ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/15 32 පි.
  • ඔවුන් එය කළේ ප්‍රේමය නිසා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුන් එය කළේ ප්‍රේමය නිසා
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/15 32 පි.

ඔවුන් එය කළේ ප්‍රේමය නිසා

කැනඩාවේ ඇදහිලිවන්ත, සංග්‍රහශීලී වැන්දඹුවක්, යෞවන දියණියන් හතරදෙනෙකු සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් හදා වඩාගනිමින් සිටියාය. ඇගේ නිවසට විශාල ලෙස අලුත්වැඩියා කිරීම් අවශ්‍යව තිබෙන බව සභාවේ වැඩිමහල්ලෝ දුටහ. ඇයටම එම වැඩ කොටස කරගැනීමට ඇයට මුදල්වත් දක්ෂතාවවත් නොතිබිණ. එබැවින් 1 තිමෝති 5:9, 10හි දක්වා තිබෙන ප්‍රතිපත්තියට අනුව, වැඩිමහල්ලෝ ඇගේ වැඩ කොටස කර දීමට නුවණක්කාර ලෙස කටයුතු පිළියෙළ කළහ. කෙසේද?

වැන්දඹුව සහ ඇගේ දරුවන් හතරදෙනාට දින පහකට නිවසෙන් පිටව සිටීමට සැලසුම් යොදන ලදි. ද්‍රව්‍ය, මුදල් හා කාලය පරිත්‍යාග කරමින් සභාවේ 80කට වඩා වැඩි සංඛ්‍යාවක් සිය හෘදයාංගම සහයෝගය දුන්හ. එම පවුල පිටව යෑමෙන් මොහොතකට පසු, උද්‍යෝගවත් සේවකයෝ හරියට මීමැසි රංචුවක් මෙන් පැමිණ එක්රොක් වූහ. නිවසේ මුළු පිටත කොටස අලුත්වැඩියා කරනු ලැබීය. බිත්තිවල කැඩුණු බිඳුණු තැන් අලුත්වැඩියා කර පින්තාරු කරනු ලැබීය. බිම යළි සකස් කරනු ලැබීය. අලුත් බිම් ගඩොල් සහ අතුරණය සවි කරන ලදි. අවශ්‍ය සියලු විද්‍යුත් උපකරණ ප්‍රයෝජන ගත හැකි ආකාරයට සකස් කරනු ලැබීය. පරණ වූ ලීබඩු වෙනුවට අලුත් ඒවා පවා ගෙනෙනු ලැබීය. දින පහකින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කරනු ලැබීය!

උද්‍යෝගී වාතාවරණය හා ක්‍රියාකලාපය අසල්වැසියන්ගේ කතා බහට සෑහෙන දුරට ලක්විය. සාක්ෂිකරුවන්ගේ වෑයම් මගින් 80-වියැති අසල්වැසියෙක් කෙතරම් පෙලඹුණාද කිවහොත්, ඔහු සිය පින්තාරු බුරුසුව රැගෙන විත්, උපකාර කරන්නම අවශ්‍ය බවට බල කර ඉල්ලා සිටියේය. එක් ස්වේච්ඡා සේවකයෙකුගේ ස්වාමියා, මුළුතැන්ගෙයෙහි උදුන සඳහා සංවාතන පියස්ස දුන්නේය. තවත් ස්වාමියෙක් මුළුතැන්ගෙය සඳහා රාක්ක සහිත අල්මාරි පරිත්‍යාග කළේය. එක් තැනැත්තෙකුගේ සිතට කෙතරම් කාවැදුණාද කිවහොත්, ඔහුට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන වඩාත් දැනගැනීමට වුවමනා විය. ඔහු බලවත් ආශාවකින් පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන ප්‍රකාශනය පිළිගත්තේය.

වැන්දඹුව සහ ඇගේ දියණියන් යළි පැමිණි විට ඔවුන්ගේ මුහුණුවල මුළුමනින්ම පුදුමයට පත්වූ බවක් ලියවී තිබිණ. එය කඳුළෙන්, සිනහවෙන් හා වැලඳගැනීම්වලින් පිරි, ක්‍රිස්තියානි ප්‍රේමයේ හා චිත්තවේග පළ කිරීමේ අමතක කළ නොහැකි මොහොතක් විය. ඇත්තෙන්ම, අවශ්‍යතා ඇති සභා සාමාජිකයන් සඳහා අව්‍යාජ ප්‍රේමය හා සැලකිල්ල සැබෑ ක්‍රිස්තු ධර්මයේ සලකුණකි, මන්ද පාවුල් මෙසේ ලීවේය: “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.”—ගලාති 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න