“මම මේ දකින්නේ සිහිනයක් නෙවෙයි නේද?”
මතු සඳහන් වාර්තාව, වර්ෂ 1995 ගිම්හානයේදී මලාවි රටේ පවත්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” නම් ඉතිහාසගත දිස්ත්‍රික් සමුළුවලින් එකක් සම්බන්ධයෙනි.
මහා මාර්ගයක, මලාවි විලේ බටහිර වෙරළ පසු කරගෙන භාගයක් පමණ දුර යන විට, වසර 29කට පසුව පළමු වතාවට දැන්වීමක් සිටුවා තිබේ. ‘යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව’ යයි එහි කියවීමට තිබේ.
“දැන්වීම අසල විශාල ට්‍රක් රථයක් නවතා තිබූ අතර, ම්සූසූ නගරයෙන් පැමිණි සමුළු නියෝජිතයන් 200කටත් අධික සංඛ්‍යාවක් එම ට්‍රක් රථයේ ට්‍රේලරයෙන් පිටතට එති. වෙනත් ස්ථානවල සිට පැමිණි ඔවුන්ගේ 3,000ක් පමණ වන සහෝදර සහෝදරියන් සමඟ එකතුවීම සඳහා ඔවුහු ඇඳුම්, ඇතිරිලි, හට්ටි මුට්ටි, බාල්දි, ආහාර, දර සහ බයිබල්, මිටි බැඳගෙන ඇවිත් සිටිති.
“ට්‍රක් රථයෙන් බසින සහෝදරයන්ව අප පිළිගනිමින් සිටින අතරතුර, න්කෝටාකෝටා සිට දින දෙකක් පුරා බයිසිකලයක් පැදගෙන ආ 63 හැවිරිදි ජෝර්ජ් චිකාකෝ, දැන් එය වැල්ල හරහා තල්ලු කරමින් එයි. පසුගිය අවුරුදු ගණනාව පුරා, බයිබල් ප්‍රතිපත්ති පාවා දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සහෝදර චිකාකෝ සිව්වරක් සිරදඬුවම් ලැබ තිබේ. ඔහුගේ ඥාති සහෝදරයා, සිරගත කරනු ලැබූ කාලයේදී ලද පහරදීම්වලින් මියගියේය. ‘මම මේ දකින්නේ සිහිනයක් නෙවෙයි නේද?’ කියා සහෝදර චිකාකෝ අසයි. ‘මේ සමුළුව මහ දවාලේ පවත්වනු ලබනවා, ඒත් එක්කම මේ අය ශබ්ද නඟා රාජ්‍ය ගීතිකා ගායනා කරනවා! මේ දක්වා අපට හමුවීමට හැකි වී තිබුණේ රාත්‍රි අන්ධකාරයේ, රාජ්‍ය ගීතිකා කීවේ කොඳුරලා, අත්පොළසන් දෙනවා වෙනුවට අපි අපේ අත් දෙක ඇතිල්ලුවා. දැන් අපි ප්‍රසිද්ධියේ හමු වෙනවා, අපි ටිකදෙනෙක් පමණක් සිටින බව සිතූ මිනිසුන්, මෙතරම් ජනකායක් දැකීමෙන් පුදුමයට පත් වෙලා!’
“සමුළුව තිබෙන ස්ථානය වට කර තණකොළවලින් වැටක් තනා තිබූ අතර, සෙවන සඳහා ඉහළින් බටගස් ලිහිල්ව අහුරා තිබිණ. සමුළු නියෝජිතයන්ට නැවතී සිටීම සඳහා කුඩා තණකොළ පැල්පත් සහ එළිමහන් නිදන ශාලා තනා තිබුණේය. පීඩාවලට බියෙන් තවදුරටත් ගොළුව නොපවතින, ලස්සන මෙන්ම කනට මිහිරි කටහඬවල ශබ්දයෙන් රාත්‍රිය පිරී තිබිණ.
“එම සමුළුවට ‘ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ’ යන මාතෘකාව තිබීම කෙතරම් උචිතද!”
[හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.