ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 7/15 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “ඔබගේ පැමිණ සිටීමේ ලකුණ කුමක් වනු ඇත්ද?”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අපට කිව මැන, මේ දේවල් සිදුවන්නේ කවදාද?”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහත් භූමිකම්පා ගැන බයිබලේ කියන්නේ මොනවාද?
    තවත් ලිපි
  • භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ
    2002 පිබිදෙව්!
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 7/15 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ටොʹටේ (එවිට නොහොත් එකල) යන ග්‍රීක් වදන, පසුව සිදුවීමට තිබෙන යමක් හඳුන්වා දීමට භාවිත කර ඇති බව මට වැටහේ. එමනිසා මතෙව් 24:9හි “එකල [ටොʹටේ] ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවා[දෙන්නෝය]” යනුවෙන් කියවීමට තිබෙන මුත්, ලූක් 21:12හි සමාන්තර වාර්තාවේ, “නුමුත් ඒ සියල්ලට පළමුවෙන් . . . ඔව්හු නුඹලා පිට අත්හෙළා, . . . නුඹලාට පීඩාකරන්නෝය” යනුවෙන් කියවීමට තිබෙන්නේ මන්ද?

පසුව සිදුවීමට තිබෙන යමක් හෝ වෙනත් ආකාරයකින් කිවහොත් පිළිවෙළකින් සිදු වන යමක් හඳුන්වා දීමට ටොʹටේ භාවිත කළ හැකිවීම නිවැරදි වේ. එහෙත් මෙම වදන බයිබලයෙහි එම ආකාරයෙන් පමණක් භාවිත කර තිබෙන බව අප අවබෝධ කර නොගත යුතුය.

ශුද්ධ ලියවිල්ලෙහි, ටොʹටේ යන වදන මූලික අර්ථ දෙකකින් යොදා ඇති බව, බැවුඅර්, ආන්ට් සහ ගිඥග්‍රිච් විසින් පරිවර්තනය කරන ලද ඒ ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් ඇන්ඩ් අදර් අර්ලි ක්‍රිස්ටියන් ලිට්රේච පෙන්නුම් කරයි.

“ඒ කාලයේදී” යන්න, යොදා ඇති එක් ආකාරයක් වේ. මෙය “එවිට අතීතයේදී” විය හැක. මතෙව් 2:17, 18 මෙයට දී ඇති නිදසුනකි: “එකල . . . අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.” මෙය සිදුවීම් ගණනාවක යමකට යොමු දක්වන්නේ නැති මුත්, අතීතයේ, එනම් ඒ කාලයේදී සිදු වූ විශේෂ කරුණක් අඟවයි. එයාකාරයෙන්ම, ටොʹටේ “අනාගතයේදී සිදු වන යමක්, එනම් එවිට නොහොත් එකල” ලෙසද භාවිත කළ හැක. එක් උදාහරණයක් 1 කොරින්ති 13:12හි සොයාගැනීමට තිබේ: “එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු [එවිට නොහොත් එකල] මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු [එවිට නොහොත් එකල] මම දැනගන්නෙමි.” පාවුල් මෙහිදී ටොʹටේ භාවිත කළේ, ‘ඒ අනාගත කාලයේදී’ යන අර්ථයෙනි.

මෙම ශබ්දකෝෂයට අනුව, ටොʹටේ භාවිත කරනු ලබන අනික් අවස්ථාව වන්නේ, “නියමිත කාලයේදී සිදුවීමට තිබෙන යමක් හැඳින්වීමටය.” යේසුස්වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණ සම්බන්ධයෙන් ප්‍රේරිතයන් නැඟූ පැනයට උන්වහන්සේ දුන් පිළිතුර සොයාගැනීමට ඇති වාර්තා තුනෙන් මෙම ශබ්දකෝෂය නිදසුන් බොහොමයක් ඉදිරිපත් කරයි.a “නියමිත කාලයේදී සිදුවීමට තිබෙන යමක් හැඳින්වීම” සඳහා ටොʹටේ යන වදනේ භාවිතය සම්බන්ධයෙන්, එම ශබ්දකෝෂය මතෙව් 24:10, 14, 16, 30; මාර්ක් 13:14, 21; සහ ලූක් 21:20, 27 නිදසුන් වශයෙන් සඳහන් කළේය. පාඨ සම්බන්ධය සලකා බැලීමේදී, පසුව සිදු වන සිද්ධියක් නිවැරදිව අවබෝධ කරගත හැකි හේතුව ඒවා පෙන්නුම් කරයි. අනාගත සිද්ධීන්වල වැඩිවීම ගැන අඩංගු වූ යේසුස්වහන්සේගේ අනාවැකියේ නියම අර්ථය වටහාගැනීම සඳහා මෙය උපකාරවත් වේ.

කෙසේවෙතත්, මෙම වාර්තාවල, ටොʹටේ භාවිත කර තිබෙන සෑම අවස්ථාවකදීම, එය නියමිත කාලයේදී සිදුවීමට ඇති යමක් තදින්ම හඳුන්වන බව අප නිගමනය කිරීම අවශ්‍ය නැත. නිදසුනක් වශයෙන්, ජාතියක් ජාතියකට විරුද්ධව නැඟිටින බවත්, සාගත හා පොළෝකම්පා සිදු වන බවත් යේසුස්වහන්සේ පුරෝකථනය කළ බව අපට මතෙව් 24:7, 8හි කියවීමට තිබේ. මතෙ 24 නවවන පදය තවදුරටත් මෙසේ සඳහන් කරයි: “එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.” පුරෝකථනය කරන ලද යුද්ධ, සාගත සහ පොළෝකම්පා යන සියල්ල සිදු විය යුතු බවටත්, එය පීඩා ආරම්භ වීමට පෙර සමහරවිට නැවතිය හැකි බවටත් වටහාගැනීම සාධාරණ වනු ඇද්ද?

මෙය තර්කානුකූල දෙයක් නොවන අතර, පළමු ශතවර්ෂ ඉටුවීම සම්බන්ධයෙන් අප දන්නා දේවල්ද මෙය තහවුරු නොකරයි. නව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් දේශනා කිරීමට ආරම්භ කළ සැණෙන්ම වාගේ, ඔවුන්ට බරපතළ විරුද්ධවාදිකම් අද්දැකීමට සිදු වූ බව ක්‍රියා පොතේ අඩංගු වාර්තාව එළිදරව් කරයි. (ක්‍රියා 4:5-21; 5:17-40) යේසුස්වහන්සේ කතා කළ යුද්ධ, සාගත හා පොළෝකම්පා සියල්ලක්ම, මුල් කාලයේදී සිදු වූ එම පීඩාවට පෙර ඉටු වූ බව අපට සැබවින්ම පැවසිය නොහැක. මීට පටහැනිව, පුරෝකථනය කර තිබූ වෙනත් බොහෝ දේවලට “පෙර” එම විරුද්ධවාදිකම් සිදු වූ අතර, එය ලූක් කාරණා ප්‍රකාශ කළ ආකාරයට අනුකූල වේ: “නුමුත් ඒ සියල්ලට පළමුවෙන් . . . ඔව්හු නුඹලා පිට අත්හෙළා, . . . නුඹලාට පීඩාකරන්නෝය.” (ලූක් 21:12) මතෙව් 24:9හි ටොʹටේ යන වදන භාවිත කර ඇත්තේ වැඩි වශයෙන්ම “ඒ කාලයේදී” යන අදහසින් බව එය යෝජනා කරනු ඇත. යුද්ධ, සාගත හා පොළෝකම්පා සිදු වන කාලපරිච්ඡේදය තුළ නැතහොත් ඒ කාලයේදී, යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට පීඩා කරනු ලබනවා ඇත.

[පාදසටහන]

a මතෙව්, මාර්ක් සහ ලූක්හි අඩංගු මෙම සමාන්තර වාර්තා, 1994 පෙබරවාරි 15, මුරටැඹ කලාපයේ පිටු 14 සහ 15වේ තීරුවලින් දක්වා තිබිණ. ටොʹටේ භාවිත කර තිබූ අවස්ථාවලදී, “එකල” ලෙස පරිවර්තනය කර තිබූ වදන තද අකුරින් තිබිණ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න