ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 8/15 21 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් මට සමාව දෙයිද?
    බයිබලයෙන් උත්තර
  • ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 8/15 21 පි.

ඔබට මතකද?

මුරටැඹ සඟරාවේ මෑත කලාප කියවීමෙන් ඔබ සතුටක් ලැබුවාද? හොඳයි, මතු සඳහන් ප්‍රශ්නවලට ඔබට උත්තර සැපයිය හැකිදැයි බලන්න:

◻ “යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ,” යන යේසුස්වහන්සේගේ වචනවලින් ක්‍රිස්තියානීන්ට පව් කමා කළ හැකි බව අදහස් වේද? (යොහන් 20:23)

පොදුවේ ක්‍රිස්තියානීන්ට හෝ සභාවේ පත් කරන ලද වැඩිමහල්ලන්ට වුවත් පව් කමා කිරීමට දිව්‍යමය අධිකාරයක් තිබෙන බව නිගමනය කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැත. යේසුස්වහන්සේගේ වචන සඳහන් එම පාඨ සම්බන්ධයෙන් පෙනී යන්නේ, ශුද්ධාත්ම බලයේ ක්‍රියාකාරිත්වය මාර්ගයෙන් පව්වලට සමාව දීමේ හෝ නොදීමේ අද්විතීය බලයක් ප්‍රේරිතයන්ට දානය කර තිබූ බවයි. (ක්‍රියා 5:1-11; 2 කොරින්ති 12:12 බලන්න)—4/15, 28වන පිටුව.

◻ එක්දහස් අටසිය හැටහතරේදී ජේ. ජේ. ස්ටුවර්ට් පරෝන් විසින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළාවූ ගීතාවලිය පොතේ පරිවර්තනයේ කැපීපෙනෙන්ට තිබෙන්නේ කුමක්ද?

පරෝන් තම පරිවර්තනයේදී “එහි වාග් රීතිය සහ වගන්ති සැකැස්ම යන දෙකේදීම හෙබ්‍රෙව් ව්‍යවහාරයට සමීපව” ඇලී සිටීමට උත්සාහ කළේය. එසේ කිරීමෙන් “යෙහෝවා” යනුවෙන් දිව්‍ය නාමය යළි පිහිටුවීමට ඔහු අනුග්‍රහය දැක්වූයේය.—4/15, 31වන පිටුව.

◻ ලෝකයේ ආණ්ඩු සමඟ කටයුතු කරන අන්දම පිළිබඳව යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට කවර මඟ පෙන්වීමක් දුන්සේක්ද?

යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා.” (මතෙව් 22:21) උන්වහන්සේ මෙසේද පැවසූසේක: “යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් පලයන්න.” (මතෙව් 5:41) දෙවියන්වහන්සේගේ නීතියට එකඟ වන මානව සම්බන්ධකම්වලදී හෝ ආණ්ඩුමය අවශ්‍යතාවලදී, නීත්‍යනුකූල ඉල්ලීම්වලට කැමැත්තෙන් යටත්වීමේ ප්‍රතිපත්තිය යේසුස්වහන්සේ මෙහිදී නිදර්ශනය කරමින් සිටිසේක. (ලූක් 6:27-31; යොහන් 17:14, 15)—5/1, 12වන පිටුව.

◻ ‘සැබෑකමෙහි හැසිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ගීතාවලිය 86:11)

දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවන්ට එකඟව මෙන්ම විශ්වාසවන්තකමින් සහ අවංකකමින් යුතුව උන්වහන්සේට සේවය කිරීම මෙයට ඇතුළත් වේ. (ගීතාවලිය 25:4, 5; යොහන් 4:23, 24)—5/15 18වන පිටුව.

◻ යෙහෝවඃවහන්සේ, යෝනාව නිනිවයට යැවීමෙන් ඉෂ්ට කරන ලද්දේ කුමක්ද?

නිනිවයෙහි යෝනා කළ දේශනා කටයුතු තුළින්, ඇදහිල්ල මෙන්ම නිහතමානිකම සෑහෙන්න හීනව සිටි මුරණ්ඩු ඉශ්‍රායෙලිතයන් හා පසුතැවිලි වූ නිනිවයෙහි මනුෂ්‍යයන් අතර වෙනස පැහැදිලි විය. (සසඳන්න, ද්විතීය කථාව 9:6, 13; යෝනා 3:4-10.)—5/15, 28වන පිටුව.

◻ උත්පත්ති 3:15හි යොමු දක්වා ඇති සර්පයා සහ “ස්ත්‍රිය” කවරහුද?

සර්පයා වනාහි ඇත්ත සර්පයෙකු නොව, නමුත් ඌව උපයෝගි කරගත් තැනැත්තාය, එනම් සාතන් නමැති යක්ෂයාය. (එළිදරව් 12:9) “ස්ත්‍රිය” යනු ඒව නොව, නමුත් යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානයයි, එනම් පොළොව මත සිටින උන්වහන්සේගේ අභිෂේක ලත් සේවකයන්ගේ මව්ය. (ගලාති 4:26)—6/1, 9වන පිටුව.

◻ පුද්ගලයෙකුට මහා බබිලෝනියෙන් පිටතට ඇවිත් ආරක්ෂාව සොයාගත හැක්කේ කෙසේද? (එළිදරව් 18:4)

බොරු ආගමික සංවිධානවලින් මෙන්ම ඒවායේ චාරිත්‍රවලින් හා එමගින් දිරිගන්වනු ලබන ස්වභාවයෙන් ඔහු මුළුමනින්ම තමාව වෙන් කර, ඉන්පසුව යෙහෝවඃවහන්සේගේ දිව්‍යාණ්ඩු සංවිධානයෙහි ආරක්ෂාව සොයාගත යුතුය. (එපීස 5:7-11)—6/1, 18වන පිටුව.

◻ ශුද්ධ ලියවිලිවල නිතරම රාජාලියාව සඳහන් කර තිබෙන්නේ මන්ද?

බයිබල් ලේඛකයන් විසින් රාජාලියාගේ ලක්ෂණවලට යොමු දැක්වූයේ, ප්‍රඥාව, දිව්‍ය ආරක්ෂාව හා වේගය වැනි දේවල් සංකේතවත් කිරීම සඳහාය.—6/15, 8වන පිටුව.

◻ භූමික බලාපොරොත්තුව තිබෙන දෙවියන්වහන්සේගේ නවීන දින සේවකයන්හට, ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තිබෙන ප්‍රමාණයටම දෙවියන්වහන්සේගේ ආත්මය තිබේද?

මූලිකවම කියනවා නම්, පිළිතුර එසේය. පන්ති දෙකටම සමානාකාරයෙන් දෙවියන්වහන්සේගේ ආත්මය ලබාගත හැකිය. එමෙන්ම දැනුම හා අවබෝධයද දෙකොටසටම සම සේ අත් කරගත හැකිය.—6/15, 31වන පිටුව.

◻ යෙරුසලම් දේවමාළිගාවේ ඉශ්‍රායෙල් පූජකයන් විසින් සිදු කරනු ලැබූ පරිශුද්ධ සේවය පරීක්ෂා කර බැලීම අදදින අපට ප්‍රයෝජනවත් වන්නේ මන්ද?

එසේ කිරීමෙන් අදදින සිටින පව්කාර මිනිසුන්ට දෙවියන්වහන්සේ සමඟ සමඟිකමක් ඇති කරගැනීමට හැකි කරවන දයාන්විත විධිවිධානය අපි අගය කරන්නෙමු. (හෙබ්‍රෙව් 10:1-7)—7/1, 8වන පිටුව.

◻ සාලමොන් විසින් ගොඩනඟන ලද දේවමාළිගාවට වඩා, යෙරුසලමේ ගොඩනඟන ලද දෙවන දේවමාළිගාවට ශ්‍රේෂ්ඨ ගෞරවයක් අත් වූයේ කෙසේද?

දෙවන දේවමාළිගාව සාලමොන්ගේ දේවමාළිගාවට වඩා අවුරුදු 164කට වඩා වැඩි කාලයක් පැවතුණේය. බොහෝ රටවලින් නමස්කාරකයෝ රැසක් එහි මළුවලට එක්රොක් වූහ. වඩාත් වැදගත් වන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එහි මළුවල ඉගැන්වීමේ විශිෂ්ට භාග්‍යය මෙම දෙවන දේවමාළිගාව සතුවීමයි.—7/1, 12, 13 පිටු.

◻ දෙවියන්වහන්සේ ස්වකීය ආත්මික දේවමාළිගාව බිහි කළේ කවදාද?

මෙය සිදු වූයේ පො.යු. 29දී, යේසුස්වහන්සේ බව්තීස්මයේදී ඉදිරිපත් කළ යාච්ඤාවට දෙවියන්වහන්සේ ස්වකීය අනුමැතිය පෙන්වූ අවස්ථාවේදීය. (මතෙව් 3:16, 17) යේසුස්වහන්සේ තම ශරීරය ඉදිරිපත් කළ විට දෙවියන්වහන්සේ එය පිළිගැනීමෙන් අදහස් කළේ, ආත්මික අර්ථයකින්, යෙරුසලම් දේවමාළිගාවෙහි තිබුණු එකට වඩා ශ්‍රේෂ්ඨ පූජාසනයක් ක්‍රියාත්මක වීමට පටන්ගත් බවය.—7/1, 14, 15 පිටු.

◻ අප සමාව දීමට කැමැත්තෙන් සිටිය යුත්තේ මන්ද?

අප ක්‍රිස්තියානි සමගිය පවත්වාගැනීමට නම්, සමාව ඉල්ලා සිටින වරදකරුවෙකුට සමාව දීම අත්‍යවශ්‍යය. එදිරිවාදිකම හා අමනාපයක් සිතේ තබාගැනීම අපෙන් මනසේ සමාදානය සොරාගන්නවා ඇත. අප සමාව දීමට අකමැති නම්, යම් දිනකදී යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේ පව්වලට තවදුරටත් සමාව නොදෙනු ඇති අවදානමකට අපි වැටෙන්නෙමු. (මතෙව් 6:14, 15)—7/15, 18වන පිටුව.

◻ ඉශ්‍රායෙලිතයන්ට ශුද්ධව සිටීමට හැකි වූයේ කෙසේද?

ශුද්ධ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේ සමඟ සමීප සබඳතාවක් පැවැත්වීම හා උන්වහන්සේට පිරිනමන ඔවුන්ගේ නිර්මල නමස්කාරය මගින් ඔවුන්ට ශුද්ධකම අත් කරගත හැකි විය. අති “ශුද්ධ තැනැන්වහන්සේ[ට]” ශුද්ධකමින්, ශාරීරික හා ආත්මික පිරිසිදුකමින් යුක්තව නමස්කාර කිරීමට නම්, උන්වහන්සේ පිළිබඳ ඒකාන්ත දැනුමක් ඔවුන්ට අවශ්‍ය විය. (හිතෝපදේශ 2:1-6; 9:10)—8/1, 11වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න