1996 “දේවසමාදානයේ දූතයෝ” සමුළුව
පුරාණ කාලයේදී යෙහෝවඃවහන්සේගේ ජනයා වාර්ෂිකව ප්රධාන උත්සව තුනක් පැවැත්වූහ. බොහෝදුරට ඊට සමාන ලෙසින්, නවීන දින යෙහෝවඃවහන්සේගේ නාමය දරන ජනතාව උත්සව අවස්ථා සඳහා වසරකට තුන් වතාවක් රැස් වෙති. එක්දින විශේෂ එක්රැස්වීම, දෙදින චාරිකා එක්රැස්වීම සහ තුන්දින හෝ සිව්දින දිස්ත්රික් සමුළුව සඳහා රැස්වීමෙන් ඔවුහු සතුටක් ලබති. “දේවසමාදානයේ දූතයෝ” යනු මෙම වසරේ දිස්ත්රික් සමුළුවේ තේමාවයි.
එම තේමාව කෙතරම් ගැළපේද! අපගේ දෙවි වන යෙහෝවඃවහන්සේ “සමාදානයේ දෙවියන්වහන්සේ[ය],” එසේය, “සමාදානය දෙන දෙවියන්වහන්සේය.” අපගේ නායකයාණන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේ, “සමාදානයේ කුමාරයාය,” තවද යෙහෝවඃවහන්සේගේ සේවකයන් ගෙනෙන පණිවුඩය දේවසමාදානයේ පණිවුඩයකි. (පිලිප්පි 4:9; රෝම 15:33, NW; යෙසායා 9:6; නාහුම් 1:5) සියල්ලන්ටම දේවසමාදානයේ වැදගත්කම පූර්ණ ලෙසින් අගය කිරීමට උපකාරවත් වන කදිම සමුළු වැඩසටහනක් පිළියෙළ කොට තිබේ.
මෙම වසරේදී එක්සත් ජනපදයේ පමණක් සමුළු 198ක් පැවැත්වේ. සමහරවිට, ඔබ පදිංචි ප්රදේශයට නුදුරින් සමුළුවක් පැවැත්වීමට ඉඩ ඇත. නිශ්චිතවම එය පවත්වනු ලබන්නේ කවදාද සහ කොතැනද යන්න ඔබගේ අසල්වැසි ප්රදේශයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගෙන, එහි යෑමට සැලසුම් නොකරන්නේ මන්ද? සැබෑ, කල්පවතින සමාදානය ගැන උනන්දු වන සියල්ලන්වම උණුසුම්ව පිළිගනු ලැබේ.