ගිලියඩ් පාසැල එහි 100වන පන්තිය පිටත් කර යවයි
නවීන කාලවලදී, ලෝක ව්‍යාප්තව දේවරාජ්‍යය ප්‍රකාශ කිරීමෙහිලා වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් විශේෂ කාර්යභාරයක් දරා ඇත. වර්ෂ 1943 ගිලියඩ් පාසැල මිෂනාරිවරුන් පුහුණු කිරීමට ආරම්භ කළ කාලයේ පටන්, එහි උපාධිධාරීහු රටවල් 200කට වඩා වැඩි ගණනක සේවය කර ඇත්තාහ. වර්ෂ 1996 මාර්තු 2වනදා, 100වන පන්තියට උපාධි ප්රදානය කෙරිණ.
නිව් යෝර්ක්හි පැටර්සන්වල, වොච්ටවර් අධ්‍යාපන ආයතනය පිහිටි ප්‍රදේශයේ මීටර දෙකකටත් වඩා වැඩියෙන් හිම වැටී තිබුණු කාලපරිච්ඡේදයක් තුළදී ශිෂ්‍යයෝ පාසැලට පැමිණ සිටියහ. ඔවුන්ගේ උපාධි ප්රදානය කිරීමේ දිනයෙත් හිම වැටීම, පුදුමයට කරුණක් නොවේ. කෙසේවෙතත්, ශ්‍රවණාගාරය පිරී තිබුණු අතර, අතිරික්ත ශ්‍රාවක පිරිස පැටර්සන්, වොල්කිල් හා බෘක්ලින්හි පහසුකම්වල වැඩසටහනට සවන් දුන්හ—පැමිණ සිටියවුන්ගේ මුළු එකතුව 2,878ක් විය.
පාලක මණ්ඩලයේ ඉගැන්වීම් කමිටුවේ සාමාජිකයෙකු වන තියඩෝර් ජැරැස් සභාපති ලෙස කටයුතු කළේය. බොහෝ රටවලින් පැමිණ සිටි අමුත්තන්ව උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව, ගීතිකා අංක 52 ගායනා කිරීමට නැඟිට සිටින මෙන් ඔහු සියල්ලන්ටම ආරාධනා කළේය. යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා ගී ගයන්න යන පොතෙන් “අපේ පියාණන්ගේ නාමය” නමැති ගීතිකාව ඔවුන් ගයන විට, යෙහෝවඃවහන්සේට කළ ප්‍රශංසාවෙන් මුළු ශ්රවණාගාරයම රැව් පිළි රැව් දුන්නේය. එම ගීතිකාවත්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අධ්‍යාපනය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් සභාපතිගේ ප්‍රකාශයත් ඉදිරි වැඩසටහන සඳහා නිසි මානසික තත්වයක් සකස් කළේය.
වයසින් මේරූ පුරුෂයන්ගෙන් ශුද්ධ ලියවිලිමය උපදෙස්
යෙහෝවඃවහන්සේගේ දීර්ඝ කාලීන සේවකයන් කිහිපදෙනෙකු විසින් උපාධිලාභී පන්තියට ඉදිරිපත් කරනු ලැබූ කෙටි කතාවලින් වැඩසටහනේ පළමු කොටස සකස් වී තිබිණ. වර්ෂ 1940දී තම පූර්ණ කාලීන සේවය ආරම්භ කළ, මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන රිචඩ් ඒබ්රහැම්සන්, පන්තියෙන් උදක්ම මෙසේ ඉල්ලා සිටියේය: “නොකඩවා යළි සකස් වන්න.” ගිලියඩ් පාසැලේ මාස පහක් ගත කිරීම ඇතුළුව ක්‍රිස්තියානීන් වශයෙන් තම ජීවිතයන්හි යළි සැකසීම් කළ විවිධ කාලපරිච්ඡේදයන් ඔවුන් දැනටමත් අද්දැක තිබෙන බව ඔහු ඔවුන්ට මතක් කර දුන්නේය. එසේනම් ඔවුන් නොකඩවා යළි සකස් විය යුත්තේ මන්ද?
ප්‍රේරිත පාවුල් විසින් 2 කොරින්ති 13:11හි [NW] උපයෝගි කරන ලද ප්‍රකාශය, “ප්රගතිශීලී ක්‍රියාවලියක්, කෙනෙකුව යෙහෝවඃවහන්සේ සකස් කරන නැතහොත් පවිත්‍ර කරන ආකාරයට දිගටම යටත්වීමක්, කෙනෙකු යෙහෝවඃවහන්සේගේ වඩා නිවැරදි ප්‍රමිතිවලට එකඟව ජීවත් වන පරිදි, සියුම් සීරුමාරු කිරීමක් අඟවන” බව කථිකයා පැහැදිලි කළේය. උපාධිලාභී පන්තියට, ඔවුන්ගේ විදේශ පැවරුම් ඉටු කිරීමේදී, තම ඇදහිල්ලට එල්ල වන නව අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත. ඔවුන්ට අලුත් භාෂාවක් ඉගෙනීමට, වෙනස් සංස්කෘතියකට හා ජීවන තත්වයන්ට අනුව හැඩගැසීමට මෙන්ම විවිධාකාර බල ප්‍රදේශවලට අනුකූලව සකස්වීමට අවශ්‍ය වනු ඇත. තවද ඔවුන්ගේ මිෂනාරි නිවෙස්වල සහ ඔවුන්ගේ අලුත් සභාවල විවිධ පෞද්ගලිකත්වයන් සමඟ ඔවුන්ට කටයුතු කිරීමට සිදු වනු ඇත. ඔවුන් යළි සැකසීම් කරන්ට කැමැත්තක් ඇතුව, මේ සියලු තත්වයන්හිදී පරෙස්සමින් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරන්නේ නම්, එවිට, ප්‍රේරිත පාවුල් ලීවාක් මෙන්, ඔවුන්ට ‘දිගටම ප්‍රීතිමත්ව සිටින්ටද’ හැකි වනු ඇත.
වැඩසටහනට සහභාගි වූ පාලක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනාගෙන් කෙනෙක් වූ ජෝන් බාර්, සිය මාතෘකාව 1 කොරින්ති 4:9න් ලබාගත්තේය. ක්‍රිස්තියානීන් දේවදූතයන්ට හා මිනිසුන්ට අපූර්ව ප්‍රදර්ශනයක් බව ඔහු අසා සිටි අයට මතක් කර දුන්නේය. “මෙය දැනසිටීම ක්‍රිස්තියානියෙකුගේ ජීවිත මාර්ගයේ වැදගත්කම බෙහෙවින් වැඩි කරවන අතර, විශේෂයෙන්ම එය එසේ වන්නේ තමා පවසන දේ සහ කරන දේ මගින්, බලා සිටින නොපෙනෙන මෙන්ම පෙනෙන අය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඔහුට හැකි බව ඔහු අවබෝධ කරගන්නා විටයි,” කියා ඔහු පැවසුවේය. “සියවන ගිලියඩ් පන්තියට අයත් ප්‍රිය සහෝදර සහෝදරියන් වන ඔබ සියලුදෙනාම, පොළොවේ නොයෙකුත් පැතිවලට යන විට මෙය මතකයේ තබාගැනීමට වටින යමක් බව මම විශ්වාස කරනවා.”
බැටළු ගුණැති අයට සත්‍යය ඉගෙනීමට උපකාර කරන අතරතුරේදී, “පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇ[ති]” වන බව මතක තබාගන්නා මෙන් සහෝදර ජෝන් බාර් ශිෂ්‍යයන් 48දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටියේය. (ලූක් 15:10) පළමුවන කොරින්ති 11:10ට යොමු දක්වමින්, දිව්‍යාණ්ඩු විධිවිධාන සම්බන්ධව කෙනෙකුගේ ආකල්පය අපට පෙනෙන්නාවූ සහෝදර සහෝදරියන්ට පමණක් නොව, නමුත් අපට නොපෙනෙන්නාවූ දේවදූතයන්ටද බලපාන බව ඔහු පෙන්නුම් කළේය. මෙම පුළුල් අදහස මනසේ තබාගැනීම කෙතරම් ප්‍රයෝජනවත්ද!
පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු මෙන්ම ගිලියඩ් පාසැලේ උපාධිධාරියෙකුද වූ ගෙරට් ලොෂ්, යෙහෝවඃවහන්සේ ‘ස්වකීය ජනයා වට කරගෙන සිටින’ බව පෙන්වීමට, ගීතාවලිය 125:1, 2; සෙකරියා 2:4, 5 සහ ගීතාවලිය 71:21 වැනි ශුද්ධ ලියවිලි පද සාකච්ඡා කළේය. උන්වහන්සේ ඔවුන්ට සෑම පැත්තකින්ම ආරක්ෂාව සපයනසේක. දෙවියන්වහන්සේ එවන් ආරක්ෂාව සපයනු ඇත්තේ මහත් පීඩාව අතරතුර කාලයේදී පමණක්ද? “නැත, මන්දයත් යෙහෝවඃවහන්සේ දැනටමත් ‘ගිනි පවුරක්’ වන අතර, ස්වකීය ජනතාවට ආරක්ෂාවක්යයි” කථිකයා පිළිතුරු සැපයුවේය. “වර්ෂ 1919 යුද්ධයෙන් පසු වසරේදී ලෝක ව්‍යාප්තව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස දේශනා කිරීමට ආත්මික ඉශ්රායෙලය දැඩි කැමැත්තකින් යුතුව සිටි බව දක්නට ලැබිණ. ඔවුහු ස්වර්ගයේ උපහැරණාත්මක යෙරුසලමේ නියෝජිතයෝ වූහ. කණ්ඩායමක් වශයෙන් මෙම නියෝජිතයන්ට අන්තිම කාලය තුළදී දිව්‍ය ආරක්ෂාව සපයන බවට යෙහෝවඃවහන්සේ සහතික කරනසේක. එසේනම් ඔවුන්ව බලපෑමෙන් යුක්තව නැවැත්විය හැක්කේ කාටද? කිසිවෙකුටවත් බැරිය.” මෙය ඔවුන්ටත්, දිව්‍ය කැමැත්ත කිරීමෙහිලා ඔවුන් සමඟ සමීපව ඇසුරු කරන්නාවූ සියලුදෙනාටත්, කෙතරම් දිරිගැන්වීමක් වනු ඇද්ද!
අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ සාමාජික යූලිසීස් ග්ලාස්, ‘යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ තමන්ට සුදුසු ස්ථානයක් හිමි කරගැනීමට’ පන්තියට දිරිගැන්වූයේය. සුදුසු ස්ථානයක් යනු, පුද්ගලයෙකුගේ හැකියාවන්ට හෝ චරිතයට විශේෂයෙන් ගැළපෙන තත්වයක් හෝ ක්‍රියාකාරිත්වයක් වේ. “මිෂනාරිවරුන් වීමට යන ඔබ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ ඔබගේ සුදුසු ස්ථානය සොයාගෙන ඇත,” යයි ඔහු ප්‍රකාශ කළේය. “එහෙත්, එය දැන් වටිනාකමින් වැඩි වුවත්, මෙය මිෂනාරිවරයෙකු ලෙස ඔබගේ ජීවිතයේ ආරම්භය පමණි.” තම හැකියාවන් හොඳින් පාවිච්චි කිරීමෙහිත්, යෙහෝවඃවහන්සේ සහ ස්වකීය සංවිධානය ඔවුන්ට දී තිබෙන විශේෂ පැවරුම්වලට අනුව හොඳින් සකස්වීමෙහිත් තමන්ව යෙදවීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත.
වැඩසටහනේ මෙම කොටසේ අවසාන කතාව බොලිවියාවේ වසර 17ක් සේවය කළ ගිලියඩ් පීඨයේ සාමාජිකයෙකු වූ වොලස් ලිවරන්ස් විසින් ඉදිරිපත් කරන ලදි. “ඔබ දෙවියන්වහන්සේව පරීක්ෂා කරන්නෙහිද?” කියා ඔහු ශිෂ්‍ය මණ්ඩලයෙන් විමසීය. ඔවුන් එය කළ යුත්තේ කෙසේද? ඉශ්රායෙල් ජාතිය යෙහෝවඃවහන්සේව පරීක්ෂාවට ලක් කළේ සාවධ්‍ය ආකාරයකටය. (ද්විතීය කථාව 6:16) “මැසිවිලි කීම හෝ කෙඳිරි ගෑම හෝ සමහරවිට උන්වහන්සේ කාරණා හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විශ්වාසයේ ඌනතාවක් පෙන්වීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නොවේ,” යයි කථිකයා ප්‍රකාශ කළේය. “ඔබ ඔබගේ නව පැවරුමට යන විට, එම නැඹුරුවාවෙන් වැළකී සිටින්න,” කියා ඔහු උදක්ම ඉල්ලා සිටියේය. එසේනම්, දෙවියන්වහන්සේව පරීක්ෂා කිරීම සඳහා ඇති සුදුසු ක්‍රමය කුමක්ද? “උන්වහන්සේව විශ්වාස කිරීම, උන්වහන්සේ පවසන ආකාරයටම දේවල් කිරීම සහ පසුව, ප්‍රතිඵලය උන්වහන්සේගේ හස්තයට භාර කිරීම” යයි සහෝදර ලිවරන්ස් පැහැදිලි කළේය. මලාකි 3:10හි දක්නට ලැබෙන පරිදි, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට මෙසේ ආරාධනා කරනසේක: “මා සෝදිසිකර බලාපල්ලා.” ඔවුන් විශ්වසනීයව තම දසයෙන් කොටස දේවමාළිගාවේ ගබඩා ගෙට ගෙන ආවේ නම්, උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරන බවට පොරොන්දු වූසේක. “ඔබගේ මිෂනාරි පැවරුම ඊට සමාන ආකාරයකින් සලකන්නේ නැත්තේ ඇයි?” කියා කථිකයා ඔවුන්ගෙන් ඇසුවේය. “ඔබ එහි සාර්ථක වීම යෙහෝවඃවහන්සේට වුවමනාය, එනිසා උන්වහන්සේව පරීක්ෂා කරන්න. ඔබගේ පැවරුමේ රැඳී සිටින්න. ඔබ විසින් කළ යුතු බවට උන්වහන්සේ අපේක්ෂා කරන සකස්වීම් කරන්න. විඳදරාගන්න. උන්වහන්සේ ඔබට ආශීර්වාද නොකරන්නේදැයි බලන්න.” යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටින්නාවූ සියල්ලන්ටම කෙතරම් කදිම අවවාදයක්ද!
ගීතිකාවකින් පසුව අනුශාසනා වැඩසටහන සතුට දනවන අද්දැකීම් මාලාවක් බවට වෙනස් විය.
ක්ෂේත්රයෙන් ප්‍රායෝගික ප්‍රකාශයන්
ගිලියඩ් පීඨයේ නව සාමාජිකයෙකු වන මාර්ක් නූමාර්, පාසැලට සහභාගි වූ කාලය තුළදී ඔවුන් ක්ෂේත්රයේ ලැබූ අද්දැකීම් විස්තර කිරීමට ශිෂ්‍යයන්ට ආරාධනා කළේය. දේවසේවයේදී මූලික පියවර ගැනීමේ ඇති වටිනාකම ඉන් විශේෂ කොට දක්වනු ලැබූ අතර, සභාවට පාවිච්චි කළ හැකි ප්‍රායෝගික අදහස්ද ඉදිරිපත් විය.
ඔවුන්ගේ පාසැල් වාරය අතරතුරේදී පැටර්සන් අධ්‍යාපන ආයතනයෙහි විශේෂ පුහුණුවක් ලබමින් සිටි, රටවල් 42ක ශාඛා කමිටු සාමාජිකයන් සමඟ ආශ්‍රය කිරීමට ලැබීමෙන් මෙම ගිලියඩ් පන්තියට සහභාගි වූ ශිෂ්‍යයෝ විශේෂයෙන් ප්‍රයෝජන ලැබූහ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් වසර ගණනාවකට පෙර ගිලියඩ්හි උපාධි ලැබූ අය වූහ. වැඩසටහනේ, 3වන, 5වන, 51වන සහ 92වන පන්තිවල මෙන්ම ජර්මනියේ ගිලියඩ් විස්තාරණ පාසැලේ නියෝජිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලදි. ඔවුන්ගේ අදහස් කෙතරම් ප්‍රයෝජනවත් වීද!
තම පැවරුම්වලදී යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නාවූ අයගේ සංඛ්‍යාව අතළොස්සක සිට දසදහස් ගණන් දක්වා වැඩි වන අයුරු දකින විට මිෂනාරිවරුන්ට හැඟුණු ආකාරය ඔවුහු විස්තර කළහ. ඇන්ඩීස් කඳුවල තැනින් තැන පිහිටි නිවෙස්වලට සහ ඇමසන් ගංගාවේ මව් දියතු අසල පිහිටි ගම්වලට ශුභාරංචිය රැගෙන යෑමෙහි ඔවුන් සහභාගි වූ ආකාරය ගැන ඔවුහු පැවසූහ. අකුරු නොදත් ජනයාට සාක්ෂිදැරීම සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළෝය. අලුත් භාෂා ඉගෙනගැනීමට වූ තමන්ගේම සටන සම්බන්ධයෙන් හා චීන වැනි භාෂාවකින් සාක්ෂිදැරීමටත් කතා ඉදිරිපත් කිරීමටත් කොතරම් කාලයක් ගත වේද යන්න පිළිබඳව උපාධිධාරීන්ට යථාර්ථවාදීව අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධවත් ඔවුහු පැවසුවෝය. ස්පාඤ්ඤ සහ චීන භාෂාවලින් ඔවුහු නිරූපණ පවා ඉදිරිපත් කළෝය. භාෂාව පමණක් නොව, නමුත් ජනයාගේ සිතීමේ ක්රමයද ඉගෙනගන්නා විට, මිෂනාරිවරුන් වඩාත් බලපෑමෙන් යුක්ත වන බව ඔවුහු අවධාරණය කළහ. දුප්පත් රටවල බොහෝවිට දක්නට ලැබෙන දුෂ්කර ජීවන තත්වයන් පිළිබඳව ඔවුහු පැවසූ අතර, මෙසේ ප්‍රකාශ කළෝය: “මෙම තත්වය බොහෝවිට, ආත්මාර්ථය පිණිස යොදාගනු ලැබීමෙන් හටගෙන තිබෙන බව මිෂනාරිවරුන් අවබෝධ කරගත යුතුය. එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි ජනතාව කෙරෙහි යේසුස්වහන්සේට අනුකම්පාවක් හැඟුණාක් මෙන් මිෂනාරිවරයෙකුටත් හැඟෙනවා නම්, ඔහුට තම උපරිමය කළ හැක.”
ගීතිකාවකින් පසු පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඒ. ඩී. ෂ්රෝඩර් විසින් ඉදිරිපත් කරනු ලැබූ කතාවකින් වැඩසටහන දිගටම පැවතිණ. වර්ෂ 1943දී ගිලියඩ් පාසැල ආරම්භ වූ විට, එහි මුල් උපදේශකවරුන්ගෙන් කෙනෙකු වීමට ඔහු වරප්‍රසාද ලැබීය. වැඩසටහනට උචිත අවසානයක් ලෙස, “පරමාධිපති ස්වාමීන් ලෙස යෙහෝවඃවහන්සේව නැමදීම” නමැති විෂය ඔහු සාකච්ඡා කළේය. ගීතාවලියේ 24වන පරිච්ඡේදය මත පදනම් සහෝදර ෂ්රෝඩර්ගේ සිත් ඇදගන්නා සාකච්ඡාවෙන්, පරමාධිපති ස්වාමීන් ලෙස යෙහෝවඃවහන්සේට නැමදීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද යන්න පැමිණ සිටි සියලුදෙනාගේම සිතට කාවැදිණ.
ඩිප්ලොමා ප්රදානය කිරීමෙන් හා අවසාන ගීතිකාවකින් පසුව, පාලක මණ්ඩලයේ කාල් ක්ලයින් හෘදයාංගම යාච්ඤාවකින් අවසන් කළේය. එය කෙතරම් ප්‍රායෝගික සහ ආත්මිකව ප්‍රබෝධවත් කරවන වැඩසටහනක් වූවාද!
උපාධි ප්‍රදානයෙන් දින කිහිපයකට පසුව, 100වන පන්තියේ සාමාජිකයෝ 48දෙනා මිෂනාරි පැවරුම් සඳහා රටවල් 17කට පිටත්ව යෑමට පටන්ගත්හ. එහෙත් ඔවුන් හුදෙක් තම දේවසේවය ආරම්භ කරමින් සිටියා නොවේ. ඔවුන්ට ඒ වන විටත් පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේවසේවයෙහි ස්ථිර වාර්තාවක් තිබිණ. ගිලියඩ් පාසැලට ඇතුළත් කරනු ලැබූ විට, ඔවුන්ගේ වයසේ සාමාන්‍යය අවුරුදු 33ක් වූ අතර, ඔවුන් පූර්ණ කාලීන සේවය සඳහා අවුරුදු 12කට වැඩියෙන් කැප කර තිබිණ. ඔවුන්ගෙන් සමහරෙක් වොච් ටවර් සමිතියේ ලෝක ව්‍යාප්ත බෙතෙල් පවුලේ සාමාජිකයන් ලෙස සේවය කළාවූ අය වූහ. වෙනත් අය සංචාරක අවේක්ෂකයන් ලෙස සේවය කර තිබුණාහ. ශිෂ්‍යයන්ගෙන් කිහිපදෙනෙක් එවිටමත් යම් ආකාරයක විදේශ සේවයේ සහභාගි වී තිබුණාහ—එනම් අප්‍රිකාව, යුරෝපය, දකුණු අමෙරිකාව, දූපත් සහ ඔවුන්ගේ මව් රටවල විදේශ භාෂා කතා කරන කණ්ඩායම් අතර ඔවුහු එසේ කර තිබුණාහ. එහෙත් ‘ලෝකයේ අපව අවශ්‍ය ඕනෑම තැනක අපි සේවය කරනවා’ යයි පැවසීමට ඉමහත් ප්‍රීතියක් දක්වා තිබෙන වෙනත් බොහෝ මිෂනාරිවරුන් සමඟ ඔවුහු දැන් එක් වෙති. යෙහෝවඃවහන්සේව වර්ණනා කිරීමට තම ජීවිත යොදාගැනීම ඔවුන්ගේ හෘදයාංගම කැමැත්ත වේ.
[27වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත:
නියෝජිත රටවල් සංඛ්‍යාව: 8
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 17
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
වයස් සාමාන්‍යය: 33.75
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 17.31
පූර්ණ-කාලීන සේවයේ සිටි අවුරුදු සාමාන්‍යය: 12.06
[26වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 100වන උපාධිලාභී පන්තිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) ෂර්ලි, එම්.; ගෘන්ඩ්ස්ට්රෝම්, එම්.; ජෙනාර්ඩිනි, ඩී.; ජයිමෝ, ජේ.; ෂාඩ්, ඩබ්.; ෆැර්, පී.; බුක්හානන්, සී.; රොබින්සන්, ඩී. (2) පයින්, සී.; ක්රාවුස්, බී.; රැසිකොට්, ටී.; හාන්සන්, ඒ.; බීට්ස්, ටී.; බර්ග්, ජේ.; ගාර්සීයා, එන්.; ෆ්ලෙමිං, කේ. (3) විනරි, එල්.; විනරි, එල්.; හාර්ප්ස්, සී.; ජයිමෝ, සී.; බර්ග්, ටී.; මෑන්, සී.; බෙරීයස්, වී.; ෆයිෆර්, සී. (4) රැන්ඩ්ල්, එල්.; ජෙනාර්ඩිනි, එස්.; ක්රාවුස්, එච්.; ෆ්ලෙමිං, ආර්.; ඩාබාඩී, එස්.; ෂර්ලි, ටී.; ස්ටීවන්සන්, ජී.; බුක්හානන්, බී. (5) රොබින්සන්, ටී.; ගාර්සීයා, ජේ.; හාර්ප්ස්, පී.; රැසිකොට්, ඩී.; ඩාබාඩී, එෆ්.; ෆැර්, එම්.; ස්ටීවන්සන්, ජී.; ෂාඩ්, ඩී. (6) බීට්ස්, එල්.; ෆයිෆර්, ඒ.; බර්යොස්, එම්.; පයින්, ජේ.; මෑන්, එල්.; රැන්ඩ්ල්, පී.; ගෘන්ඩ්ස්ට්රෝම්, ජේ.; හාන්සන්, ජී.