සම්මාදම
ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්ච’ස් නමැති පොතෙන් උපුටාගැනීමකි.
පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට ප්‍රදානය කරන ත්‍යාග, මුදල් හෝ උපකාරය. ටෙරූ·මාහ්ʹ යන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ, “සම්මාදම; පරිශුද්ධ කොටස; එසවීමේ පූජාව” යනාදියයි. (නික් 25:2, NW, පාදසටහන; 29:27, NW, පාදසටහන) එම වචනය පැමිණෙන්නේ රුම් යන ක්‍රියාපදයෙන්; එහි පදගතාර්ථයෙන් අදහස් වන්නේ, “ඉහළ නැංවීම; උසස් කළ; ඔසවනවා” (යෝබ් 22:12; 1සාමු 2:1; උත් 14:22) යන්නයි. එය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක ස්වරූපයෙන් ගත් කල, “[සම්මාදමක් හැටියට] එසවීමට සැලැස්වීම,” ඒ කියන්නේ “සම්මාදම් කිරීම” ඉන් අදහස් විය හැකියි.—ලෙවී 22:15.
ද්‍රව්‍යමය වශයෙන් දීම, සම්මාදමකට අයත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. පිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය වෙනුවෙන් කළ සම්මාදමට පාවුල්, දෙවිට ස්තුති කළා. ශුභාරංචිය පතුරුවා හැරීම සඳහා ඔවුන් පෞද්ගලිකව දායක වෙනවාට අමතරව, පාවුල්ට මෙන්ම සමහරවිට අනිත් අයටද ද්‍රව්‍යමය ලෙස උපකාර කළා; මෙයාකාරයෙන් ඔවුන් ශුභාරංචිය දේශනා කිරීමට පක්ෂපාතව සහයෝගය දැක්වුවා.—පිලි 1:3-5; 4:16-18.
සැබෑ නමස්කාරය සඳහා ඉදි කිරීමේ වැඩවලට හා ඊට අවශ්‍ය දේවල් සැපයීම සඳහා සම්මාදම් කරන්ට ලැබීම, ඉශ්‍රායෙල්වරු ලැබූ වරප්‍රසාදයක් වුණා. මණ්ඩපය සඳහාත් එහි ගෘහ භාණ්ඩ සඳහාත් ඔවුන් පරිත්‍යාග කළා (නික් 25:1-9; 35:4-9); ගෙනා දේවල් “වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරු” වූ නිසා, “ස්වාමීන්වහන්සේ වෙතට [ගෙනා මෙම] ස්වේච්ඡා පඬුර” නතර කරන්න සිදු වුණා. (නික් 35:20-29; 36:3-7) ගොඩනැඟීමට බලාපොරොත්තු වූ දේවමාළිගාවේ ඉදි කිරීමේ වැඩකටයුතු සඳහා දාවිත් රජුගේ සම්මාදමට රන් හා රිදී අඩංගු වූ ඔහුගේ “[විශේෂ] සම්පත” අයත් වුණා; එහි වටිනාකම $1,20,20,00,000කට වඩා වැඩියි. පිළිවෙළින් අධිපතීන්ද සෙනඟගේ ප්‍රධානීන්ද $1,99,30,00,000කට වඩා වැඩි වටිනාකමක් තිබූ රන් හා රිදීවලට අමතරව තඹ, යකඩ සහ අනර්ඝ ගල් සන්තෝෂයෙන් සම්මාදම් කළා.—1ලේක 29:1-9.
සමහර සම්මාදම් දීමට ව්‍යවස්ථාවෙන් නියම කර තිබුණා. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ සංගණනයක් ගත් විට, වයස අවුරුදු 20ක් වූ සහ ඊට වැඩි සෑම පුරුෂයෙක්ම තමාගේ ප්‍රාණය සඳහා මිදීමේ මිලයක් වූ “ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට . . . ෂෙකෙල් බාගයක් [$1.10 සමාන විය හැකියි]” දිය යුතුව තිබුණා. එය ඔවුන්ගේ ප්‍රාණ සඳහා සමගිකමක් කිරීමටද “සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය” සඳහාද වූ “යෙහෝවාගේ සම්මාදම” [NW] වුණා. (නික් 30:11-16) යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් (ද ජූවිස් වෝ’, VII, 218 [vi, 6]) කියන විදිහට, මේ “පරිශුද්ධ බද්ද” [NW] පසුව වාර්ෂිකව ගෙව්වා.—2ලේක 24:6-10; මතෙ 17:24; TAXATION (බදු අය කිරීම) යටතේ බලන්න.
පූජක ගෝත්‍රය වූ ලෙවීවරුන්ගේ අවශ්‍යතා සැපයීම සඳහා, ඉශ්‍රායෙල්වරු දේශයේ අස්වැන්නෙන් “දසයෙන් කොටසක්” සම්මාදම් කළ යුතුයි කියා දෙවි නියමයක් පැනෙව්වා. පිළිවෙළින් ලෙවීවරුන්ද, උත්තම පූජකයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහාද දසයෙන් කොටසක් සම්මාදම් කළා. (ගණන් 18:26-28; TITHE (ඔතු) බලන්න.) ඉශ්‍රායෙල්වරු දෙවිට දුන් සම්මාදම් බලාගැනීමේ වගකීම යෙහෝවා උත්තම පූජක ආරොන්ට පැවරුවා. ඔවුන් පූජා කරන දේවල්ද, තෙල්, මුද්‍රිකපානය, ධාන්‍ය හා ජනයා යෙහෝවාට ගෙනා දේශයේ පලතුරුවලින් ප්‍රථම ඵලද ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් භුක්ති විඳින්න ඉඩ දුන්නා; එමෙන්ම සත්ව පූජාවල කොටස්ද ආහාරයට ගන්න ඔවුන්ට අවසර තිබුණා. යුද්ධයේදී ලබාගත් කොල්ලයෙන් බද්දක් අය කර, එය “යෙහෝවාට සම්මාදමක්” [NW] හැටියට උත්තම පූජකයාට දුන්නා; ඒ වගේම කොල්ලයෙන් කොටසක් ලෙවීවරුන්ටත් දුන්නා.—ගණන් 31:1, 2, 28-30.
ඉශ්‍රායෙල්වරු යෙහෝවාට විවිධාකාර පූජාවන් සහ යාග ඔප්පු කළා. ඒවායින් සමහරක් විශේෂයෙන්ම නියම කළේ ව්‍යවස්ථාවෙන්මයි. කොහොම වුණත්, ස්තුති දීමේ හා භාරවීමේ පූජා වැනි අනිකුත් පූජා සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් ඔප්පු කළා.—ලෙවී 7:15, 16; OFFERINGS (යාග) බලන්න.
යෝවාෂ් රජුගේ පාලන කාලයේදී දේවමාළිගාව අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු සඳහා සම්මාදම් දැමීමට පෙට්ටියක් යෙහෝවාගේ ගෘහයේ දොරටුව අසල තබා තිබුණා. දෙවිගේ ගෘහය නඩත්තු කිරීමට හා ඊට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අධිපතීන් සහ මිනිසුන් “පරිශුද්ධ බද්ද [NW]” සන්තෝෂයෙන් දුන්නා.—2ලේක 24:4-14.
ඉශ්‍රායෙල් ජාතියට අයත් නොවූ අයද සැබෑ නමස්කාරය සඳහා සම්මාදම් කළා. පොදු යුගයට පෙර 468දී, එස්රා සහ යුදෙව්වන්ගේ ඉතිරි අය බබිලෝනියෙන් පිටත්ව යෙරුසලමට යන විට, පර්සියාවේ අර්තක්ෂස්තා රජු, ඔහුගේ මන්ත්‍රීවරුන්, අධිපතීන් සහ බබිලෝනියේ සිටි ඉශ්‍රායෙල්වරුන් විසින් දෙවිගේ ගෘහයට සම්මාදම් කළ රන්ද, රිදීද, වෙනත් භාණ්ඩද රැගෙන ගියා. ඔවුන් ගමන් කරන කාලයේදී, මේ වටිනා ද්‍රව්‍ය ආරක්ෂා කිරීමේ වගකීම, තෝරාගත් පුරුෂයන්ට පැවරුවා.—එස්රා 7:12-20; 8:24-30.
යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් දේවසේවය කරන විට, වෙනත් අය සම්මාදම් කළ ද්‍රව්‍යමය ආධාර පිළිගත්තා. (ලූක් 8:1-3) “යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්න[ව]” සිටීමෙන්, ඔවුන් අතර සිටි අගහිඟකම් තිබූ අයට උපකාර කිරීමට ඔවුන් තුළ තිබූ මහත් ආශාව පෙන්නුම් කළා. ඇතැම්විට ඔවුන් මුදලින් සම්මාදම් කළා විය හැකියි.—රෝම 15:26; COLLECTION (එකතු කිරීම) බලන්න.
රෝම 15:26 සහ 2 කොරින්ති 9:13 “සම්මාදම” (කොයි·නො·නීʹඅ) සඳහා භාවිත කර තිබෙන ග්‍රීක් වචනයේ පදගතාර්ථය ‘හවුලේ බෙදාගැනීම’ කියා සිතන්න පුළුවන්. මේ ග්‍රීක් වචනයම හෙබ්‍රෙව් 13:16 යොදාගෙන තියෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා: “යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.”
පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, වෙනත් ප්‍රදේශවලින් පැමිණ ක්‍රිස්තියානීන් බවට පත් වූ අය මෙන්ම යුදෙව්වන් හුඟදෙනෙක්, පෙනෙන විදිහට අලුත් ඇදහිල්ල ගැන තව බොහෝ දේවල් ඉගෙනගැනීම සඳහා යෙරුසලමේ ටික කාලයක් නතර වුණා විය හැකියි. කිසි කෙනෙකුට හිඟකමක් ඇති නොවන විදිහට, ඔවුන් සතු දේවල් ස්වේච්ඡාවෙන්ම ඔවුන් සම්මාදම් කළා; “සියල්ල ඔවුන්ට පොදුවේ තිබු[ණා].” (ක්‍රියා 4:32-37; සසඳන්න ක්‍රියා 5:1-4.) පසු කාලයේදී, යෙරුසලමේ සභාව දිළිඳු වැන්දඹුවන්ට දිනපතා ආහාර බෙදා දුන්නා. (ක්‍රියා 6:1-3) ඇත්තටම උපකාරය ලබන්ට වටින වැන්දඹුවන්ව රැකබලා ගැනීම සඳහා, සම්මාදම් කළ අරමුදල් පාවිච්චි කළ යුතු ආකාරය ගැන පාවුල් උපදෙස් දුන්නා.—1තිමෝ 5:9, 10; RELIEF (සහනාධාර) බලන්න.
මුල් ක්‍රිස්තියානි සභාවේ සම්මාදම් කිරීම සඳහා කිසිම බල කිරීමක් තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලියා තියෙනවා: “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.”—2කොරි 9:7.
සම්මාදම් කරන්නාගේ ත්‍යාගශීලිත්වය ගැන සැබෑ චිත්‍රයක් සම්මාදමේ ප්‍රමාණයෙන් ලබා දෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවකදී, දේවමාළිගාවේ භාණ්ඩාගාරයේ තිබූ සම්මාදම් පෙට්ටිවලට මිනිස්සු මුදල් දමනවා යේසුස් ක්‍රිස්තුස් බලා සිටියා. ධනවතුන් කාසි හුඟක් දැම්මා; ඒත් ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් විතරක් දැමූ දිළිඳු වැන්දඹුවගේ හෘදයාංගම ත්‍යාගශීලිත්වයට සිත ඇදීගිය යේසු මෙසේ කිව්වා: “මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවාය.” (ලූක් 21:1-4; මාර්ක් 12:41-44) තමන් අතර සිටින දිළිඳු ඇදහිලිවන්තයන්ට ආධාර කිරීමට අවස්ථාව පැමිණි විට, පාවුල් මෙසේ නිරීක්ෂණය කළා: “මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.”—2කොරි 8:12.
ඇත්තෙන්ම සෑම දෙයක්ම අයිතිව සිටින යෙහෝවාව තවත් පොහොසත් කරවන්න (1ලේක 29:14-17) කිසිවෙකුට නොහැකි වුණත්, සම්මාදම් කිරීම මගින් තමා යෙහෝවාට දක්වන ප්‍රේමය විදහාපෙන්වන්න නමස්කාරකරන්නාට ප්‍රස්තාවක් සැලසෙනවා. ප්‍රසිද්ධිය සඳහා හෝ ආත්මාර්ථකාමී පෙලඹවීම් නිසා හෝ නොව, නමුත් හරි ආකල්පයක් ඇතුව සැබෑ නමස්කාරය වැඩිදියුණු කිරීමේ අදහසින් දෙන සම්මාදම් මගින් දෙවිගේ ආශීර්වාද සමඟින් සන්තෝෂය ගෙන එයි. (ක්‍රියා 20:35; මතෙ 6:1-4; හිතෝ 3:9, 10) සැබෑ නමස්කාරයට අනුබලය දීම සඳහා මෙන්ම උපකාරය ලබන්ට වටින අයට ආධාර කිරීම සඳහාද තමන් සතු ද්‍රව්‍යමය දේවලින් යමක් වෙන් කර තබාගැනීමෙන්, යමෙකුට එම සන්තෝෂයට පංගුකාරයෙක් වෙන්න පුළුවන්.—1කොරි 16:1, 2.
දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යෙහෝවා සපයනවා; එසේ කියන්න හේතුව නම්, ඔහු මනුෂ්‍යවර්ගයාට “ජීවිතයද හුස්මද සියලු දේවල්ද” දී තිබෙන නිසාත් (ක්‍රියා 17:25), ඔහුගේ ඒක-ජාතක පුත්‍රයාව මිනිස් සංහතිය වෙනුවෙන් දී තිබෙන නිසාත් (යොහ 3:16), සියලු ආකාර ත්‍යාගශීලිකමෙන් ක්‍රිස්තියානීන්ව පෝෂණය කර තිබෙන නිසාත්ය (2කොරි 9:10-15). ඇත්තෙන්ම, “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද . . . ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.”—යාකො 1:17; GIFTS, PRESENTS (දීමනා, තෑගි) බලන්න.
ඒ වගේම HOLY CONTRIBUTION (ශුද්ධ සම්මාදම) බලන්න.
it-1 502-3 Contribution