ් මෙසේ අහනවා: “දෙවි කෙරෙහි විශ්වාස කරන එක දැන් ප්‍රඥාවන්තයන් අහක දමන යම් ආකාරයක යල් පැනපු මිථ්‍යා විශ්වාසයක්ද?” තමාගේම පැනයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියනවා: “දෙවි පිළිබඳ පාරම්පරික අදහස ගැන දැනුමක් යළි ලබාගැනීම තරම්, ආගම තුළ වඩා වැදගත් වෙන කිසිම දෙයක් දැන් නැහැ.”
දුක් විඳීම සහ පුද්ගල දෙවිකෙනෙක්
පුද්ගල දෙවිකෙනෙක් කෙරෙහි විශ්වාස කරන බොහෝදෙනෙකුට තමුන් දකින ඛේදවාචකයන් සහ දුක් විඳීම්, තම ආගමික විශ්වාසයන්ට සම්බන්ධ වන්නේ කෙසේද කියා පැහැදිලි කිරීම දුෂ්කර වී තිබෙනවා. උදාහරණයක් හැටියට, 1996 මාර්තුවලදී, ස්කොට්ලන්තයේ ඩ’න්බ්ලේන්හිදී, බාල ළමුන් 16දෙනෙකුව ඔවුන්ගේ ගුරුවරිය සමඟ වෙඩි තබා මරනු ලැබුවා. “දේවකැමැත්ත මොකක්ද කියල මට නං තේරෙන්නේ නෑ,” ශෝකයෙන් උමතු වූ එක් ස්ත්‍රියක් ප්‍රකාශ කළා. ළමුන්ගේ පාසැලට පිටතින් මල් වඩම් සමඟ තබා තිබූ කාඩ්පතක ඛේදවාචකයේ දැඩි වේදනාව ප්‍රකාශ කර තිබුණා. එහි එක වචනයක් මෙසේ ලියවී තිබුණා: “ඇයි?” පිළිතුරු වශයෙන් ඩ’න්බ්ලේන්හි පල්ලියේ දේවගැතිවරයා මෙසේ කියා සිටියා: “මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. මේවා වෙන්නේ ඇයි කියන එකට උත්තර දෙන්න අපිට බැහැ.”
ඒ අවුරුද්දේම පසුකාලයේදී, එංගලන්ත සභාවේ ප්‍රසිද්ධ තරුණ පූජකයෙක්ව තිරිසන් ලෙස ඝාතනය කරනු ලැබුවා. ලිව’පූල්හි අනුනායක පූජක තැන කම්පනයට පත් සභාවකට, “ඇයි? ඇයි කියා අසමින් දෙවිගේ දොරට ගැසීමක්” ගැන කියනවා ඇසුණු බව ච’ච් ටයිම්ස් වාර්තා කළා. මේ පූජකයාත් පුද්ගල දෙවිකෙනෙකුගෙන් සැනසිලිදායක පණිවිඩයක් දුන්නේ නැහැ.
එසේනම්, අපි විශ්වාස කළ යුත්තේ කුමක්ද? පුද්ගල දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාස කරන එක සාධාරණයි. ඉහත නඟා තිබූ, අවධානය ඉල්ලා සිටින ප්‍රශ්නවලට උත්තර දීම සඳහා යතුර එයයි. මීළඟ ලිපියේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සලකා බලන්න අපි ඔබට ආරාධනා කරනවා.
[3වන පිටුවේ පින්තූරය]
කාඩ්පත මෙසේ ඇසුවා: “ඇයි?”
[හිමිකම් විස්තර]
NEWSTEAM No. 278468/Sipa Press