රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා”
තම කන්ද උඩ දේශනාවේදී, යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා: “නුඹලා ලෝකයේ ආලෝකයය.” ඔහු තවදුරටත් ඔවුන්ට මෙහෙම උනන්දු කළා: “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියා[ට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙව් 5:14-16.
ඉතාලියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කදිම වැඩකටයුතු අවධානයට ලක් වෙලා නැතුවා නෙවෙයි. උදාහරණයක් හැටියට, ඔවුන් වාර්ෂික සමුළුවලට පැමිණ සිටිද්දී ඔවුන්ගේ යහපත් හැසිරීම දෙවිට ප්‍රශංසාව ගෙන දෙනවා. පහත දැක්වෙන වාර්තාවලින් එය තහවුරු වෙනවා:
▪ ඉතාලියේ, ටේර්නිහි එක් ස්ත්‍රියක්, එම නගරයේ ක්‍රීඩාංගනය අසල පිහිටා ඇති අවන්හලක් කරගෙන යන්න ඇයගේ දියණියට උපකාර කළා. ඇය මෙහෙම විස්තර කරයි: “පාපන්දු තරඟවලට ආපු අයයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවලට ආපු අයයි අතර මම ලොකු වෙනසක් දැක්කා. සාක්ෂිකරුවන් වෙන අයට වඩා විනීතව ඇඳලා හිටියා; ඒගොල්ලන් අවංක ඒ වගේම ගෞරවාන්විතව කටයුතු කළා. මම හැම වෙලාවෙම මගෙන්ම අහපු දෙයක් තමයි, කොහොමද මේ එක එක ජාතිවලට අයිති මිනිස්සු එකට හොඳින් ඉන්නෙ කියන එක.
“එක දවසක් සාක්ෂිකාරයෙක් මාව පාරෙදී නවත්තලා මගෙන් ඇහුවා දෙවිගේ නම මම දන්නවාද කියලා. මම දැනගෙන හිටියේ නැහැ; හැබැයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් හොඳ මිනිස්සු කියලා මම දන්න හන්දා, එයා මාව ඇවිල්ලා හම්බ වෙනවාට මම කැමති වුණා. මට මළවුන්ගේ තත්වය ගැන ප්‍රශ්න තිබුණා; ඉතින් එයා ඒවලට බයිබලයෙන් උත්තර දුන්නා. කිසිම දෙගිඩියාවක් නැතුව, මම බයිබල් පාඩමක් පිළිගත්තා; ඒ වගේම සති දෙකකට පස්සේ මම රැස්වීම්වලට යන්න පටන්ගත්තා.
“මගේ දුව මුලින් මට විරුද්ධ වුණා; හැබැයි මගේ හැසිරීමයි අධිෂ්ඨානයයි නිසා එයාගේ ආකල්පය වෙනස් වුණා. මම මාස නවයකට ඉස්සෙල්ලා පාඩම් කරන්න පටන්ගත්තා. දැන් මගේ දුවයි එයාගේ මහත්තයයි ඒගොල්ලන්ගේ අවන්හලට නිතරම එන සාක්ෂිකාරයන්ට හොඳින් කතා කරනවා. මං ගැන කියනවා නං, මම මේ ක්‍රීඩාංගනයේ තිබුණ සමුළුවකදී බව්තීස්ම වුණා.”
▪ රොසෙතොʹ දෙල්යී ආබෘට්ʹස්සිහි සමුළුවකට පස්සේ, තාවකාලික නවාතැන් සඳහා කූඩාරම් තනා ඇති ඉඩමක කළමනාකරුවෙක් මෙහෙම නිරීක්ෂණය කළා: “මට තේරිලා තියෙනවා, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කරන හැම දේකදීම ඒගොල්ලන් හරිම අවංකයි කියලා. ගිය සතියේ, මගේ ඉඩමේ සාක්ෂිකරුවන් 40දෙනෙක් හිටියා; හැබැයි ඒගොල්ලන් කිසිම ප්‍රශ්නයක් ඇති කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලන්ගේ ට්‍රේලර් එකේ නැත්තං කූඩාරමේ වැඩිපුර කෙනෙක් ඉන්නවා නං, එහෙම ඉන්නවා කියලා ඇවිල්ලා කියන්නේ ඒගොල්ලන් විතරයි. මම නං හිතන්නේ, කාටහරි ඉන්න පුළුවන් හොඳම ගනුදෙනුකාරයෝ ඒගොල්ලන් කියලයි.”
▪ එම සමුළුවටම පස්සේ, එක් හෝටලයක කළමනාකරුවෙක් කිව්වේ මෙහෙමයි: “හැම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ම සාමකාමියි. ඒගොල්ලන් චණ්ඩියො නෙවෙයි; ඒ වගේම ඒගොල්ලන් වේලපහින් නිදාගන්නවා. ඒගොල්ලන් හරිම කරුණාවන්තයි, අවංකයි, ඒ වගේම හොඳට හැසිරෙනවා. හැමෝම මෙහෙම නං කොච්චර දෙයක්ද! වෙන අය හැම දෙයක්ම හොරකං කරනවා—මල් බඳුන්, අළු බඳුන්, වැසිකිලි කඩදාසි ඒ වගේම සීනිත් හොරකං කරනවා! ඕගොල්ලන්ගේ අතිං නං එහෙම දෙයක් වෙලා නැහැ. හැන්දෑවට ඕගොල්ලන්ගේ ළමයි ෆ්‍රිජ් එකෙන් අයිස් ක්‍රීම් ගත්තහම, මම ඒගොල්ලන් ගත්තේ මොනවද කියලා බලන්න කරදර වෙන්නෙ නැහැ. මට ගෙවන්න තියෙන්නේ කීයක්ද කියලා ඒගොල්ලන් බලලා ඒ වෙලාවෙම ඇවිල්ලා මට ගෙවලා යනවා. ඒගොල්ලන් ගැන මට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා. අනිත් අයත් එහෙම වුණා නං කොච්චර හොඳද! මගේ හෝටලේට එන හැම අමුත්තෙක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා නං.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතාලියේ මෙන්ම, ලෝකයේ වෙනත් ප්‍රදේශ බොහොමයක ප්‍රසිද්ධත්වයක් ලබා තියෙනවා. ඔවුන් ‘ජාතීන් අතරේ ඔවුන්ගේ හැසිරීම ඔබිනා ලෙස පවත්වා ගන්නවා;’ ඒ වගේම සැබෑ දෙවිගේ නාමය දරන ඔවුන්, ඔහුට ප්‍රශංසාව ගෙන දෙනවා.—1 පේතෘස් 2:12.