මූලධර්මවාදයේ ව්‍යාප්තිය
මූලධර්මවාදය—දශක කිහිපයකට කලින්, මෙය රෙපරමාදු ධර්මය තුළ ක්‍රියාත්මක වූ සුළු සංවිධානාත්මක ව්‍යාපාරයකට වඩා වැඩි යමක්ව තිබුණේ නැහැ. දේවල් මොනතරම් වෙනස් වෙලාද! විසිවන සියවසේ අගභාගයේදී, මූලධර්මවාදයa ජන සන්නිවේදන මාධ්‍යවල හා විශ්වවිද්‍යාලවල කරන පර්යේෂණ අධ්‍යයනවලදී මේ තරම් වැදගත් මෙන්ම දැඩි අවධානයට යොමු වන විෂයක් බවට පත් වෙයි කියල, මීට අවුරුදු 30කට කලින් තේරුම්ගන්න හම්බ වෙන්නේ ටිකදෙනෙකුට විතරයි කියා ආගමික ටීකාකරුවෙක් වන බෲස් බී. ලෝරන්ස් ලියා තියෙනවා.
කොහොම වුණත් සිදු වී තිබෙන්නේ එයයි. කලහකාරි වීදි පෙළපාළි, මිනීමැරුම්, ගබ්සා විරෝධී ව්‍යාපාරයන්, දේශපාලන අරමුණු ඉටු කරන්න ආගමික කණ්ඩායම් පීඩන එල්ල කිරීම හා අපහාසාත්මකයයි සලකන පොත් පත් ප්‍රසිද්ධියේ පුලුස්සා දැමීම යනාදිය ගැන දකින්න ලැබෙන ප්රවෘත්ති වාර්තා මූලධර්මවාදීන්ගේ ක්‍රියා ගැන නිරන්තර සිහිගැන්වීම් වෙනවා. සෑම තැනකම වගේ මූලධර්මවාදය, “දෙවියන්ගේ නාමයෙන් එදිරිවාදී ක්‍රියාවන්වල” නිරත වන බව, ඉතාලියේ සතිපතා පළ වන මොන්ඩො ඒකෝනොමිකො කියන මූල්‍ය සඟරාවේ සඳහන් වුණා.
මූලධර්මවාදීන්ව බොහෝවිට විස්තර කර තිබෙන්නේ, අන්තවාදී මෙන්ම භක්ති උන්මත්තකයන් හා කූට උපක්‍රම සැලසුම් කර, ත්‍රස්තවාදී ප්රහාරයන් සිදු කරන්නන් හැටියටයි. රෝමානු කතෝලික ආගමේ ක්‍රියාත්මක වන කොමූනියොනෙ ඒ ලීබෙරාට්සියොනෙ, යුදෙව් ආගමේ ගූෂ් ඉමියූනීම් සහ උතුරු අමෙරිකානු රෙපරමාදු ආගමේ ක්‍රිස්තියානි ඒකාබද්ධ සංවිධානය යනාදි කණ්ඩායම්වල වර්ධනය ගැන මිනිස්සු බියට පත් වෙලා. මූලධර්මවාදය ව්‍යාප්ත වෙන්නේ ඇයි? එයට අනුබල දෙන්නේ මොකක්ද? ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙක් වන ෂෙල් ක’පෙල් කියන විදිහට, සමහරවිට එය “දෙවිගේ පළිගැනීම” විය හැකිද?
[පාදසටහන]
a මූලධර්මවාදියෙක් කියන්නේ, සම්ප්‍රදායික හා සංස්ථිතික ආගමික සාරධර්මයන්ට දැඩි ලෙස ඇලී ගැලී සිටින කෙනෙක්. “මූලධර්මවාදයේ” අර්ථය ගැන වැඩි විස්තර ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Nina Berman/Sipa Press