ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 2/15 32 පි.
  • නිරය පිළිබඳ සැබෑව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිරය පිළිබඳ සැබෑව
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 2/15 32 පි.

නිරය පිළිබඳ සැබෑව

එංගලන්ත සභාවේ ධර්ම මණ්ඩලයෙන් නිකුත් කළ වාර්තාවක් පවසන්නේ, නිරය ඇත්තෙන්ම දැවෙන ස්ථානයක් නොවන බවයි; ඒ වෙනුවට, ඒක ශුන්‍ය, සිතින් මවාගත් ස්ථානයක්. “මේ වෙනස සඳහා හේතු බොහොමයක් තියෙනවා” යයි වාර්තාව පැහැදිලි කරයි. “නමුත් භය කිරීමේ ආගමකට විරුද්ධව ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ හා ඉන් පිටත සිටින්නන් අතරින්ම විරෝධය පළ වී තිබෙන අතර, සදාකාල වධ විඳීමට මිලියන ගණන් දෙනාව භාර කරන දෙවිකෙනෙක් පිළිබඳ සංකල්පය ක්‍රිස්තුස් තුළින් හෙළි වූ දෙවිගේ ප්‍රේමයට පටහැනි බවට අවබෝධය වර්ධනය වෙමින් පවතිනවා.”

නිරය පිළිබඳ සම්ප්‍රදායික මතය ගැන මෙලෙස අපහසුවක් දැනීම එංගලන්ත සභාවට පමණක් සීමා වුණ එකක් නොවෙයි. පව්කාරයන්ව දවන, පළිගන්නාසුලු දෙවිකෙනෙකුට නමස්කාර කිරීම අමාරු දෙයක් බව විවිධ නිකායන්වල සිටින ජනයාට හැඟෙනවා. “ජනයාට ඕනෑ කරන්නේ උණුසුම්, ළං කරගන්න පුළුවන් මුදු මොළොක් දෙවිකෙනෙක්” යයි ඩ්‍යුක් විශ්වවිද්‍යාලයේ දේවධර්ම පාසැලේ, ආගම හා සමාජය පිළිබඳ ආචාර්ය ජැක්සන් කැරල් පවසනවා. “පාපය සහ වරදකාරිබව ගැන කතා කිරීම අදදින සංස්කෘතියට පටහැනි දෙයක්.”

බයිබලය උගන්වන ආකාරයට නිරය මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ මිසක—ගින්නෙන් දැවෙන තැනක් නොවෙයි කියන එක යෙහෝවාගේ සාක්ෂිකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කර තිබෙනවා. ඔවුන් මේ දෘෂ්ටිය දරන්නේ ඒක ජනප්‍රිය නිසා නොවෙයි; නමුත් බයිබලයේ කියන දේ නිසයි: “මළාහු කිසිවක් නොදනිති, . . . මිනීවළෙහි [“නිරය,” කතෝලික ඩුඒ ව’ෂන්] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 10.

මළ අය සම්බන්ධයෙන් මේ පැහැදිලි අවබෝධය තිබුණ වොච් ටවර් සමිතියේ මුල් සභාපති වූ චාල්ස් ටේස් රසල්, 1896දී මෙහෙම ලිව්වා: “මූලික විශ්වාසයන්වලින් හා ගීතිකා පොත්වලින් මෙන්ම බොහෝ දේශනා කූඩුවලින් වැරදිසහගත ලෙස උගන්වන පරිදි සදාකාල වධ විඳීමේ ස්ථානයක් නැති බව [බයිබලයේ] දකින්ට ලැබෙනවා. ආදම්ගේ පාපය නිසා මුළු මනුෂ්‍ය සංහතියටම යෑමට සිදු වන ‘නිරයක්,’ ෂෙයෝලයක්, හේදීසයක් අපි සොයාගෙන තිබෙන අතර, අපේ ස්වාමීන්ගේ මරණය මගින් හැමෝම ඒකෙන් ගැළවීමක් ලබන බවත් අපිට සොයාගන්න පුළුවන් වෙලා තිබෙනවා; ඒ වගේම ඒ ‘නිරය’ කියන්නේ මිනීවළ—එනම් මැරී සිටින තත්වයයි.”

මේ හේතුවෙන්, ශතවර්ෂයකටත් වඩා වැඩි කාලයකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරය පිළිබඳ බයිබල් සත්‍යය උගන්වා තිබෙනවා.

[32වන පිටුවේ පින්තූරය]

චාල්ස් ටී. රසල්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න