රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
කියුබාවේ ‘ක්‍රියාකාරකම්වලට මඟ පෙන්වන විශාල දොරක් විවෘත වී තිබේ’
ප්‍රේරිත පාවුල්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ කැපීපෙනෙන දේශනාකරන්නෙකු විය. කීකරු මිනිස්වර්ගයා සඳහා වූ සදාකාල ජීවනය පිළිබඳ මැවුම්කරුවාණන්ගේ පොරොන්දු අන්‍යයන් සමඟ බෙදාගැනීමට ඔහු සෑම ප්‍රස්තාවක්ම යොදාගත්තේය. පාවුල් පුරාණ එපීසයේ සංචාරය කරමින් සිටි විට, වැඩි මිනිසුන් පිරිසකට උපකාර කිරීම සඳහා ඔහුට ප්‍රයෝජනයට ගත හැකි නව තත්වයක් දුටුවේය. ඔහු මෙසේ පැවසුවේය: ‘මම එපීසයෙහි නවතින්නෙමි; මක්නිසාද ක්‍රියාකාරකම්වලට මඟ පෙන්වන විශාල දොරක් මට විවෘත වී තිබේ.’—1 කොරින්ති 16:8, 9, (NW).
කියුබාවේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ද තමන් නව තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව සොයාගෙන ඇත. තවමත් නිල වශයෙන් ලියාපදිංචි නොවුවත්, බයිබලය මත පදනම් වූ තම බලාපොරොත්තුව සහකාර රටවැසියන් සමඟ විවෘතව බෙදාගැනීමට දැන් සාක්ෂිකරුවන්ට හැක. මෑතකදී කියුබානු ආණ්ඩුව, විවිධ ආගමික කණ්ඩායම්වලට නිදහසේ තම වැඩකටයුතු කිරීමට අවසර දීම සඳහා දැඩි කැමැත්ත ප්‍රකාශ කොට ඇත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වනාහි කියුබානු රජය දැන් වැඩිදියුණු කරගත් සම්බන්ධතාවක් භුක්තිවිඳින ආගමික කණ්ඩායමක් බව ජනාධිපති කැස්ට්‍රෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
අලුතින් බිහි වූ මෙම තත්වය, සාක්ෂිකරුවන් සඳහා ‘ක්‍රියාකාරකම්වලට මඟ පෙන්වන විශාල දොරක් විවෘත කර දී තිබේ.’ උදාහරණයක් හැටියට, මෑතකදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ කියුබාවෙහි කාර්යාලයක් විවෘත කළහ, එම රටේ ඔවුන්ගේ දේශනා කිරීමේ වැඩකටයුතු සම්බන්ධිකරණය කිරීමට එය ඔවුන්ට උපකාරවත් වේ. සාක්ෂිකරුවෝ 65,000කට වඩා වැඩි පිරිසක්, බයිබලය පාඩම් කිරීමට හා තේරුම්ගැනීමට ජනයාට උපකාර කරමින් සිටිති. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා වැනි බයිබල් පොත් පත් ඔවුහු උපයෝගි කරගනිති. ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන කියුබානු වැසියන් බොහෝදෙනෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමෙන් ප්‍රයෝජන ලබමින් සිටිති.
සාක්ෂිකරුවෝ දිවයින පුරා කුඩා කණ්ඩායම් වශයෙන් නිතිපතා රැස්වීම්ද පවත්වති. සමහර අවස්ථාවලදී 150දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම් හැටියට වඩා විශාල එක්රැස්වීම් පැවැත්වීමේ වරප්‍රසාදය පවා ඔවුහු භුක්තිවිඳිති. කියුබානු බලධාරීන් විසින් පිරිනමා ඇති අවසරය, ඔවුහු සැබවින්ම අගය කරති, තම ආත්මික සහෝදර සහෝදරියන් සමඟ එකතු වී, දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී ගැයීමටත් එකට යාච්ඤා කිරීමටත් එමගින් ඔවුන්ට ප්‍රස්තාව ලැබේ.
මෑතකදී “දේව භය” දිස්ත්‍රික් සමුළුව, සති අන්ත තුනක් ඇතුළත 1000 වාරයකට වඩා වැඩියෙන් පවත්වනු ලැබීය. “පිළිවෙළ, හික්මවීම සහ සමාදානය”, සෑම සමුළුවකම දැකගත හැකි වූ බව එක් වාර්තාවක සඳහන් වේ. මේ කාරණය සම්බන්ධයෙන් බලධාරීහු සාක්ෂිකරුවන්ට තම සතුට ප්‍රකාශ කළහ.
ලොව පුරා සිටින සැබෑ ක්‍රිස්තියානීහු, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් දෙන ලද ආඥාව ඉටු කිරීමට දැඩි ප්රයත්නයක් දරති. ඒ අතරතුර, ආණ්ඩුවේ අධිකාරීන් සමඟ සාමකාමී සබඳතාවක් පවත්වාගැනීමට ඔවුහු වෑයම් කරති. (තීතස් 3:1) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිත පාවුල් විසින් දෙන ලද මෙම උපදේශය පිළිපදිති: “අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගතකරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදිහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.”—1 තිමෝති 2:1, 2.