ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 12/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ හදිසිතාවේ හැඟීම රැකගන්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 12/15 30 පි.

ඔබට මතකද?

ඔබ මෑත මුරටැඹ කලාප වෙත පරෙස්සමින් සිත යොමු කර තිබේද? මතු සඳහන් දේ යළි සිහියට නැඟීම සිත්ගන්නා බව ඔබට දැනිය හැක:

◻ මතෙව් 11:28හි යේසුස්වහන්සේගේ ආරාධනයට එකඟව යමෙකු ‘උන්වහන්සේ වෙතට පැමිණෙන්නේ’ කෙසේද?

යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ [වධ කණුව, NW] රැගෙන, මා අනුව [දිගටම, NW] ඒවා.” (මතෙව් 16:24) මෙබැවින්, යේසුස්වහන්සේ වෙතට පැමිණීම යනුවෙන් අඟවන්නේ, යමෙකු තම කැමැත්ත දෙවියන්වහන්සේගේ සහ ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්තට යටත් කොට, වගකීම්වල එක්තරා බරක් භාරගෙන, දිගටම ඒවා දරාගෙන ඉදිරියට යෑමය.—8/15, 17 පිටුව.

◻ යේසුස්වහන්සේ මතෙව් 7:13, 14හි සඳහන් කළ ‘ජීවනයට මඟ පෙන්වන පටු මාර්ගය’ “ස්වල්ප දෙනෙකුට” පමණක් සම්බවන්නේ මන්ද?

පටු මාර්ගය දෙවියන්වහන්සේගේ නීති හා ප්‍රතිපත්ති මගින් සීමා වී තිබේ. මෙබැවින්, එය සිත්ගනු ඇත්තේ දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට සිය ජීවිතය එකඟ කිරීමට අවංකවම ආශාවක් දක්වන කෙනෙකුට පමණි. සීමා සහිත බව පෙනෙන්ට තිබුණත්, ‘පටු පාර’ සෑම වැදගත් පැත්තකින්ම කෙනෙකුට නිදහස පිරිනමයි. එහි සීමා තබා තිබෙන්නේ “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව” මගිනි. (යාකොබ් 1:25)—9/1, 5 පිටුව.

◻ විචාර බුද්ධිය වගා කළ හැක්කේ කෙසේද?

විචාර බුද්ධිය පහසුවෙන්ම හෝ ස්වභාවයෙන්ම පැමිණෙන්නේ නැත. එහෙත් ඉවසීමෙන්, යාච්ඤාවෙන්, අවංක වෑයමෙන්, ඥානවන්ත ඇසුරෙන්, බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ඒ මත මෙනෙහි කිරීමෙන්, එමෙන්ම යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය මත රඳා සිටීමෙන්, විචාර බුද්ධිය වගා කළ හැක.—9/1, 21 පිටුව.

◻ මිනිස් ඊර්ෂ්‍යාව යහපත සඳහා බලපෑමක් විය හැක්කේ කෙසේද?

තමන් ප්‍රේම කරන කෙනෙකුව නරක බලපෑමකින් ආරක්ෂා කරගැනීම සඳහා එය පුද්ගලයෙකුව පොලඹවන්ට පුළුවන. එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව නිසි අන්දමින් පෙන්නුම් කිරීමට මිනිසුන්ට හැකිය. (1 රාජාවලිය 19:10)—9/15, 8, 9 පිටු.

◻ “[ඔවුහු] යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය” යන යෝසෙප්ගේ මුනුපුරන් සම්බන්ධයෙන් උත්පත්ති 50:23හි ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?

යෝසෙප් එම දරුවන්ව තම ජනිතයන් ලෙස පිළිගත් බව මින් අදහස් කළ හැක. ඔහු දරුවන් සමඟ ස්නේහවන්ත ලෙස සෙල්ලම් කළ බවටත්, සිය දණහිස් මත තබාගෙන ඔවුන්ව සුරතල් කළ බවටත් ඉන් ඇඟවිය හැක. අදදින පියවරුන්ද තම දරුවන්ට එවැනිම ස්නේහයක් දැක්වීම යෙහෙකි.—9/15, 20, 21 පිටු.

◻ සාර්ථක විවාහයක් හා පවුල් ජීවිතයක් සඳහා ඉතා වැදගත් දෙය කුමක්ද?

එවන් ඵලදායී ප්‍රතිඵල අත් කරගැනීමට, විවාහ සහකරුවන් සැමවිටම දෙවියන්වහන්සේගේ කැමැත්ත පළමු තැනට තැබිය යුතුය. එසේ කරන විට, විවාහක යුවළයන් එකට බැඳී සිටීමට උත්සාහ කරනු ඇති අතර, දෙවියන්වහන්සේගේ වචනයේ උපදෙස් අදාළ කිරීම මගින් ඔවුන්ගේ ගැටලු විසඳගන්නවා ඇත. මෙසේ උන්වහන්සේගේ කැමැත්ත නොසලකා හරිනු ලබන විට, ප්‍රතිඵල වන සෑම ආකාරයකම හෘද වේදනාවලින් ඔවුන් වැළකෙනු ඇත. (ගීතාවලිය 19:7-11)—10/1, 11 පිටුව.

◻ දේව හදිසිතාවේ හැඟීමක් අදදින කෙතරම් වැදගත්ද?

දේව හදිසිතාවේ හැඟීමක් යෙහෝවඃවහන්සේට කරන ආත්ම-පූර්ණ සේවයේ අනිවාර්ය කොටසක් වේ. දෙවියන්වහන්සේගේ සේවකයන්ට ‘ඔවුන්ගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස’ වීමට යක්ෂයා ගන්නා ප්‍රයත්න වැළැක්වීමටත්, ඒවාට බාධා පැමිණවීමටත් එය උපකාරවත් වේ. (හෙබ්‍රෙව් 12:3) ලෝකය සමඟ වුවමනාවට වඩා සම්බන්ධ වීමෙන් සහ එහි කූට ද්‍රව්‍යවාදයෙන් ඔවුන්ව ආරක්ෂා කරමින් එය ඔවුන්ගේ මනස “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” වන උසස් දේවල් මත තබයි. (1 තිමෝති 6:19)—10/1, 28 පිටුව.

◻ බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ, යේසුස්වහන්සේ සිය සිංහාසනයේ වාඩිවන්නේ කවදාද, එමෙන්ම මන්ද? (මතෙව් 25:31-33)

උන්වහන්සේ රජ කෙනෙකු බවට පත්වීමේ අදහසින් වාඩි වී සිටින බවක් උපමාව පෙන්නුම් නොකරයි. ඊට වෙනස්ව, උන්වහන්සේ විනිශ්චයකරුවාණන් ලෙස වාඩි වනසේක. එම විනිශ්චය බොහෝ වසර ගණන් පුරා පවතින දීර්ඝ කාලපරිච්ඡේදයක් නොවනු ඇත. ඒ වෙනුවට, යේසුස්වහන්සේ සීමිත කාලයක් තුළ ජාතීන්ට විරුද්ධව යුක්තිය ප්‍රකාශ කොට, එය ඉටු කරන අනාගතයට එම උපමාව යොමු දක්වයි.—10/15, 22, 23 පිටු.

◻ යේසුස්වහන්සේ නිතර නිතර යොමු දැක්වූ “පරම්පරාව” කුමක්ද?

යුදෙව් කොටසක් වූ ‘අන්ධ මඟ පෙන්වන්නන්’ සමඟ එවකට විසූ සමූහයන්ට යේසුස්වහන්සේ “මේ පරම්පරාව” යන යෙදුම අදාළ කළසේක. (මතෙව් 11:16; 15:14; 24:34)—11/1, 14 පිටුව.

◻ මතෙව් 24:34-39හි යේසුස්වහන්සේගේ අනාවැකියේ අවසාන ඉටුවීමේදී, “මේ පරම්පරාව” යන ප්‍රකාශයෙන් යොමු දක්වා තිබෙන්නේ කුමකටද?

පෙනෙන විදිහට යේසුස්වහන්සේ යොමු දක්වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණ දකින මුත්, තමන්ගේ මාර්ග වෙනස් කරගැනීමට අසමත් වන පොළොවේ ජනයාටය.—11/1, 19, 31 පිටු.

◻ සීමා තහංචිවලින් සමන්විත ආරක්ෂා නුවරවල් ආශ්‍රිත විධිවිධානය පුරාණ ඉශ්‍රායෙල්හි ජනතාවට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?

මිනිස් ජීවිතය ගැන ඔවුන් නොසැලකිලිමත් නැතහොත් උදාසීන නොවිය යුතු බව එමගින් ඉශ්‍රායෙල්වරුන්ට කාවද්දනු ලැබීය. එමෙන්ම, දයාව පෙන්විය යුතු අවස්ථාවලදී එය පෙන්වීමට ඇති අවශ්‍යතාවද ඉන් අවධාරණය කෙරිණ. (යාකොබ් 2:13)—11/15, 14 පිටුව.

◻ ප්‍රතිරූපික ආරක්ෂා නුවර කුමක්ද?

මෙය රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ දෙවියන්වහන්සේගේ ආඥාව උල්ලංගනය කිරීම හේතුවෙන් අපට හිමි විය යුතු මරණයෙන්, අපව ආරක්ෂා කිරීමට වූ උන්වහන්සේගේ සැපයුම වේ. (උත්පත්ති 9:6)—11/15, 17 පිටුව.

◻ ‘ශක්තිය අලුත් කරගැනීමට’ ක්‍රිස්තියානි සහෝදරත්වය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද? (යෙසායා 40:31)

ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් අතර, එවැනිම පීඩන හෝ පරීක්ෂාවලට මුහුණ දෙන, එමෙන්ම අපේ හැඟීම්වලට බෙහෙවින් සමාන හැඟීම් අද්දකිනවා විය හැකි සමහරු සිටිති. (1 පේතෘස් 5:9) අප අද්දකින දේ දුර්ලභ යමක් නොවන බවත්, අපේ හැඟීම් අසාමාන්‍ය නොවන බවත් දැනසිටීම දිරිගන්වනසුලුය, එමෙන්ම ඇදහිල්ල ශක්තිමත් කරයි.—12/1, 15, 16 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න