පාඨකයන්ගෙන් ප්‍රශ්න
යේසුස්වහන්සේ අර්මගෙදොන් පැමිණෙන දිනය දැන් දන්නාසේක්ද?
උන්වහන්සේ එය දන්නා බව විශ්වාස කිරීම වඩාත් සාධාරණ බව පෙනෙන්ට තිබේ.
එම ප්‍රශ්නය මතු වන්නේ මන්දැයි සමහරුන් කල්පනා කළ හැක. එය මතෙව් 24:36හි සොයාගැනීමට තිබෙන යේසුස්වහන්සේගේ ප්‍රකාශය නිසා විය හැක: “නුමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” “පුත්‍රයාවත්” යන වාක්‍ය ඛණ්ඩය සලකා බලන්න.
මෙම පදය ප්‍රේරිතයන්ගේ ප්‍රශ්නයට යේසුස්වහන්සේ දුන් උත්තරයේ කොටසකි: “ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් [ලකුණ, NW] කිමෙක්ද?” (මතෙව් 24:3) මේ කාලයේදී ප්‍රසිද්ධව තිබෙන, “ලකුණ” සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කරන උන්වහන්සේගේ අනාවැකියෙහි, යුද්ධ, සාගත, පොළෝකම්පාද, සැබෑ ක්‍රිස්තියානීන් පීඩා විඳීම හා උන්වහන්සේගේ පැමිණ සිටීම ඇඟවීමට පොළොවේ සිදු වන වෙනත් දේවල්ද උන්වහන්සේ පුරෝකථනය කළසේක. මෙම ලකුණ මගින් අන්තිමය ළඟ බව උන්වහන්සේගේ අනුගාමිකයන්ට අවබෝධ කරගත හැක. උන්වහන්සේ ග්‍රීෂ්ම ඍතුව ළඟ බව අඟවමින්, කාලයේ ආසන්නකම අත්තික්කා ගසක කොළ හටගැනීමට පටන්ගන්නා කාලය සමඟ නිදර්ශනය කළසේක. උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසූසේක: “එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගනිල්ලා.”—මතෙව් 24:33.
එහෙත් අන්තිමය හරියටම පැමිණෙනු ඇත්තේ කවදාද කියා යේසුස්වහන්සේ පැවසුවේ නැත. ඒ වෙනුවට, මතෙව් 24:36හි අපට කියවීමට තිබෙන දේ උන්වහන්සේ සඳහන් කළසේක. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්හි කියවීමට තිබෙන්නේ ඒ දෙයම වන අතර, බොහෝ නවීන බයිබල්වලද කියවීමට තිබෙන්නේ ඒ හා සමාන දෙයකි. එහෙත් ඇතැම් පැරණි අනුවාදවල “පුත්‍රයාවත්” යන්න අඩංගු වී නැත.
නිදසුනක් වශයෙන්, කතෝලික ඩුඒ වර්ෂන්හි මෙසේ කියවීමට තිබේ: “එහෙත් ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ නැත, පියාණන්වහන්සේ මිස ස්වර්ගයෙහි දේවදූතයෝවත් නොදනිති.” කිං ජේම්ස් වර්ෂන්හි ඒ හා සමාන දෙයක් කියවීමට තිබේ. මාර්ක් 13:32හි එය සොයාගැනීමට හැකිකම තිබුණද, “පුත්‍රයාවත්” යන්න ඉවත් කර ඇත්තේ මන්ද? දහහත්වන ශතවර්ෂයේ මූලාරම්භයේදී එම අනුවාදයන් දෙක සූදානම් කරනු ලැබූ විට, පරිවර්තකයන් වැඩ කළ අත්පිටපත්වල එම ප්‍රකාශය ඇතුළත්ව නොතිබූ බැවිනි. කෙසේවෙතත්, ඒ අතරතුර, බොහෝ පැරණි ග්‍රීක් අත්පිටපත් සොයාගෙන තිබේ. මේවා බොහෝදුරට මතෙව්ගේ මෙම මුල් වගන්තියට ආසන්න කාලයක පවතින බැවින්, මතෙව් 24:36හි “පුත්‍රයාවත්” යන්න අඩංගු වී තිබේ.
“දේවධර්මීය හේතු නිසා,” ලතින් වල්ගේට්හි එම ප්‍රකාශය ඉවත් කරන්ට ඇති බවට සඳහන් කරන පාදසටහනක් සමඟ කතෝලික ජෙරූසලම් බයිබල්හි එම වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වී තිබීම සිත්ගන්නා කරුණකි. ඇත්තෙන්ම එසේය. ත්‍රිත්වය විශ්වාස කළ පරිවර්තකයන් හෝ පිටපත්කරන්නන්, සිය පියාණන් දැන සිටි දැනුම යේසුස්වහන්සේ නොදැන සිටි බවට අඟවන වාක්‍ය ඛණ්ඩයක් ඉවත් කිරීමට පෙලඹුණා විය හැක. යේසුස්වහන්සේ හා සිය පියාණන් ත්‍රිත්ව දෙවියෙකුට අයිති පුද්ගලයන් වූවා නම්, යේසුස්වහන්සේ යම් කාරණයක් නොදැන සිටිය හැක්කේ කෙසේද?
එයාකාරයෙන්ම, බී. එම්. මෙට්ස්ගර්ගේ ඒ ටෙක්ස්චුවල් කමෙන්ට්‍රි ඔන් ද ග්‍රීක් නිව් ටෙස්ටමන්ට් මෙසේ සඳහන් කරයි: “ ‘පුත්‍රයාවත්’ යන වදන, මතෙව්ගේ සාක්ෂි සඳහන් [අත්පිටපත්] බොහොමයක මෙන්ම පසුව පැවති බයිසන්ටයින් පාඨයේද සොයාගැනීමට නොමැත. අනික් අතට, ඇලෙක්සැන්ඩ්‍රියානු, බටහිර හා සිසේරියන් වර්ගයේ වඩාත් හොඳම උදාහරණවල පාඨ තුළ එම වාක්‍ය ඛණ්ඩය අඩංගු වේ.” මාර්ක් 13:32ට “ඒවා එකතු කර ඇතැයි සිතනවාට වඩා, ඒවා ඉදිරිපත් කරන මූලධර්මීය දුෂ්කරතා නිසා එම වචන ඉවත් කරනු ලැබ තිබෙන බව අනුමාන කළ හැක.”—ඇල අකුරු අපගේය.
කලින් අත්පිටපත්වල එම “හොඳම උදාහරණ,” සාධාරණ ප්‍රගතිශීලී දැනුම ලබා දීම සඳහා සහය ඉදිරිපත් කරයි. පියාණන්වහන්සේ මිස දේවදූතයෝවත්, පුත්‍රයාවත්, අවසානය පැමිණෙන පැය නොදැන සිටියෝය. රාජ්‍යයෙහි උසස් තනතුරු ලබා දීමට, පියාණන්වහන්සේට මිස තමන්වහන්සේට අධිකාරය නොතිබූ බවට පිළිගත් බව සඳහන් කරන මතෙව් 20:23හි සොයාගැනීමට තිබෙන යේසුස්වහන්සේගේ වදන් සමඟ මෙය ගැළපේ.
මේ නිසා, පොළොව මත සිටියදී ‘ලෝකාන්තිමය’ සිදු වන දිනය යේසුස්වහන්සේ නොදැන සිටි බව උන්වහන්සේගේ වදන්ම පෙන්නුම් කරයි. උන්වහන්සේ ඊට පසුව එය දැනගෙන සිටිනසේක්ද?
යේසුස්වහන්සේ සුදු අශ්වයෙක් පිට හිඳගෙන සිටින ආකාරයත්, “ජයගනිමින්, තම ජයග්‍රහණය සම්පූර්ණ” කිරීම සඳහා පිටත්ව යන ආකාරයත් එළිදරව් 6:2හි, NW විස්තර කරයි. ඊළඟට, 1914හි Iවන ලෝක මහ යුද්ධය ආරම්භ වීමත් සමඟම, අප අද්දැක තිබෙන, යුද්ධ, සාගත සහ වසංගත නියෝජනය කරන්නාවූ අසරුවෝ පැමිණෙති. පොළොවේ දුෂ්ටකමට එරෙහිව පැමිණීමට තිබෙන සටනේ පෙරමුණ ගැනීමට, දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජ වශයෙන්, යේසුස්වහන්සේව 1914දී සිංහාසනාරුඪ කරනු ලැබූ බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. (එළිදරව් 6:3-8; 19:11-16) දෙවියන්වහන්සේගේ නමින් ජයගැනීමට සිටින තැනැන්වහන්සේ වශයෙන් යේසුස්වහන්සේට දැන් බලය දී තිබෙන බැවින්, “තම ජයග්‍රහණය සම්පූර්ණ” කරන්නේ සහ අන්තිමය පැමිණෙන්නේ කවදාද යන්න සිය පියාණන් විසින් යේසුස්වහන්සේට පවසා තිබීම සාධාරණ බව පෙනෙන්ට තිබේ.
පොළොවේ වෙසෙන අපට දිනය පවසා නොතිබෙන බැවින්, යේසුස්වහන්සේගේ මෙම වදන් තවමත් අපට අදාළ වේ: “ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරපල්ලා. . . . මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි—අවදිව සිටපල්ලා.”—මාර්ක් 13:33-37.