“එය යෙහෝවඃවහන්සේගේ කාර්යයක්”
මෙක්සිකෝවේ මොන්ටරේ නගරයේ ප්රවෘත්ති පත්‍රයක් වන එල් නොර්ටේ පත්‍රයේ එක් ලිපියක තේමාව වූයේ එයයි. ලිපිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නව සමුළු ශාලාව පිළිබඳවය.
මොන්ටරේ නගරය මෙක්සිකෝවේ උතුරු කොටසේ පිහිටි 23,00,000ක ජනගහනයකින් යුත් (උප නගර ඇතුළුව) නගරයක් වන අතර, එහි රාජ්‍ය ප්‍රචාරකයෝ 19,200ක් සිටිති. වසර එකහමාරකින් පමණ, සුව පහසු පුටු 3,000ක් සහිත වායු සමීකරණය කරන ලද අලංකාර මෙන්ම ප්‍රායෝගික සමුළු ශාලාවක් ගොඩනැඟීමට සාක්ෂිකරුවෝ ඔවුනොවුන් එක්ව උත්සාහ කළෝය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් කැප කිරීමේ කතාව ඉදිරිපත් කළ විට, ප්‍රාදේශීය සාක්ෂිකරුවෝ සතුටට පත් වූහ. වැඩසටහනට මොන්ටරේහි සේවය පිළිබඳ ඉතිහාසය ලුහුඬින් දැක්වීම සහ ඉදි කිරීමේ කටයුතුවලට සහභාගි වූ අය සමඟ සම්මුඛ සාකච්ඡාවන් ඇතුළත් විය. රැස්වීමට පැමිණි 4,500දෙනා කැප කිරීමේ කතාව භුක්තිවින්දෝය.
මෙය මෙක්සිකෝවේ මෑතකදී ඉදි කරන ලද තෙවන සමුළු ශාලාව වන අතර, “ඉතා විශාල මෙන්ම වඩාත් හොඳ රාජ්‍ය ශාලා සහ සමුළු ශාලා” ව්‍යාපෘතියක් ලෙස එය විස්තර කර තිබේ.
මෙක්සිකෝවේ, ප්‍රචාරකයන් 4,43,000කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, 1995දී සිහිකිරීමේ උත්සවයට 14,92,500ක් පැමිණ සිටියෝය, තවද මොන්ටරේහි තිබෙන්නාක් මෙන් නව සමුළු ශාලා නිශ්චිතවම දිව්‍ය අරමුණ ඉටු කරයි.