‘ඔවුහු වෙනත් අයට උපකාර කිරීමට උනන්දුවෙන් සිටිති’
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙකු පැවසුවේ එලෙසය. නිව් යෝර්ක් බෘක්ලින්හි පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ පූර්ණ කාලීන ස්වේච්ඡා සේවිකාවක ලෙස සේවය කළ කැත්ලීන් සමඟ ඔහු කතා කරමින් සිටියේය.
උණුසුම් මෙන්ම හිරු රශ්මියෙන් නැහැවුණු ශරත් සෘතුවේ දවසක දහවල් විවේකයේදී විවේකය ගත කිරීම සඳහා එහා මෙහා ගමන් කළ හැකි ස්ථානයක බංකුවක් මත කැත්ලීන් වාඩි වූවාය. කන් යොමුවලින් සමන්විත ශ්‍රව්‍ය කැසට් පටයකට ඈ සවන් දෙමින් සිටියාය. ඊස්ට් ගඟෙන් එගොඩ හෙලිකොප්ටර් තොටුපොළක, නගරයට පැමිණි පාප්ගේ පිටත්ව යෑම නිමිත්තෙන් යම් උත්සවයක් සූදානම් කරනු ලැබීය. සෑම තැනකම ආරක්ෂාව තර කර තිබූ අතර, විවේකිව එහා මෙහා ගමන් කරන එම ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මුර සංචාරයේ යෙදෙමින් සිටියහ. ඔවුන්ගෙන් කෙනෙක් කැත්ලීන් අසලට පැමිණ ඇය කරමින් සිටින්නේ කුමක්ද කියා ඇසුවේය. කැත්ලීන් මෙසේ පිළිතුරු දුන්නාය: “මං රුසියානු භාෂා කැසට් පටයකට ඇහුම්කන් දෙනවා. ඇයි කිව්වොත්, මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්; ඒ වගේම දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මේ නගරයේ පදිංචියට ආපු රුසියානු භාෂාව කතා කරන අය එක්ක බෙදාගැනීමට මට රුසියානු භාෂාව ඉගෙනගන්න ඕනේ.”
පසුගිය වසර 15 තුළදී, නිව් යෝර්ක් නගරයේ මුර සංචාරයේ යෙදෙන නිලධාරියෙකු වශයෙන්, තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව ටිකින් ටික අගය කොට සැලකීමට නැඹුරු වූ බව ඔහු කියා සිටියේය. ඔහු මෙසේ පැවසීය: “මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව සලකන්නේ, සමාජයේ ඉන්න වෙනත් අයට උපකාර කරන්න අවංක උනන්දුවක් දක්වන සාමාජිකයන් ඉන්න සංවිධානය වූ ආගමක් හැටියටයි.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ඔවුන් කරන ගෙයින් ගෙට දේශනා වැඩය සඳහා ලෝක ව්‍යාප්තව ප්‍රසිද්ධියට පත්ව සිටිති. (ක්‍රියා 20:20) මනුෂ්‍යයන්ව පෙළන ගැටලුවලට එකම විසඳුම දෙවියන්වහන්සේගේ රාජ්‍යය බව ඔවුන් පෙන්වා දෙන අතරම, බයිබල් ප්‍රතිපත්ති ඔවුන්ගේ දෛනික ජීවිතවලට අදාළ කරගැනීමට දිරිමත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිතයේ ගුණය වැඩිදියුණු කිරීමටද ඔවුහු උපකාර කරති. නිදසුනක් වශයෙන්, ඉගෙනීමට උපකාරවත් වන වටපිටාවක් නිවස තුළම සැපයීමට සාක්ෂිකරුවෝ දෙමව්පියන්ගෙන් උදක්ම ඉල්ලා සිටිති. සේවය කරන ස්ථානයේ ස්වාමියෙකුට වටිනා බවට පෙනෙන කුසලතා හා ගුණාංග වර්ධනය කිරීමට දිරිගන්වමින්, පුද්ගලයන්ට අවංක වීමට හා නීතිගරුක වීමට ඔවුහු අවවාද කරති.
එසේය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රජාවේ සිටින ජනතාවට තමන්ගේ ජීවිත වැඩිදියුණු කරගනු වස් උපකාර කිරීමට ඉතා උනන්දුවෙන් සිටිති. මතු සඳහන් ඉදිරිපත් කිරීමට ප්‍රතිචාර දක්වන මෙන් ඔබට උණුසුම්ව ආරාධනය කරන්නෙමු.