බාල වයසේ පටන් ඔවුන්ව පුහුණු කරන්න
“කටහඬවලට, භෲණ කායික වශයෙන් ප්‍රතිචාර දක්වන බව” නවීන පර්යේෂණ අඟවයි. “මව්වරුන් ගර්භාශයේ සිටින තම ළදරුවන්ට ඇසෙන පරිදි ඡේද කියවීමෙන් පසු, එම ඡේදම අලුත උපන් ළදරුවන්ට නැවතත් කියෙවූ විට, ඔවුන් ප්‍රතිචාර දැක්වූ බව” උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් “සොයාගත්තේයයි” විනිපෙග් ෆ්‍රී ප්‍රෙස් පවසයි. කාන්තාවන් තමන් ගර්භිණීව සිටින කාලය තුළදී ශබ්දනඟා කියෙවූ විට, මෙය දරුවා තුළ යහපත් සදාචාරමය සාරධර්ම පැලපදියම් කිරීමට බොහෝ සෙයින් දායක විය හැක. තිමෝති ‘බාල වයසේ පටන් ශුද්ධ ලියවිලි දැන සිටි’ බව බයිබලය පවසයි. (2 තිමෝති 3:14, 15) ඔහුගේ මව සහ ආච්චි ඔහුව බාල වයසේ පටන් පුහුණු කිරීමේ වටිනාකම අගය කළ බවත්, බොහෝදුරට ශබ්දනඟා කියවීම මෙයට ඇතුළත් වන්ට ඇති බවත් පැහැදිලිය.
කියවීම, “අදදින අපට අපගේ සමාජයේ තිබෙන වඩාත්ම බලසම්පන්න ජීවන කුසලතාව” යයි ජිම් ට්රේලීස් නම් කර්තෘ පවසයි. ශබ්දනඟා කියවීම මගින් භාෂාවේ සහ වාග්මාලාවේ දක්ෂතාවන් ඔප්නැංවේ.
අඩුතරමින් ඔබ ඔබේ බිළින්දා සමඟ කතා කිරීමට පටන්ගැනීමත් සමඟම ශබ්දනඟා කියවීම ආරම්භ කිරීම නැණවත් වේ. මූලිකවම ඔබ පවසන්නේ කුමක්දැයි නූපන් හෝ අලුත උපන් දරුවා තේරුම් නොගත්තත්, ලැබිය හැකි දීර්ඝ කාලීන ප්‍රයෝජන මුළුමනින්ම අගනේය. හිතෝපදේශ 22:6 මෙසේ පවසයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරපන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”
ප්‍රායෝගික මෙන්ම ප්‍රයෝජනවත් වන කුමන දේවල් ඔබට කියවිය හැකිද? සෑම දිනකම ඔබේ දරුවාට බයිබලය ශබ්දනඟා කියවන්න. එමෙන්ම ලිස්නිං ටු ද ග්‍රේට් ටීචර්, මගේ බයිබල් කතන්දර පොත, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා මෙන්ම මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ලිපි වැනි වෙනත් වටිනා ප්‍රකාශනද කියවන්න.
මෙයාකාරයෙන් ඔබව යෙදවීම සඳහා කාලය මිඩංගු වන බව සැබෑවකි, එහෙත් එය කාලය ප්‍රයෝජනවත් ආකාරයකින් වැය කිරීමකි. එය ඔබ ඔබගේ දරුවා ගැන සැලකිල්ල දක්වන බව සහ දරුවාට ප්‍රේම කරන බව පෙන්වීමට පැහැදිලි මාර්ගයකි.